Tuesday, June 9, 2015

ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද



ගත්තෙ මෙතනින් http://insightsandknowledge.blogspot...og-post_7.html

හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්.

ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන තිබුණා මගේ අම්මා. අම්මා මාව ගිහින් දැම්මා අම්මාගේ හොඳම යෙහෙළියක ළඟට. අම්මගේ මේ යෙහෙළිය තමන්ගේ පාඩුවේ ගෙදර වැඩක් කරගෙන හිටිය බර්ගර් ජාතික ගෘහණියක්. මගේ ඉංග්‍රීසි භාෂාව ඔපමට්ටම් කරලා හදන වැඩේ ඇය අම්මාගෙයි ඇයගෙයි මිත්‍රත්වය වෙනුවෙන් බාරගත්තා. ඇය මට ඉංග්‍රීසි දියකරලා පෙව්වේ නැති ටික විතරයි. හැම සතියකම දවස් දෙකක් ඒ බර්ගර් ගුරුවරියගේ ගෙදර මං වෙනුවෙන් අනිවාර්ය උපකාරක පන්ති. කිසියම්ම හෝ හේතුවක් නිසා යම් දවසක පන්තියට සහභාගි වෙන්න නොහැකිනම් නොපැමිණෙන වග දන්වලා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියලා වැඩිහිටියෙකුගේ අත ඒක ඇයට යවන්න ඕන. එහෙම යැව්වාම මගේ ගුරුතුමිය ඒක බලලා, රතු පෑනකින් හරි වැරදි ලකුණු කරලා, සතුටුදායක තරම් නිවැරදිව ලිපිය ලියලා තියෙනවනම් මම ඒ දවස්වල දකින්න ආසම කරපු Very good එකකුත් දාලා අර වැඩිහිටියාගේ අතේම ආපහු මට එවනවා.

අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැණ්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන.

අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය.

එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically.

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක.

Lipogram කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. එ් වචනයේ අර්ථය කිසියම් නිශ්චිත අකුරක් හෝ අකුරු කිහිපයක් නොයෙදෙන විදියට ලියූ වාක්‍ය/ජේදය කියන එක. අපි දැන් දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අක්ෂරය E කියලා. පුලුවන්ද E අකුර යොදාගන්නේ නැතිව වාක්‍යයක් හදන්න?

ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද. එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්.


Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න?

බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනේ උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පේනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද ?

ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්.

කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා.

ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය) Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's (විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.

ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය. අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.

රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙන Ius කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesus කියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේ Y හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේ Iu, Ie, Ya විදියට.

එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය (Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිස් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්.

තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුන‍ෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස.

නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ.

දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tong twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව.
Peter Piper picked a peck of pickled peppers.
How many peck of pickled peppers did Peter Piper pick?
If Peter Piper picked a peck of pickled peppers,
Where's the peck of pickled peppers Peter Piper picked?

හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක.

sixth sick sheik’s sixth sheep’s sick.

කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tong twister එක.

ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tale light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation).

අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා.
Twinkle, twinkle, little star How I wonder what you are!
Up above the world so high Like a diamond in the sky.

මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරක කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.

When the blazing sun is gone When he nothing shines upon,
Then you show your little light Twinkle, twinkle, all the night.

Then the traveler in the dark Thanks you for your tiny sparks;
He could not see which way to go If you did not twinkle so.

In the dark blue sky you keep And often through my curtains peep
For you never shut your eye Till the sun is in the sky.

As your bright and tiny spark Lights the traveler in the dark,
Though I know not what you are Twinkle, twinkle, little star.

මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි.

ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා හව් අයි වොන්ඩ වට්ටූආ
අප්අ බවුද වල්සෝ හයි ලයික ඩයමන් ඉන්දස්කයි

මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.

ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල් ස්ටා
අවුවයි වන්ඩ වට්යූ වට්යූ ආ
අප්පේ බව්දා බව්දා වෝල්සෝ හා
ලයිකේ ලයිමා ලයිමා ඉන්දස් කා

හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන.

ඉංග්‍රීසි භාෂාවේ මිලියන ගණනක් වචන අතරෙන් මම කැමතිම වචනයක් තියෙනවා. හොරේෂියෝ වෝල්පෝල් (Horatio Wolpole) කියන ඉංග්‍රීසි ඉතිහාසඥයා තමයි මේ වචනය 1754 වර්ෂයේදී පළමු වතාවට භාවිතා කළා කියලා සැලකෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනය, ඒකට ගැලපෙනවා කියලා හිතුන ඡායාරූපයකුත් එක්ක. 


