Monday, January 26, 2015

Supiri wadhan.

~පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්යාවට අනුලෝමව සමානුපාතිකවේ~




සැමියා බිරිඳගේ ටෝමියාය




දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට
බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්




මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?
"
ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"




~KISSING~
In America :
මාව තදීන් සිපගන්න
In France :
මාව සෙමින් සිපගන්න
In Sri Lanka :
ඉක්මනට දෙන්න කවුරුත් දැක්කොත් වසලා හමාරයි




සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න




මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ )




කෙල්ල: මට මුළු ලොවම ඔබයි!
කොල්ලා: තමුසෙට ලොවම ඔබනකන් ඉන්න පුළුවන්, අපි අල්ලපුවම තමා කිචි




විවාහයට හේතුව - තේරුම් නොගැනීම
දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම



අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට
අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ




ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා
ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට




මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක




බත් කන්න බැරිනම් ඔය කම්පියුටර් එක උයාගෙන කාපිය - අම්මා




කමල්: පත්තරේ දාන දැන්වීම් වලින් වැඩක් තියෙනවද අයිසේ?
නිමල්:අපි ගිය ඉරිදා මුරකාරයෙක් ඉල්ලලා දැන්වීමක් දැම්මා,පහුවදාම කඩේට හොරු පැනලා ඕයි




අස්ථිරවූ ස්ත්රී චින්තනය තුල ස්ථිර ප්රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක




අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,
මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!




මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා




ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්,
හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ!




අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!)




අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්




~
කාලය පඩයකි ගියොත් ගියාමය~.




~
අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා~.




~
සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~




මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව




වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්ය කතා කිරීම මැනවි




~
ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~




සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්!





මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි
"
අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.."
මගේ ගෑනියි ළමයි දෙන්නයි




මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා




මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද?
"
සල්ලි තියෙන මිනිස්සු"




whatz up -
මොනවද උඩ
cool man -
සීතලයි මිනිහෝ
are u nuts? -
ඔයා ඇටද?
rock the party -
පාටිය ගල් කරමු
keep in touch -
අල්ලන් හිටපන්




හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා,
අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ...




බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි?
සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ




මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන
"පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා "




කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර !




හිරුනම් ? අව්ව තමයි




කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම




මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් ,
කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ?




වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි




බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්




දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි




0-5
මල් වයස 5-10 මල් තියා වැඳීම
10-15
මල් සෙවීම 15-20 හොරෙන් මල් කැඩීම
20-25
එළිපිට කැඩීම 25-30 මල් තැලීම
30-35
මල් හැදීම 35-40 මල පැනීම




විවාහය අමු අඹයකි,
කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි
ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි...

Thursday, January 22, 2015

තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!


ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.
ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ඒ ගැන හරි හැටි දැනුවත් නැත්නම්, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.

භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුනු පසු, සතියක් පමණ ඇතුලත ඔබේ පැමිනීම ස්ථිර කරන්න. ආරාධනාපත හොඳින් කියවන්න. කොතැනක හෝ "dress code" එකක් සඳහන්ව තිබේනම්, ඔබ එදිනට ඇඳගෙන යා යුත්තේ එහි සඳහන් වර්ගයට හා වර්ණයට අයත් ඇඳුමක්. සමහරවිට ඔබ එදින ඉඳගත යුතු මේසයේ අංකයත් එහි සඳහන්ව ඇති.
නියමිත වේලාවට හෝටලයට යන ඔබ සුදුසු මේසයක් ‍තෝරාගතයුතුයි. කලින් වෙන්කරවාගත් මේසවල "Reserved" යනුවෙන් සඳහන්ව තිබෙනවා. ඒවගේම, ඔබේ කණ්ඩායමේ සිටින්නේ 4 දෙනෙක් නම්, 12කට පමණ ආසන පැනවූ මේසයක් ‍තෝරා නොගත යුතුයි.
සාමාන්‍යයෙන් හෝටල්වල ආහාර පිළිගන්වන්නේ ප්‍රධාන ක්‍රම 2කට අනුවයි.
බුෆේ ක්‍රමය
මෙනු ක්‍රමය

