මචන්ලා මේ තියෙන්නේ අපේ පරණ ගණිත යේදී භාවිත උන සංඛ්යා රටාව
අසංඛ්ය කල්පයක් කියන්නේ එතකොට ............
1. දහය xදහය =සියය
2. සීයxදහය =දහස
3. දහසxසියය = ලක්ෂය
4. ලක්ෂයxසියය = කෝටියයි
5. කෝටියxකෝටිය =ප්රකෝටියයි
6. ප්රකෝටියxකෝටිය =කෝටිප්රකොටියයි
7. කෝටිප්රකොටියයිxප්රකෝටි = නහුත එකයි
8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
15. අබිඩ එකxකෝටිය =අටට එකයි
16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
18. උප්පල එකxකෝටිය =කුමද එකයි
19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
21. පදුම එකxකෝටිය =කථාන එකයි
22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
23. මහා කථාන එකxකෝටිය =අසංඛ්ය එකයි
Wednesday, January 21, 2015
Monday, January 19, 2015
Thursday, December 25, 2014
shorcut virus අයින් කරමු
Many of us had and having this problem. We have
some most important data in our pen drives, what will we do if all the
data are loss? At some day, all the folders which are in
our drive is just showing as shortcuts in Windows (as shown in the above figure).
This problem may cause not only in pen drives, also in memory sticks, phone memories, external hard disks etc. If we trying to open those folders Windows will show an error that “Shortcut missing…!” We afraid of losing our data and somebody format the drive. But no need to afraid for this and format. Yes, this is a type of virus affection. Just follow the simple steps to remove that shortcuts and retrieve your folders back.
NOTE:No need of any antivirus software to perform this operation.
That’s it, just wait some seconds. Then open and check your drive. Your folders will be retrieved. I hope this is useful for you. If any doubt, comment below. Share with your friends. Don’t forget to subscribe us freely…
click more
our drive is just showing as shortcuts in Windows (as shown in the above figure).
This problem may cause not only in pen drives, also in memory sticks, phone memories, external hard disks etc. If we trying to open those folders Windows will show an error that “Shortcut missing…!” We afraid of losing our data and somebody format the drive. But no need to afraid for this and format. Yes, this is a type of virus affection. Just follow the simple steps to remove that shortcuts and retrieve your folders back.
NOTE:No need of any antivirus software to perform this operation.
- After plug in your virus affected drive, just press Win key + R to open Run box and type “cmd” and press Enter key. (Without double quotes)
- In the opened command prompt, open your drive by enter your drive letter as shown in the below figure. For example, if your drive letter is enter g: and press Enter. (To find your drive letter just open “My Computer” and check your drive icon)
- Now type “del *.lnk” and hit Enter.(without double quotes)
- Finally type the below command and hit Enter. (without double quotes)
“attrib -s -r -h *.* /s /d /l”
That’s it, just wait some seconds. Then open and check your drive. Your folders will be retrieved. I hope this is useful for you. If any doubt, comment below. Share with your friends. Don’t forget to subscribe us freely…
click more
Tuesday, December 23, 2014
මංගල පෝරුවේ වත ගොත
මංගල පෝරුවේ වත ගොත
හෙළ බෞද්ධ චාරිත්‍ර වලට අනුව යුවති, පතිවත ආරක්‍ෂා කරමින් යුවතිපති, පතිවත ආරක්‍ෂා කරමින් චිරාගත චාරිත්‍රාණුකූලව මංගල නැකැත් වලට අනුව තරුණ යුවතිපතීන් දෙපලක් විවාහ දිවියට ඇතුළත් වීමේ දී අනුගමනය කරන වැදගත්ම අංගය වන පෝරුවේ චාරිත්‍ර සඳහා ඉතා විචිත්‍ර වූ අනගිභවනීය අතීතයක් තිබේ. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් යශෝධරා යුවළට සාදන ලද පෝරුවේ විස්තරය දක්වා මෙහි අතීතය විහිදේ.
විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් එම පෝරුව සාදන ලද බවත් එහි දොරටු සතරක් තිබූ බවත් ඒවා සතරවරම් දෙවියන් විසින් රැකවල් කළ බවත් පැරණි පෝරුවේ කියමන්වල සඳහන් වේ.
මේ ආකාරයට දැනුදු බෞද්ධයන්ගේ මංගල පෝරු සාදන විට සතර දිසාවේ පුන්කලස් සතරක් සාදා සම්ප්‍රදායට අනුව පහන් දල්වන්නේ ධෘතාරෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙනි. පෝරුව අලංකාර කරන්නේ සිංහල කලා සම්ප්‍රදායන්ට අනුකූලවය. ඒ සඳහා අව් අතු මුර අතු, සේසත්, සඳකඩ පහ පහණ, පලා පෙති, ලියවැල්, හංස, ගිරා, ඇත්, සිංහ රූප මෙන්ම ඉර, හඳ, පුන් කලස් ආදිය යොදා ගනු ලැබේ.