Sunday, June 7, 2015

වල්ලපට්ටා සොයා ගියෙමි

වල්ලපට්ටා සොයා ගියෙමි

මේ දවස් වල ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි ඉතින් වල්ලාපට්ටා ගැන.
ඉතින් ඒක නිසාම තමයි මේ තෙර්ඩ් එක ලියන්න හිතුනෙ ඕං.
අපි කවුරුත් නොදකින පාරසරික විනාශයක්  මේක නිසා වෙලා තියනවා.
මම මේ සඳහා පාදක කර ගත්තේ  සිංහරාජය ආශ්‍රිතව කළ ගවේෂණයක්  මගින්


මෙන්න මේකයි කතාව


මේ තියෙන්නේ වල්ලාපට්ටා ශාකය.
මේ පොටෝ එකත් ගත්තේ  කැලේ ටිකක් ඇවිද්දට පස්සේ
ඔහොම ටිකක් ඇවිදිමින් කැලේ ඇතුල්ට ගියා කියමුකෝ





.
ඔය තියෙන්නේ ගස් කපලා දමලා තියන හැටි.
හදවත් කම්පා කරවන අහෝ විනාශයයක මහත.
දකින දකින හැම පැත්තෙම ගස් කපලා දමලා. ඒවා තමයි මේ


                                                                                                                                              
මේ තව ගසක්

මට නිසැකයෙන් කියන්න පුලුවන්  අපේ රටේ සිංහරාජය හා ඒ අවට ඇති වනාන්තර සියල්ලෙම තත්ත්වය මේක තමයි,
මේ වනවිට රක්ශිත ආශ්‍රිත සියලුම වල්ලා ශාක විනාශ කර අවසන්. 
මම එහෙම කියන්නෙ  වගකීමෙන් වන අතර  මා හා ඊට සාදක  පවතී.

මේ විදියට කොට කපලා පහත දැක්වෙන ආකරයට පලල තමයි ඇතුලෙ තියන වටිනා කොටස්  ගන්නෙ.

\














මේ තියෙන්නෙ කුඩාවට පලා සිහින් කරන ලද ලී,
කැලෑව පුරාම මේක තමයි දකින්න තියෙන්නේ
මෙන්න් මෙහෙම කුඩාවට පලා තමයි  ගන්නෙ

මේ තියෙන්නේ කලු පාටට අන්න ඒවා තමයි















මේ තියෙනෙ වල්ල පට්ටා, මේවා තමයි මිනිස්සු  මෙච්චර කැලෑ  විනාශ කරලා ගස් කපලා හොයන්න
උත්සහ කරන්නෙ.
මෙයින් ලැබෙන ලාබය ඉතා අඩික නිසාත්. මහන්සිය අඩු නිසාත්  ගොඩක් මිනිසුන්ගෙ  ප්‍රධාන අදායම්  මාර්ගය
වල්ලා බව තතු දත් සියල්ලෝම දනිති,

කැලේ  යන අතරේ දැක්කෙ.

මේ බලන්නකෝ ලී මැස්සක්
. වල්ලාපට්ටා කපන අය කැලේ නැවතිලාම ගේමට බැහැල.

මේ තියෙන්නේ  වල් කරපින්චා  ශාකය. කැලේට ගියාට පස්සෙ  අහම්බෙන් දැක්කෙ.
වාසනවකට ඒවා නම් කපලා තිබුනේ නෑ,