මෙනු ක්‍රමයේදී "3 course, 4 course, 5 course... " ආදී ලෙස ආහාර වර්ග ප්‍රමාණය මත කෑම වට්ටෝරුව වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යනම්, තමාට කැමති ආහාරයක් තමා කැමති ලෙස පිලියෙල කර දෙන්නැයි, ඉල්ලා සිටින්නත් පුලුවන්.
තමාට කැමති ආහාර වට්ටෝරුව ‍තෝරාගත් පසු ඔබ ආහාර ගැනීමට සූදානම්. දැන්, කෑම මේසයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබාගනිමු.


කෑම මේසයේ සැකැස්ම බොහෝ දුරට මේ වගේ. හොඳින් බලන්න. පිහිවල කැපෙන පැත්ත, තියෙන්නේ පිඟාන දෙසට. ඒ වගේම උපකරණ පාවිච්චිකල යුත්තේ පිඟානේ පිටත සිට පිඟාන දෙසට. රතු පාට ඊතල වලින් දක්වා ඇත්තේ එයයි.
දැන් නැප්කිනය ගෙන දිගහැර උකුලේ තබාගන්න. එය කමිසය ආවරණය වනලෙස ඇඳුමේ කොලරයට පහතින් රඳවා ගන්නත් පුලුවන්. නමුත් එය තරමක් පැරණි ක්‍රමයක්. කෑම ගැනීම නිමවූ පසු නැවත පිඟානට වම් පැත්තෙන් තියන්න.
දැන් ඔබ ‍තෝරාගත් මෙනුවට අදාල කෑම වර්ග එකින් එක ඔබට ලැබෙනවා.

මුලින්ම ඔබට ලැබෙන්නේ ඇපෙටයිසර් (ස්ටාටර්) විය හැකියි. එය ආහාර රුචිය වැඩිකිරීමට දෙන දෙයක් නිසා කුඩා ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්.
දෙවනුව සුප් හා සලාද ලැබේවි. ඒ සඳහා අදාල හැඳි පාවිච්චි කරන්න. වරකදී, සුප් හැන්ද සම්පූර්ණයෙන් පුරවා ගැනීම නොකල යුතුයි. භාගයක් පමණ පුරවා ගැනීම සුදුසුයි.
අනතුරුව ප්‍රධාන ආහාරය ඔබට ලැබෙනවා. ඒ මෙනුවට අදාලව මාලු, කුකුල් මස් හා වෙනත් මස් වර්ග යන පිලිවෙලටයි.
අවසානයේ අතුරුපසත්, තේ හෝ කෝපිත් ඔබට ලැබේවි.

කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා. කෑම බෙදීමෙන් පසු වේටර්වරයාට ස්තුති කිරීමට අමතක කරන්න එපා.
කෑම ගැනීමට ප්‍රථමයෙන් පිහිය සහ ගෑරුප්පුව අල්ලන නිවැරදි ක්‍රමයත්, ඔබ වයින් පානය කරනවා නම්, වයින් වීදුරුව අල්ලන නිවැරදි ක්‍රමයත් දැන සිටීම ප්‍රයෝජනවත් වේවි. පහත රූපවල ඇඟිලි තබාගෙන ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.




රූපයේ දැක්වෙන පරිදි සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න. ඇමරිකන් ක්‍රමයට නම්, කපාගත් පසු, පිහිය පසෙකින් තබා ගෑරුප්පුව සුරතට ගෙන ආහාර ගත යුතුයි. යුරෝපීය ක්‍රමයට නම්, ගෑරුප්පුව සුරතට මාරුකරන්නේ නෑ. නමුත් ඔබ ආහාරයට ගන්නේ බත් නම් එය රඳවා ගැනීමේදී ගෑරුප්පුව මදක් කරදරකාරී විය හැකියි. එවැනි විටක හැන්දක් පාවිච්චි කිරීමේ වරදක් නෑ.