පෝරුවේ ඉහළින් ම නවග්‍රහ මණ්ඩලය සංකේතවත් කරන චිත්‍ර නිර්මාණය කර සෞභාග්‍යයේ සංකේත වන සහල්, පොල් බුලත් සමඟ පඬුරු පෝරුව මත තබා ලදපස් මල් ඉස සුවඳ දුම් අල්වනු ලැබේ. හැම විටම පෝරුව අලුත් එකක් විය යුතු ය. කලින් භාවිතා කළ පරණ පෝරුවක් නව යුවලක් පෝරු මෂ්ඨකාරූඪ කිරීමට සුදුසු නොවේ. මේ අනුව පහත සඳහන් පැරණි කවියෙන් පෝරු පිළිබඳව කියැවේ.
සතර දොරටුව තොරණ සතර ද සිව් වරම් දෙවිරුව තනා
නොහැර නවග්‍රහ මඩල මුදුනේ එරන්කොත තබමින් මනා
කෙස ගජලතා සියපත් දිළෙන සඳකඩ පහණිනා
පවර දෙව් විමනක සිටිය දී උඩු වියන් බැඳි විලසිනා
මංගල චාරිත්‍ර මෙහෙය වන මංගල්‍යෂ්ඨක කියන තැනැත්තා සැදැහැති බෞද්ධයෙක් වීම වැදගත්ය. ඔහු ගුණගරුක යුතු වීම පමණක් නොව චතුර භාවයෙන් යුතු කීමේ, බිනීමේ හැකියාව ද හිමිවිය යුතුය. පන්සිල් රකින සිල්වත් වැඩිහිටියකු විය යුතු ය. බීමත්කමින් චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම මස් මාංශ අනුභව කිරීමෙන් වැළකී මනා සිහිකල්පනාවෙන් පෝරුවේ චාරිත්‍ර කළ යුතු ය. පෝරුවේ චාරිත්‍ර තේරුමක් නැති දේවල් නොවේ. සෑම චාරිත්‍රයක්ම අර්ථාන්විතය.
බෞද්ධ ඉගැන්වීම් වලට එකඟය. චාරිත්‍ර කරවන ගුණවතා විසින් මේ අර්ථ සභාවට පැහැදිලි කළ යුතු ය. පාලි, සංස්කෘත භාෂා වලින් කියන බොහෝ ගාථා, අෂ්ඨක ආදිය අන්‍යයන්ට නොතේරෙන බැවින් එය නීරස වනවාක් මෙන්ම සභාවේ අවධානයෙන් තොර අර්ථශූන්‍ය දෙයක් වනවා ඇත. එබැවින් පෝරුවේ කියමන් වලදී සිංහල භාෂාව වැඩිපුර යොදා ගනිමින් සභාවේ අවධානය යොමු වන පරිදි ශබ්ද නගා කිව යුතු ය. පෝරුවේ චාරිත්‍ර සඳහා නැකැත් සාදන විට පෝරුවට නැංවීමටත් පෝරුවෙන් බැස්සවීමටත් පමණක් නැකැත් සෑදීම ප්‍රමාණවත්ය.
ඒ සඳහා දෙදෙනාටම ගැළපෙන ලෙස ශුභ හෝරාවක් ගත යුතු ය. එහෙත් පෝරුව මත දී කරන මුදු මාරු කිරීම, කර මාලය බැඳීම ආදිය සඳහා ද විනාඩි දෙක තුනක් තබමින් නැකැත් සෑදීම අවශ්‍ය නොවේ. එවිට චාරිත්‍ර කරවීමට බාධා අවුල් සහගත තත්ත්වයක් ඇතිවේ. පෝරුව මත යුවළ සිටිය යුතු කාලය පැය භාගයකට පමණ ප්‍රමාණවත්ය. දීර්ඝ කාලයක් ගැනීම සුදුසු ඇති අතර යුවළ අපහසුතාවයට ලක් කරයි. ‘මංගල පෝරුවේ චාරිත්‍ර වලට සැබෑ අරුතක් එක් කෙරෙන බෞද්ධ සංකල්ප’
චාරිත්‍ර ආරම්භ කිරීමට පෙර නමස්කාරය කියා පන්සිල් ගැනීමද ඉන් පසුව දේවාරාධනා කර සෙත් පිරිත් කියන අතරතුර දෙපාර්ශවයේ පියවරුන් විසින් යුවළ පෝරුවට නැංවීමට උචිත වන්නේ ය. මඟුල් බෙර වාදනය ද මේ මොහොතේ සිදු කෙරේ. පෝරුවේ දී නව යුවල සිටුවනු ලබන්නේ මනාලයාගේ වම්පසින් මනාලිය සිටින අන්දමිනි.