ඉතිං ඔන්න ඔය ටික තමයි වෙලා තියෙන්නෙ වල්ලා ශාකයට  වගේම  අපේ වනාන්තර  වලටත්
කරපු විනාශය සුළු පටු නෑ.  මෙතරම්  ආර්ථික වටිනාකමක් තිබෙන  ශාකයක්  වානිජ වශයෙන්  අපේ  රටේ  වගා කරලා ඒ මගින්  විශාල විදේශ විනිමයක් ලබාගත හැකි උවත්  රජයෙන් ඊට  නිසියාකාර  වැඩපිළිවෙළක් තවම  අරගෙන  නෑ.
පොලිස් මාමලත්  දැන්  බිස්නස්  එක ජයට  කරනවා . පොලිස් මාමලා  වල්ලා පට්ටා තොග ගනන් අල්ලලා  එයාලගේ  සාක්කුව පුරෝ ගන්නවා. පොලිසියෙන් එන්නෙ බයර්ලත්  එක්කමයි.  ඇවිත්  දවස්  ගානක්  මහන්සියෙන්  හොයා ගනිපු වල්ලා පට්ට ටික අල්ලනවා .  බඩු ටික ඒ ආපු බයර්ටම පොලිස් මාමලා විකුනනවා ..
අන්තිමට පැත්තක ඉන්න අය තමයි සල්ලි ගන්නෙ.
මම වල්ල කපන අය හොඳයි කියනවා නෙවෙයි. එත් අසාධාරණය තමයි හොඳ  නැත්තෙ
නීතිය හැමෝටම  එකක් වෙන්න ඕන. (ආ මට වැරදුනා මේ ලංකාවේ හැටිනෙ )
මගේ තෙර්ඩ් එක හොඳයි කියලා හිතෙනවා නම් රෙපක් හරි බම්ප් එකක් හරි දාන්න  අමතක කරන්න එපා
මොකද තව ට්‍රෙඩ් එකක් ලියන්න තරම් මම ලඟ විස්තර හා පිංතූර තියනවා . ඔයාලගේ අදහස්  මත තමයි ඒක ලියන්නේ.

මේ පිංතූර මට ලබා දුන්නෙ මගේ යාලුවෙක්. දැන් උඹලා මට PM කරලා මට කියලා උඹලගෙ වල්ල පට්ට ගහ ගන්නෙ නැතුව හිටු

Sunday, March 29, 2015

මොකක්ද මේ මෝහනය කියන්නේ.



මොකක්ද මේ මෝහනය කියන්නේ...මෝහනය කරනවා කියන්නේ ඇත්තක්ද? ඔව් මෝහනය කරන්න පුලුවන්...මෝහනය එහෙමත් නැත්තම් මෝහන නිද්‍රාව කියන්න එක්තරා විදිහක අස්වාභාවික නින්දක්...නිරෝගි ඕනැම කෙනෙක්ව මෝහන නිද්‍රාවට පත්කරන්න පුළුවන්.ඒ වැඩේට අවම වශයෙන් විනාඩි 5 ත් 20 ත් අතර කාලයක් වැයවෙනවලු. මේ නිදිගැන්වීමේ ශාස්ත්‍රය, මෝහන ක්‍රමය එහෙමත් නැත්තම් හිප්නෝටිසම් (Hypnotism ) යනුවෙන් හැදින්වෙන්වා. කිසියම් අයෙකු පු‍ටුවක හෝ ඇදක හාන්සි කරවා මෝහන කරුවෙකු විසින් වචනානුසාරයෙන් නිදි ගැන්වීම සිදුකරනවා.
ඒතකොට මෝනාද ඔය වචන...කොහොමද මෝහනය කරන්නේ ? ( මම නම් කරලා නැහැ...මේ ටික ඔයාලගේ දැනුම සදහා පමණයි )

හාන්සිවී පහසු ඉරියව්වෙන් සිටින අතර මුහුණ ඉදිරියෙන් දිලිසෙන කාසියක් වැනි දෙයක් අල්ලා ඒ දෙස බලා හිදීමට සලස්වනු ලැබේ.දැසට විඩා ගතිය දැනෙන කම් මේ විදිහට අල්ලන් ඉදලා නැවතිල්ලේ " දැන් ඔබේ ඇස් බරවීගෙන එනවා......බර වේගෙන එනවා......දැන් ශාරීරයට පහසුයි.....සුවයි.......දැන් නිදිබර වේගෙන එනවා.......නිදිමතයි........නිදිමතයි........නිදිමතය ි...........නිදි........ නිදි " යනුවෙන් මෝහන කරු විසින් චිත්ත එකාග්‍රතාවකින් යුක්තව, මොහුට නින්ද යා යුතුයි යැයි දැඩී විශ්වාසයකින් ලයාන්විතව හඩ නිසි ලෙස පාලනය කරමින් කිය යුතුයි.සුළු වෙලාවකට පසු ඔහු හෝ ඇය නින්දට පත් වේ.....

සාමාන්‍ය නින්දත් මේ මෝහන නින්දත් අතර වෙනසක් තියෙනවා...ඒ වෙනස තමයි මෝහන නිද්‍රාවෙදී අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකිය.ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්න අසා කුඩාකාලය තෙක් අතීත යටගියාව දැන ගත හැකියි.