කෑම මේසයේදී නොකලයුතු දෑ

නාසය, මුහුණ හෝ හැඳි පිසදැමීමට නැප්කිනය කිසිවිටෙකත් යොදාගන්න එපා.
කෑම මේසයේදී ඔබේ ජංගම දුරකතනය නාදවීමට ඉඩ තබන්න එපා.
කෑම මේසයේදී රූපලාවන්‍ය උපකරණ හෝ දත් හෑරීමේ කූරු පාවිච්චි කරන්න එපා.
තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා.
කෑම රස බැලීමටත් ප්‍රථමයෙන් ලුණු/ගම්මිරිස් යනාදිය එකතු කරන්න එපා.
වයින් ප්‍රතික්ෂේප කල යුත්තේ බඳුන මුනින් හැරවීමෙන් නොව, බඳුනේ කට අතින් වසා ගැනීමෙනි.
වැලමිට මේසය මත තබාගන්න එපා. වමත භාවිතා නොවන විටදී, එය උකුල මත තබා ගන්න.
බිම වැ‍ටුනු උපකරණ කිසිවිටෙකත් නැවත ගන්න එපා. ඒ වෙනුවට අලුත් උපකරණයක් ඉල්ලා ගන්න.
කෑම මේසයේදී ශබ්දනගා කතා කිරීම හෝ කිසිවක් කතා නොකර සිටීම නොකල යුතුයි. කෑම මේසයේ සියල්ලන් සමඟ ප්‍රසන්න මාතෘකාවක් ගැන සුලු කතාබහක නිරතවන්න.
කෑම කටේ තබාගෙන කතාකිරීම නොකල යුතුයි.
කැස්සක් හෝ කිවිසීමක් සිදුකරන විට මුඛය හා නාසය නිරාවරනය කරන්න එපා. නැප්කිනයෙන් වසාගන්න. දිගටම එය සිදුවේනම් විවේක කාමරයට යන්න. නැවත කෑම මේසයට එන්න පෙර දෑත් හොඳින් සෝදන්න.
පිඟානේ ආහාර මහා පරිමාණයෙන් ඉතිරි කිරීම හෝ කිසිවක් ඉතිරි නොකිරීම නොකල යුතුයි. කෑම බෙදාගැනීමට පෙර තමන්ගේ කුසගින්නේ ප්‍රමාණය ගැන ස්වයංනිර්ණායකයකට පැමිණෙන්න.
ආහාර ගැනීමෙන් පසු පිඟාන ඉවතට තල්ලු කිරීම හෝ පිඟන් ගොඩ ගැසීම කරන්න එපා.
සියලු දෙනාම ආහාර ගෙන නිමවන තෙක් කෑම මේසයෙන් නැගිටීම නොකල යුතුයි. ඊට ප්‍රථමයෙන් නැගිටීමට අවශ්‍යනම්, අනිකුත් සගයන්ගෙන් අවසර ගන්න.


කෑම කන අතරතුරදී ආහාර දීසියක් තවත් අයෙකුට යැවීමට අවශ්‍යනම් සැම විටම තමාගේ දකුණුපසට යොමුකල යුතුයි. ඔබෙන් ඉල්ලා සිටින්නේ ලුණු හෝ ගම්මිරිස් නම්, ඒ බඳුන් දෙකම එකවර යැවීම තමයි සිරිත.
හරි! දැන් ඔබ කෑම කා අවසන්. ඒ බව සංඥා කිරීමට පිහිය සහ ගෑරුප්පුව පහත රූපයේ දැක්වන ආකාරයට සමාන්තරව තබන්න.


බිල ගෙවීමෙන් පසු වේටර්වරයාට Tip එකක් දීමත් සිරිතක්. Tip එක විදියට ඔබට කැමති මුදලක් දියහැකියි. සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා.