ආරම්භයේ දී මෙවැනි නමස්කාර ගාථා කියනු ලැබේ.
භගවා භගවා යුත්තෝ
භග්ග, කිලේස වාගතෝ
භග්ග, සංසාර මුත්තාරෝ
භගවා නාමතේ නමෝ
තැලි පිළි පැළඳවීම,
මෙම චාරිත්‍රයේ දී මනාලයා විසින් මනාලියට ඇඳුම් ආභරණ පැළඳවීම සිදු කරනු ලැබේ. ස්වකීය භාර්යාවට ඇඳුම් ආභරණ සපයාදීම සැමියෙකුගේ යුතුකමක් බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. චාරිත්‍ර මගින් මෙම යුතුකම සංකේතවත් කරයි.
හඟල හුරුළු දීම.
බුලත් කීපයක් මත පඬුරු තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඇය ඒවා පෝරුව මතට හෙළනු ලබයි. නැවත මනාලිය විසින් ද එවැනිම බුලත් හුරුල්ලක් මනාලයාට දෙන අතර මේ අන්දමට හුරුළු හයක් මාරු කරයි. හත්වෙනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත. මෙයින් අදහස් කරන්නේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් සදිසා නමස්කාරයයි.
උපයන ධනය මව්පියන්, ගුරුවරුන්, හිත මිතුරන්, පවුලේ සේවකයන් හා ශාසනය වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීම සඳහා භාර්යාව විසින් ප්‍රවේශම් කර ආපසු දෙන බව මේ චාරිත්‍රය සංකේතවත් කරයි. එම සදිසාවට අමතරව වුවමනා විටෙක ආධාර උපකාර පරිත්‍යාග සඳහා බිරිඳට තිබෙන අයිතිය හත්වන හුරුල්ල ආපසු නොදීමෙන් සංකේතවත් කෙරේ.
වතුර සහ කැවුම් කිරිබත් පිළිගැන්වීම හා අනුභවය. ජලය පිරිසුදු ආදරය සංකේතවත් කරයි. පිරිසුදු ජලය මෙන් ජීවිතාන්තය දක්වා පතිවත රැක ගත යුතු බවයි. කැවුම්, කිරිබත් ආදී හෙළ ආහාර වර්ග මස් මාංශයෙන් තොරය.
දුක සැප එක්ව බෙදා ගැනීම හෙවත් සහජීවනයද මෙයින් අදහස් කෙරේ. මහා භද්‍ර කල්පයකට පෙර සිදු වූ සිදුවීමක් කිරිකඩ හේලය පිළිබඳ කවි පෙළින් කියැවේ. එක්තරා මවකගෙන් මනාලියට කොපමණ කිරි දුන්නේ දැයි මනාලයා විසින් ඇසූ විට කච්චියක් රෙදි තෙමෙන්නට කිරි දෙන්නට ඇතැයි ඇය උපමාවකින් කීවේලු.
මව් ගුණය සිහි කෙරෙන මෙම කථාන්තරය සහිත කවි පෙළ අසන්නන්ගේ සිත් කම්පා කරවන අතර අසීමිත මවුගුණ ඉස්මතු කරන සුළුය. එම කවි පෙළේ කොටසක් මෙසේයි.
පුතනුවනි ඒ නිසා - කිරි දුන් ගණන නොලසා
උපමා කර යසා - කියමි මගෙ පුත අසනු සතොසා
දසකඩ මස සරී – උපන් දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී
එවිට එම කුමරුන් - රෙදි කච්චියක් නොලසින්
සපයා ගෙන ගොසින් – මවට පිළිගන්වමින් සිතමින්
රන් සේප්පු ගන්නේ – ඊ පිට තබා ගන්නේ
මවට දුන් වැන්නේ – එදයි කිරිකඩ ලොව පැවැත්තේ
වැඩිහිටියන්ට බුලත් දීම
මවට මෙන්ම පියාටත් ගුණ සිහිකර බුලත් අතක් දී ආශිර්වාද ලබා ගනී. මවට කිරි හේලයක් පිළිගන්වා ගුණ ගායනා කර පියා අමතක කිරීම කිසි විටකත් නොකළ යුතු ය. මේ අවස්ථාවේ දී කාල වේලාව අනුව තවත් ළඟම ඥාතීන් හට ද බුලත් දීම සිදු කෙරේ.
අතපැන් වත් කිරීම.