ඒක කරන්නේ මෙහෙමයි....


" දැන් මම අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න.....කලබල නැතිව හෙමින් සිහි කරන්න.....ඔබ පාසැලේ අසවල් පන්තියේ ( උදාහරණ විදිහට 10 වන පන්තියේ ) ඉන්නවා...ඔබ කීවෙනි පේළියෙද ඉන්නේ......ඔව්!....කියන්න....කියන්න.....ක්ව්ද පන්තියේ උගන්වන්නේ.....(පිළිතුරු ලබා ගන්න) මොනවද උගන්වන්නේ....ඔව්!ඔව්!........(පිළිතුරු වලට ලයාන්විතව අනුබල දෙන්න)......තමන් ලඟ (කුඩා ළමයෙක් නම් "ඔයා ලඟ")..කවුද ඉදගෙන ඉන්නේ....(පිළිතුරු ලබා ගන්න).......දැන් අපි යමු 9වන පන්තියට.......(පෙර පරිදි අසන්න ).......දැන් අපි යමු 8 වන පන්තියට.......7 වන පන්තියට......ක්‍රීඩා උත්සවයක් තියෙනවා නේද?.....ඔයා මොන නිවාසෙද?.......අර දුවනවා කව්ද පළමු වෙනියට එන්නේ?......දැන් අපි යමු 6 වන පන්තියට.......5 වන පන්තියට........4 වන පන්තියට.........3 වන පන්තියට.......( විස්තර ලබා ගන්න්, බල කරන්න එපා....පිළිතුරු ලාබාගන්න ඉක්මන් වෙන්න එපා)......2වන පන්තියට යමු......මොනවද කළු ලෑල්ලේ ලියලා තියෙන්නේ..........කවියක් කියන්න........( මොහන නිද්‍රාව නිවැරදිව සිදුවී ඇත්නම් කවියක් කියයි )........කවුද කියා දුන්නේ........දැන් වයස අවුරුදු 4 යි.......3යි......මට දෙන්න ඔය සෙල්ලම් බඩුව.........(සමහර විට බැහැ කියයි)...........දෙන්න.........දෙන්න.......( සමහර විට අඬයි) ( අත ඉවතට ගනි) එසේ සිදු කරයි නම් දැඩි නින්දට පත්ව ඇත........දැඩි මෝහොන නිද්‍රාවට පත්ව ඇත්නම්..........හා දැන් නැගිටින්න........( කියමින් අතින් අල්වා එසවූ විට මෝහන නින්දෙන්ම නැගිටී.)......හා.......මේ පු‍ටුවේ ඉදගන්න.....( හිඳ ගනී.)....හිස පීරාගන්න කියා "පැන්සලක් " දුන්නත් ' පනාවක් ' මෙන් අල්ලා හිස පීරා ගනී....

දැන් නැවතත් ඇදට යවා ක්‍රමයෙන් මතකය තවත් ඇතට යවමින් පූර්ව ජන්මය පවා සිහිපත් කරවිය හැක..." ......දැන් ඔබ ඉන්නේ මව් කුස තුල මාස 9යි......මාස 8 යි.....මාස 7යි......" මෙසේ කියන විට දණහිස් නමා වකු‍ටු වී මව් කුස තුළ ඉන්නා ආකාරයෙන් සිටීම විශේෂ ලක්ෂණයකි. "..........දැන් ඔබ පෙර ආත්මයේ.....නැගිටින්න......නැගිටින්න.......( දැස් පියාගෙනම නැගිටියි)......නම මොකක්ද?......කොහෙද ඉන්නේ?......(සමහරු ඉක්මනින් පිළිතුරු සපයයි,,,තවත් සමහරු සෙමින් සෙමින් පිළිතුරු සපයයි..)
මෝහන නින්දේදී ලෙඩ සුව කිරීම, ලෙඩටබෙහෙත් අසා ගැනීම , වැරදී පුරුදු ඉවත් කිරීම ( නියපොතු සැපීම,දුම් පානය, මත් පැන් පානය වැනි), දුර සිදුවන දේ ' දිවැසින් මෙන්' කීම වැනි අධිමානසික ශක්තීන් (ESP ) ක්‍රියාකාරී වන බව ගවේශණ වලින් සනාථ වී තිබේ. නිවැරදි තොරතුරු ලබා ගැනීම සදහා ගැඹුරු මෝහන නින්දට පත් කල යුතු වේ...