මේ තියෙන්නේ තරු පංතියේ හෝටලයක ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ සාමාන්‍ය සිරිත. ඔබට හැඳි සහ ගෑරුප්පු භාවිතය කරදරකාරී කියා සිතෙනවා නම්, අතින් වුවත් ආහාර ගතහැකියි. ඒ සඳහා පසුබට වියයුතු නෑ. නමුත් සිරිත් දැනගෙන යාම ඔබට විශාල පහසුවක් වේවි. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එය එසේ නම්, මේ ලිපියේ අරමුණත් එයමයි.

Wednesday, January 21, 2015

මචන්ලා මේ තියෙන්නේ අපේ පරණ ගණිත යේදී භාවිත උන සංඛ්යා රටාව

මචන්ලා මේ තියෙන්නේ අපේ පරණ ගණිත යේදී භාවිත උන සංඛ්යා රටාව

අසංඛ්ය කල්පයක් කියන්නේ එතකොට ............


1. දහය xදහය =සියය
2. සීයxදහය =දහස
3. දහසxසියය = ලක්ෂය
4. ලක්ෂයxසියය = කෝටියයි
5. කෝටියxකෝටිය =ප්රකෝටියයි
6. ප්රකෝටියxකෝටිය =කෝටිප්රකොටියයි
7. කෝටිප්රකොටියයිxප්රකෝටි = නහුත එකයි
8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
15. අබිඩ එකxකෝටිය =අටට එකයි
16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
18. උප්පල එකxකෝටිය =කුමද එකයි
19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
21. පදුම එකxකෝටිය =කථාන එකයි
22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
23. මහා කථාන එකxකෝටිය =අසංඛ්ය එකයි

Thursday, December 25, 2014

shorcut virus අයින් කරමු

Many of us had and having this problem. We have some most important data in our pen drives, what will we do if all the data are loss? At some day, all the folders which are in

our drive is just showing as shortcuts in Windows (as shown in the above figure).


This problem may cause not only in pen drives, also in memory sticks, phone memories, external hard disks etc. If we trying to open those folders Windows will show an error that “Shortcut missing…!” We afraid of losing our data and somebody format the drive. But no need to afraid for this and format. Yes, this is a type of virus affection. Just follow the simple steps to remove that shortcuts and retrieve your folders back.
NOTE:No need of any antivirus software to perform this operation.

  1. After plug in your virus affected drive, just press Win key + R to open Run box and type “cmd” and press Enter key. (Without double quotes)
  2. In the opened command prompt, open your drive by enter your drive letter as shown in the below figure. For example, if your drive letter is enter g: and press Enter. (To find your drive letter just open “My Computer” and check your drive icon)
  3. Now type “del *.lnk” and hit Enter.(without double quotes)
  4. Finally type the below command and hit Enter. (without double quotes)
“attrib -s -r -h *.* /s /d /l”


That’s it, just wait some seconds. Then open and check your drive. Your folders will be retrieved. I hope this is useful for you. If any doubt, comment below. Share with your friends. Don’t forget to subscribe us freely…

click more

Tuesday, December 23, 2014

මංගල පෝරුවේ වත ගොත

මංගල පෝරුවේ වත ගොත




හෙළ බෞද්ධ චාරිත්‍ර වලට අනුව යුවති, පතිවත ආරක්‍ෂා කරමින් යුවතිපති, පතිවත ආරක්‍ෂා කරමින් චිරාගත චාරිත්‍රාණුකූලව මංගල නැකැත් වලට අනුව තරුණ යුවතිපතීන් දෙපලක් විවාහ දිවියට ඇතුළත් වීමේ දී අනුගමනය කරන වැදගත්ම අංගය වන පෝරුවේ චාරිත්‍ර සඳහා ඉතා විචිත්‍ර වූ අනගිභවනීය අතීතයක් තිබේ. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් යශෝධරා යුවළට සාදන ලද පෝරුවේ විස්තරය දක්වා මෙහි අතීතය විහිදේ.

විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් එම පෝරුව සාදන ලද බවත් එහි දොරටු සතරක් තිබූ බවත් ඒවා සතරවරම් දෙවියන් විසින් රැකවල් කළ බවත් පැරණි පෝරුවේ කියමන්වල සඳහන් වේ.