මෝහනයේ දී නේත්‍ර දෘෂ්ටිය, ශබ්දොච්චාරණය, හස්ත ගමනය යන ක්‍රම භාවිතයේන් ගැඹුරු නින්දකට පත් කල හැකිවාක් මෙන්ම ඉක්මනින් මෝහනය කළ හැකිද වේ...

නේත්‍ර දෘෂ්ටිය

මෝහන කරුට වට පිට නොබලා නින්දට පත් වන පුද්ගලයා ගේ මුහුණ දෙසම චිත්ත ඒකාග්‍රතාවයෙන්, මොහූ ඒකාන්තයෙන්ම නින්දට පත්වන්නේ යැයි බලා හිදීම නේත්‍ර දෘෂ්ටියයි...

ශබ්දෝච්චාරණය

මෝහන කරු විසින් භාවිතා කරන වචන නැවතිල්ලේ ලයාන්විතව උච්චාරණය කිරීම, සරල, කාරණයට අදාල වචන පමණක් භාවිතය. සමහර විට එකම වචනය නැවත නැවත නැවතිල්ලේ උච්චාරණය කිරීම මැනවී.. ( උදා: නිදිමතයි......නිදිමතයි....නිදිමතයි......)

හස්තගමනය

අල්ල පැත්ත නිදා සිටින අයගේ ශරීරය දෙසට හරවා හිසේ සිට පහළට ශරීරයට අඟල් කිහිපයක් ඉහළින් ගෙන යාම ප්‍රතිඵල දායකය.මුහුණට අඩියක් පමණ ඉහළින් අල්ල පෙදෙස මුහුණට හරවා සිටීමත් හස්තගමනය වෙනුවට යොදාගත හැකිය...රෝග සුව කිරීමටත් මේ ක්‍රමය භාවිතා වේ. ශරීරියේ රෝගය තිබෙන පෙදෙසට ඉහළින් අල්ලා හිඳිමෙන් ඉක්මන් සුවය ලැබේ....

මෝහනයට පත්වූ වෙකු අවදි කිරීම

මෝහනයෙන් අවදි කරන්නට නොහැකි වේ යැයි ඇතැමෙක් බිය වෙති..මෙය අස්ථාන ( බොරු ) බියකි, මෝහනයෙන් කෙනෙකු අවදි නොකළත් අවදීවීම ඉබේම සිදුවේ.එසේ වන්නේ මෝහන නිද්‍රාවෙන් සාමාන්‍ය නින්දට පත්වී ඉන් අවදි වීමයි.මෝහන කරු සෑහෙන වේලාවක් නිශ්ශබ්දව සිටිවිට මෝහන කරු සමග ඇති සම්බන්ධතාවය ( සන්නිවේදනය) බිඳී සාමාන්‍ය නින්දට පත්වේ..

ශාස්ත්‍රානු කූල ක්‍රමය නම්:

දැන් ඔබට සුවයි.........ඇගට බොහෝම සැහැල්ලුයි,.......හරිම ප්‍රබෝධයි.......දැන් මං තුනට ගණින කොට ඔබට ඇහැරෙනවා.....එකායි........දෙකයි......තුනයි... ...." මෝහන නින්දෙන් අවදිවීම සිදුවේ.ගැඹුරු මෝහනයට පත්වූවෙකු නම් නින්දෙන් පිබිදියෙකු මෙන් වට පිට බලයි.ඇදෙන් ඉක්මනට නැඟිටියි.වුණ දෑ ගැන ආවර්ජනය කරයි.එහෙත් කළ කී කිසිම දෙයක් දැඩි මෝහන නිද්‍රාවකට පත් වූවෙකුට මතක නැත.මෝහන නිද්‍රාවට හරි හැටි පත්නොවුන කෙනෙකු නම් සියල්ල මතක් කල හැකි බව මෙන්ම හරිහැටි නින්ද නොගිය බවද ප්‍රකාශ කරයි......

සාමාන්‍යයෙන් අතීත මතකය අසාගෙන යාමෙදී විනාඩී 15 ක් 20ක් පමණ යන විට බොහෝ අය නින්දට පත් වේ,,,අවදී වූ විට ඔවුනට විනාඩි 15ක් 20 ක් තුල කී දැ මතක් කල හැක.ඉන් එහා කිසිවක් මතක් කල නොහැක.පටිගත කොට පසුව ඇසෙන්නට සැලැස්වූ විට ප්‍රකෘතී සිහියෙන් පවා ඔවුනට ඒවා මතක් කළ නොහැකිවී පුදුමයට පවා පත් වේ.........


මේ නූල එලකිරියේ අපේ අයගේ දැනුමට යමක් එකතු කිරීමේ අදහසින් මඩවල උපාලි හිමියන්ගේ අධිමානසික විද්‍යාව පොතෙන් උපුටා ගන්නා ලදී......
මේ විශයට ආස අය ඉන්නවනම් ඒ පොත හොයාගෙන ඒහි සදහන් පොත පත පරිශීලනය කරන්න.......





ඔබට දුක්වීමට වීමට ඕනෑනම් රෝස මලේ අග ක‍ටු ඇතැයි සිතන්න........ඔබට සතු‍ටු වීමට අවැසිනම් ක‍ටු පදුරේ රෝස මල් පිපෙන බව සිතන්න......
යමක් සුබවාදීද අසුභවාදීය යන්න තීරණය වන්නේ ඔබ සිතන ආකාරය මිස එම සිදු වීම නොවේ

Sunday, March 15, 2015

මගුලක් ද කරන්නේ??? part 2

ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2 - 08-07-2012, 12:54 PM
මගුලක් ද කරන්නේ??? part 2
බොහෝ දෙනාගේ වැඩි ඉල්ලීම මත මගුලක් ද කරන්නේ??? part 2 දාන්න හිතුනා..

මගුලක් කන්න ඇගිලි ගනින අපේ කොල්ලො වෙනුවෙන් දාන්නෙ..විස්තර පළවෙනි එකේ ගොඩක් තියෙනවා..මෙන්න

මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthr...2#post12823772

දැන් ඉතුරු ටික මෙන්න

අපිට මගුලට දල වශයෙන් යන වියදම් ටික පොඩ්ඩක් ගණන් හදල බලන්න පුලුවන් විදිහට මම ඒවා වෙන වෙනම දාලා පෙන්නන්නම්..මෙන්න.මේවා මිල ගණන් විවිධ පරාසයන්ගෙන් තියෙන නිසා මම දන්න විදිහට අවම මිල දාන්නන්...උඹල කැමති විදිහට ගණන් තෝර ගනින්..


Wedding Suits
Bride Wedding Saree (අවම 8,000-10,000 ක්, උපරිම ලක්ෂ ගණන්)

Brides Made's saree (අවම 2,000) * ගොඩක් වෙලාවට රෙදි අරගෙන සාරි හදන නිසා මේ ගානට රෙදි ගන්න පුලුවන්...ඩ්‍රෙස් මේකින් කරන කෙනා පොඩි ගාණකට සාරි හදන මෝස්තර දාලා කැටයම් දාලා දෙයි)
Flw Girl (අවම 2,000)

Bridal Shoes (අවම 4,000)

Brides Made's Shoes (අවම 2,000)

Flower Girl Shoes (අවම 2,000)

Dress Making (අවම 15,000)

Bridle Dressing (අවම 40,000 ක් වත් යයි.. දෙවෙනි මනමාලියො ගාන අනුව ගාන වෙනස් වෙනවා..දෙවෙනි මනමාලියෙක්ට අවම 5000 ක් විතර ගනියි.)

Bridle Bouqet (අවම 6000 ඉදල..නෙලුම් වලින් කරනවනන් ඒ ගාන..රෝස වලින් කරනවනන් 9-10 ක් විතර, ඕකිඩ් වලින් කරනවනන් 12-15 ක් විතර)

bride Mades Bouqet (අවම 4000)

Flower Gild Crown & Bouqet (අවම 4000)

Groom Nilame Kit (අවම 8000)

Groom's Friends (අවම 5000)

Page Boy (අවම 4000)
Jewelley Necklass (අවම පවුම් 2 ක් විතර යයි..එහෙම වුනාම ලක්ෂයෙන් එහා යයි)

Rings 2 (අවම පවුම් 1.5 ක් විතර යයි..එහෙම වුනාම ලක්ෂයකට ආසන්න ගාණක් එයි)

කකුල හෝදන්න පොඩි එකෙක් ඉන්නවනන් ඒකටත් මුද්දක් දෙන්න එපැයි 
ඒකට පොඩි එකක් ඕනිනන් විතරක් හදල දීපන්..නැති වුනා කියල වැරැද්දකුත් නැහැ..අපිට වාසියි.