මේ ආකාරයට දැනුදු බෞද්ධයන්ගේ මංගල පෝරු සාදන විට සතර දිසාවේ පුන්කලස් සතරක් සාදා සම්ප්‍රදායට අනුව පහන් දල්වන්නේ ධෘතාරෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙනි. පෝරුව අලංකාර කරන්නේ සිංහල කලා සම්ප්‍රදායන්ට අනුකූලවය. ඒ සඳහා අව් අතු මුර අතු, සේසත්, සඳකඩ පහ පහණ, පලා පෙති, ලියවැල්, හංස, ගිරා, ඇත්, සිංහ රූප මෙන්ම ඉර, හඳ, පුන් කලස් ආදිය යොදා ගනු ලැබේ.

පෝරුවේ ඉහළින් ම නවග්‍රහ මණ්ඩලය සංකේතවත් කරන චිත්‍ර නිර්මාණය කර සෞභාග්‍යයේ සංකේත වන සහල්, පොල් බුලත් සමඟ පඬුරු පෝරුව මත තබා ලදපස් මල් ඉස සුවඳ දුම් අල්වනු ලැබේ. හැම විටම පෝරුව අලුත් එකක් විය යුතු ය. කලින් භාවිතා කළ පරණ පෝරුවක් නව යුවලක් පෝරු මෂ්ඨකාරූඪ කිරීමට සුදුසු නොවේ. මේ අනුව පහත සඳහන් පැරණි කවියෙන් පෝරු පිළිබඳව කියැවේ.

සතර දොරටුව තොරණ සතර ද සිව් වරම් දෙවිරුව තනා
නොහැර නවග්‍රහ මඩල මුදුනේ එරන්කොත තබමින් මනා
කෙස ගජලතා සියපත් දිළෙන සඳකඩ පහණිනා
පවර දෙව් විමනක සිටිය දී උඩු වියන් බැඳි විලසිනා


මංගල චාරිත්‍ර මෙහෙය වන මංගල්‍යෂ්ඨක කියන තැනැත්තා සැදැහැති බෞද්ධයෙක් වීම වැදගත්ය. ඔහු ගුණගරුක යුතු වීම පමණක් නොව චතුර භාවයෙන් යුතු කීමේ, බිනීමේ හැකියාව ද හිමිවිය යුතුය. පන්සිල් රකින සිල්වත් වැඩිහිටියකු විය යුතු ය. බීමත්කමින් චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම මස් මාංශ අනුභව කිරීමෙන් වැළකී මනා සිහිකල්පනාවෙන් පෝරුවේ චාරිත්‍ර කළ යුතු ය. පෝරුවේ චාරිත්‍ර තේරුමක් නැති දේවල් නොවේ. සෑම චාරිත්‍රයක්ම අර්ථාන්විතය.

බෞද්ධ ඉගැන්වීම් වලට එකඟය. චාරිත්‍ර කරවන ගුණවතා විසින් මේ අර්ථ සභාවට පැහැදිලි කළ යුතු ය. පාලි, සංස්කෘත භාෂා වලින් කියන බොහෝ ගාථා, අෂ්ඨක ආදිය අන්‍යයන්ට නොතේරෙන බැවින් එය නීරස වනවාක් මෙන්ම සභාවේ අවධානයෙන් තොර අර්ථශූන්‍ය දෙයක් වනවා ඇත. එබැවින් පෝරුවේ කියමන් වලදී සිංහල භාෂාව වැඩිපුර යොදා ගනිමින් සභාවේ අවධානය යොමු වන පරිදි ශබ්ද නගා කිව යුතු ය. පෝරුවේ චාරිත්‍ර සඳහා නැකැත් සාදන විට පෝරුවට නැංවීමටත් පෝරුවෙන් බැස්සවීමටත් පමණක් නැකැත් සෑදීම ප්‍රමාණවත්ය.