Hotel Charge (උඹල තෝර ගන්න මෙනූ එකයි හොටෙල් එකයි එන පිරිසයි අනුව වෙනස් වෙනවා)


Hotel Decoration (අමු මල් වලින් කරනවනන් ලක්ෂයෙන් උඩ තමයි.ඒත් අවම...කෘතිම මල් වලින් කරනවනන් අමු මල් වලින් කරන ගානෙන් ගොඩක් අඩුවට කරන්න පුලුවන් (අවම 50,000)

Invitation Card (කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් -රු. 10 ඉදල මොස්තර තියෙනවා)

Wedding Cake (කෑල්ලක් රු. 35 ඉදල වගේ තියෙනවා..)
Wedding Cake බොක්ස් (පෙට්ටි) - (කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් -රු. 10 ඉදල මොස්තර තියෙනවා)

Wedding Car & Deco (වෙඩින් කාර් තියෙනවා පැය 4 ට රු. 8,000 වගේ ඉදල..ලිමෝ එකක් ගන්නවනන් පැය 4ට 80,000 යි  දන්න එකෙක් සෙට් කරගනින්)

Ashtaka & Jayamangala (අෂ්ටක 5,000 ඉදල, ජයමංගල 4,000 ඉදල) ඔය සෙට් එකම එකෙක්ට භාර දුන්නනන් එල..පෝරුවෙ බඩුත් එක්කම (3,000)එක පැකේජ් එකක් 20,000 කට වගේ ගන්න පුලුවන් නැටුම් කණ්ඩායමකුත් (8,000) එක්කම) එතකොට මගුල දවසෙ පොල් මල් හොයන්න ලදපස්මල් හොයන්න සුදු රෙදි හොයන්න වාත වෙන්න ඕනි නැහැ

Present for parents (මේකෙදි වෙන්නේ ගෑනු ළමයගෙ අම්මට කරන ගරු කිරීමක් විදිහට..සාමාන්‍යෙයන් කිරි කඩ හේලය කියල තමයි මේකට කියන්නෙ..සුදු රෙදි යාර 21 ක් දෙනවා ගෑනු ළමය බීපු කිරි වලට සමාන වෙන්න කියල, ඒත් දැන් ගොඩක් දුරට සුදු රෙදි වලින් වැඩක් නැති නිසා මොකක් හරි ඇදුමක් පැළදුමක් දෙනවා..උදා.සාරියක් වගේ) ඉතින් අම්මට විතරක් දීල ඉන්න එක හරි නැති නිසා තාත්තටත් මොනව හරි දෙනවා..දැන් මනමාලයගෙ පැත්තෙ අම්මටයි තාත්තටයිත් තෑගි දෙනවා පෝරුවෙ වෙලාවෙදි..)

Photo & videography (පුලුවන් තරම් දන්න එකෙක් සෙට් කරගන්න..දෙකම එක තැනකින් කරනවනන් එල..නැත්නන් දෙගොල්ලො ගැටෙන්න පුලුවන්, ලයිට් වලදි..ෆොටෝ ගද්දි, වීඩියෝ කරද්දි, ෆ්ලෑෂ් වෙද්දි,) ඒක නිසා එක තැනකින් දෙකම කරවගන්න..අදුරන එකෙක්නම් ෆොටෝස් ටික අරගන්න විතරක් බාර දීල ඉතුරු ටික උඹලම කරගනින්..නැත්නන් ෆොටෝස් වලට 50 ක් විතර යයි අවම. වීඩියෝ වලට 25,000 විතර යයි අවම..ෆොටෝස් කරද්දි උඹලට තැන්ක් යූ කාඩ් කොච්චර ඕනිද කියල බලපන්.. එක ෆැමිලි එකකට අවම 1 ගානෙ කාඩ් ගාන හදපන්..වැඩිපුර 25 ක් විතර ගනින්.. උඹල දෙන්නගෙ එන්ලාජ්මන්ට් ෆොටෝ එකක් ඉල්ලගනින් මගුල දවසෙම දවල්ට ලැබෙන විදිහට..කැමතිනන් ආපු අයගෙ අත්සන දාලා හදන සිග්නේචර් පොටෝ එකකුත් ඉල්ලගනින්..මතක ඇතිව එන හැම එකාගෙම පොටෝ එකක්වත් ගන්න කියපන්. හැම එකාම කපල් එකත් එක්ක ඉන්න පොටෝ එකක් ගනින්. පවුල් පිටින් ඉන්න උන් එක පවුල එක ෆොටෝ එක ගානෙවත් ගනින්. නැත්නන් අන්තිමට කස්ටිය චුරු චුරු ගානව අනිවා.

Photo location (දැන් ගොඩක් වෙලාවට හොටේල් එකේ ෆොටෝ ගන්නවට අමතරව වෙන ලස්සන ප්ලේස් වල පොටෝස් ගන්නවා..) උදා..ගංගාරාම පන්සල, නිදහස් චතුරශ්‍රය, දියවන්නාව.. ඒකට ලස්සන තැනක් තෝරගනින්..අන්තිමට ඉතුරු වෙන්නෙ ඇල්බම් එක නිසාවෙන්

Registar - මගුල රෙජිස්ටර් කරන කෙනා - සාමාන්‍යෙයන් එක දිස්ත්‍රික්කයක ජෝඩුවක්නම් ටිකක් කරදර අඩුයි. වෙඩින් එක තියෙන හෝටලේ අවට අයිති රෙජිස්ටාර් කෙනෙක්ට කලින් දන්වා දිනය වෙන්කරගන්න..අඩුම මාසෙකට කලින්වත්...දිස්ත්‍රික්ක දෙකක දෙන්නෙක්නම් එක්කෙනෙක්ගෙ ප්‍රෙද්ශය භාර රෙජිස්ටාර්ගෙන් ලියුමක් අරගෙන අනිත් පැත්ත භාර රෙජිස්ටාර් ට දීම අනිවාර්ය්‍ය වේ. රෙජිස්ටාර් සදහා මිළ - (නීත්‍යානුකූල විවාහවීමට මිළ රුපියල් වලින් 1,090 කි )

Sound (වෙඩින් එක දවසෙ බෑන්ඩ් එකක් සෙල්ලන් කරනවද, 2 පීස් එකක් ගහනවද, 3 පීස් එකක් ගහනවද නැත්නන් ඩීජේ පොරක් සෙට් කරගන්නවද කියල තීරණය උඹේ අතේ..ඩීජේ පොරක් 6,000 ක් විතර, බෑන්ඩ් එකක් 15 ක් විතර අවම ගන්නවා)

Hotel Rooms for 2 days (උඹල බැදල පැනිහද බලන්න නවතින්න යන හෝටලේ තීරණය කරපන්..සීතලේ ගැහි ගැහි පැණිහද බලනවද නැත්නන් මුහුදු වෙරළ පැත්තෙ යනවද කියල තීරණය කරපන්.. ගොඩක් වෙලාවට හොටෙල් රෑම් එකක් දවසකට රු. 5000 ඉදල වගේ තියෙනවා. මෙන්න ගොඩක් වටින සයිට් එකක් රෑම් වල ගනන් බලා ගන්න. . බුක් කරද්දි ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් ගැන අවබෝධයෙන් බුක් කරන්න. යද්දි වටින කියන ඒවා නැතිවෙන්න පුලුවන් නිසා (අරක ගැන නෙමෙයි කිව්වේ..ඒක කොහොමත් නැතිවෙනවනෙ..මම කිව්වෙ රත්තරන් බඩු, සල්ලි, කැමරා වගේ ඒවා) පරිස්සමින් වැඩ කරගනින්..

Travelling - උඹලට එහෙ මෙහෙ යන්න එන්න යන වියදම..මේකට අතේ කීයක් හරි වැඩිපුර තියාගනින්..අතේ නැතත් බැංකුවෙ දාලා හරි කාඩ් එකක් ලග තියාගනින්..දන්න කියන එකෙක්ගෙන් වාහනයක් සෙට් කරගනින්.. ඩ්‍රයිවින් වෙන එකෙක් කරනවනන් එල..මොකද උඹ වැඩ කරල කරල මහන්සිත් ඇති නිසා වෙන එකෙක් ඒ රාජකාරිය කරන එක හොදයි.



වෙඩින් එක දවසෙ කරන්න තියෙන කරන්න වෙන වැඩ ටිකකුත් තියෙනවා  (අහවල් එක ගැන නෙමෙයි කියන්න හදන්නෙ ) ප්‍රතිචාර අනුව ඒකත් පස්සෙ දාන්නන්..