ඒ සඳහා දෙදෙනාටම ගැළපෙන ලෙස ශුභ හෝරාවක් ගත යුතු ය. එහෙත් පෝරුව මත දී කරන මුදු මාරු කිරීම, කර මාලය බැඳීම ආදිය සඳහා ද විනාඩි දෙක තුනක් තබමින් නැකැත් සෑදීම අවශ්‍ය නොවේ. එවිට චාරිත්‍ර කරවීමට බාධා අවුල් සහගත තත්ත්වයක් ඇතිවේ. පෝරුව මත යුවළ සිටිය යුතු කාලය පැය භාගයකට පමණ ප්‍රමාණවත්ය. දීර්ඝ කාලයක් ගැනීම සුදුසු ඇති අතර යුවළ අපහසුතාවයට ලක් කරයි. ‘මංගල පෝරුවේ චාරිත්‍ර වලට සැබෑ අරුතක් එක් කෙරෙන බෞද්ධ සංකල්ප’

චාරිත්‍ර ආරම්භ කිරීමට පෙර නමස්කාරය කියා පන්සිල් ගැනීමද ඉන් පසුව දේවාරාධනා කර සෙත් පිරිත් කියන අතරතුර දෙපාර්ශවයේ පියවරුන් විසින් යුවළ පෝරුවට නැංවීමට උචිත වන්නේ ය. මඟුල් බෙර වාදනය ද මේ මොහොතේ සිදු කෙරේ. පෝරුවේ දී නව යුවල සිටුවනු ලබන්නේ මනාලයාගේ වම්පසින් මනාලිය සිටින අන්දමිනි.

ආරම්භයේ දී මෙවැනි නමස්කාර ගාථා කියනු ලැබේ.

භගවා භගවා යුත්තෝ
භග්ග, කිලේස වාගතෝ
භග්ග, සංසාර මුත්තාරෝ
භගවා නාමතේ නමෝ


තැලි පිළි පැළඳවීම,

මෙම චාරිත්‍රයේ දී මනාලයා විසින් මනාලියට ඇඳුම් ආභරණ පැළඳවීම සිදු කරනු ලැබේ. ස්වකීය භාර්යාවට ඇඳුම් ආභරණ සපයාදීම සැමියෙකුගේ යුතුකමක් බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. චාරිත්‍ර මගින් මෙම යුතුකම සංකේතවත් කරයි.

හඟල හුරුළු දීම.

බුලත් කීපයක් මත පඬුරු තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඇය ඒවා පෝරුව මතට හෙළනු ලබයි. නැවත මනාලිය විසින් ද එවැනිම බුලත් හුරුල්ලක් මනාලයාට දෙන අතර මේ අන්දමට හුරුළු හයක් මාරු කරයි. හත්වෙනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත. මෙයින් අදහස් කරන්නේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් සදිසා නමස්කාරයයි.

උපයන ධනය මව්පියන්, ගුරුවරුන්, හිත මිතුරන්, පවුලේ සේවකයන් හා ශාසනය වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීම සඳහා භාර්යාව විසින් ප්‍රවේශම් කර ආපසු දෙන බව මේ චාරිත්‍රය සංකේතවත් කරයි. එම සදිසාවට අමතරව වුවමනා විටෙක ආධාර උපකාර පරිත්‍යාග සඳහා බිරිඳට තිබෙන අයිතිය හත්වන හුරුල්ල ආපසු නොදීමෙන් සංකේතවත් කෙරේ.

වතුර සහ කැවුම් කිරිබත් පිළිගැන්වීම හා අනුභවය. ජලය පිරිසුදු ආදරය සංකේතවත් කරයි. පිරිසුදු ජලය මෙන් ජීවිතාන්තය දක්වා පතිවත රැක ගත යුතු බවයි. කැවුම්, කිරිබත් ආදී හෙළ ආහාර වර්ග මස් මාංශයෙන් තොරය.

දුක සැප එක්ව බෙදා ගැනීම හෙවත් සහජීවනයද මෙයින් අදහස් කෙරේ. මහා භද්‍ර කල්පයකට පෙර සිදු වූ සිදුවීමක් කිරිකඩ හේලය පිළිබඳ කවි පෙළින් කියැවේ. එක්තරා මවකගෙන් මනාලියට කොපමණ කිරි දුන්නේ දැයි මනාලයා විසින් ඇසූ විට කච්චියක් රෙදි තෙමෙන්නට කිරි දෙන්නට ඇතැයි ඇය උපමාවකින් කීවේලු.

මව් ගුණය සිහි කෙරෙන මෙම කථාන්තරය සහිත කවි පෙළ අසන්නන්ගේ සිත් කම්පා කරවන අතර අසීමිත මවුගුණ ඉස්මතු කරන සුළුය. එම කවි පෙළේ කොටසක් මෙසේයි.

පුතනුවනි ඒ නිසා - කිරි දුන් ගණන නොලසා
උපමා කර යසා - කියමි මගෙ පුත අසනු සතොසා
දසකඩ මස සරී – උපන් දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී
එවිට එම කුමරුන් - රෙදි කච්චියක් නොලසින්
සපයා ගෙන ගොසින් – මවට පිළිගන්වමින් සිතමින්
රන් සේප්පු ගන්නේ – ඊ පිට තබා ගන්නේ
මවට දුන් වැන්නේ – එදයි කිරිකඩ ලොව පැවැත්තේ


වැඩිහිටියන්ට බුලත් දීම

මවට මෙන්ම පියාටත් ගුණ සිහිකර බුලත් අතක් දී ආශිර්වාද ලබා ගනී. මවට කිරි හේලයක් පිළිගන්වා ගුණ ගායනා කර පියා අමතක කිරීම කිසි විටකත් නොකළ යුතු ය. මේ අවස්ථාවේ දී කාල වේලාව අනුව තවත් ළඟම ඥාතීන් හට ද බුලත් දීම සිදු කෙරේ.

අතපැන් වත් කිරීම.

වෙස්සන්තර රජු දරුවන් දන් දුන් පරිදි අත් ඇඟිලි පිරිත් නූලකින් බැඳ පිරිත් පැන් වලින් අතපැන් වත්කර සරණ පාවා දීම මනාලියගේ පියා විසින් කළ යුත්තේ ය. පියා නොමැති විට පමණක් මාමා කෙනෙකු විසින් කරනු ලැබේ. මේ වේලාවට සෙත් පිරිත් කීම සුදුසු ය. මඟුල් බෙර අවසානයේ ජය මංගල ගාථා කීමද සිදු කෙරේ. මංගල පෝරුවෙන් යුවළ බැස්සවීම සඳහා දෙපාර්ශ්වයේම මාමාවරුන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබේ. මේ මොහොතේ දී ද සෙත් පිරිත් සජ්ඣායනා කරන අතර මඟුල් බෙර වාදනය ද කෙරේ.

මේ සියලු චාරිත්‍ර වලදි ගායනා කිරීමට සුදුසු, අෂ්ඨක තිබේ. දළදා අෂ්ඨකය, යශෝධරා අෂ්ඨක, ශ්‍රී විෂ්ණු අෂ්ඨක නමස්කාර ගාථා සැහැලි ආදී බොහෝ කියමන් සඳහා බොහෝ කියමන් චාරිත්‍ර වාරිත්‍ර වල අරුත් පහදා දී ඇතත් ලොව පහළ වී ඇති සියලු ආදර කථාන්තර වලට වඩා ආකර්ෂණීය වූද අර්ථවත් වූද ආදර්ශමත් වූද කථාන්තරය වන්නේ සිදුහත් යශෝධරාවන් ආත්ම ගණනක් මුළුල්ලේ ගතකළ ජීවිත පිළිබඳ කියැවෙන බෝසත් කථාන්තරය බැවින් මංගල පෝරුවේ චාරිත්‍ර වලට වඩාත් සුදුසු වන්නේ බෞද්ධ මංගල්‍යෂ්ඨක සහ පිරිත් බව කිවයුතුය.