වෙස්සන්තර රජු දරුවන් දන් දුන් පරිදි අත් ඇඟිලි පිරිත් නූලකින් බැඳ පිරිත් පැන් වලින් අතපැන් වත්කර සරණ පාවා දීම මනාලියගේ පියා විසින් කළ යුත්තේ ය. පියා නොමැති විට පමණක් මාමා කෙනෙකු විසින් කරනු ලැබේ. මේ වේලාවට සෙත් පිරිත් කීම සුදුසු ය. මඟුල් බෙර අවසානයේ ජය මංගල ගාථා කීමද සිදු කෙරේ. මංගල පෝරුවෙන් යුවළ බැස්සවීම සඳහා දෙපාර්ශ්වයේම මාමාවරුන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබේ. මේ මොහොතේ දී ද සෙත් පිරිත් සජ්ඣායනා කරන අතර මඟුල් බෙර වාදනය ද කෙරේ.
මේ සියලු චාරිත්‍ර වලදි ගායනා කිරීමට සුදුසු, අෂ්ඨක තිබේ. දළදා අෂ්ඨකය, යශෝධරා අෂ්ඨක, ශ්‍රී විෂ්ණු අෂ්ඨක නමස්කාර ගාථා සැහැලි ආදී බොහෝ කියමන් සඳහා බොහෝ කියමන් චාරිත්‍ර වාරිත්‍ර වල අරුත් පහදා දී ඇතත් ලොව පහළ වී ඇති සියලු ආදර කථාන්තර වලට වඩා ආකර්ෂණීය වූද අර්ථවත් වූද ආදර්ශමත් වූද කථාන්තරය වන්නේ සිදුහත් යශෝධරාවන් ආත්ම ගණනක් මුළුල්ලේ ගතකළ ජීවිත පිළිබඳ කියැවෙන බෝසත් කථාන්තරය බැවින් මංගල පෝරුවේ චාරිත්‍ර වලට වඩාත් සුදුසු වන්නේ බෞද්ධ මංගල්‍යෂ්ඨක සහ පිරිත් බව කිවයුතුය.
Wednesday, September 4, 2013
XP මෙහෙයුම් පද්ධතියට සමුදීමට ලහි ලහියේ සූදානම් වෙමින් සිටි
මයික්‍රසොෆ්ට් ආයතනය තම XP මෙහෙයුම් පද්ධතියට සමුදීමට ලහි ලහියේ සූදානම්
වෙමින් සිටි. එලබෙන අප්‍රේල් මාසයේ 8 වෙනිදා වන විට මයික්‍රසොෆ්ට් ආයතනය
දිගුකාලයක් එනම් වසර 12ක් තිස්සේ ලොව පුරා පරිගණක බහුතර ප්‍රමානයක් සජීවී
කල මෙහෙයුම් පද්ධතියට නිළ ලෙස සමුදීමට සූදානම් වෙමින් සිටිනවා.පසුගිය මාසය
වන විටත් ලොව පුරා පරිගණක 37.2%ක භාවිතයක් ලබමින් සිටින මෙම මෙහෙයුම්
පද්ධතිය එලබෙන අප්‍රේල් වන විට 10%ක භාවිතයක් ලබන මෙහෙයුම් පද්ධතියක් බවට
පත්කර ගැනීමයි මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉලක්කය වී ඇත්තේ. චීනය සැලකීමේදී
72.1%ක තවමත් XP භාවිතයක් ඇති සේ ගනනය වන අතර එය ඇමරිකාව හා සැසදීමේදී
තත්වය හය හත් ගුනයක බැරෑරුම්ව ඇති බවටයි පිලිගැනෙන්නේ.භාවිතාකරනන් අතර නෙක
මත පලවෙමින් ඇති අතර සමහරුන්ගේ මතය වන්නේ තමන් භාවිතාකරන අවසන් මෙහෙයුම්
පද්ධතිය වින්ඩෝස් XP වන බවයි, මේ අතර තවත් භාවිතාකරන්නන් පිරිසක් පවසන්නේ
වින්ඩෝස් Xp තරමේ මෙහෙයුම් පද්ධතියක් යලිත් නිම නොවනු ඇති බවකි.
මයික්‍රසොෆ්ට් ආයතනය අද පැවසුවේ තමන් සේවකයින් 30000ක් සමග xp භාවිතාවන ආයර්හනයකට ජපන් ආයතනයකට ආයතනයකට වින්ඩෝස් 8 ටැබ්ලට් උපාංග වෙත හුවමාරු වීමට සහය ලබාදීමට කටයුතු කරමින් සිටින බවකි.
මයික්‍රසොෆ්ට් ආයතනය අද පැවසුවේ තමන් සේවකයින් 30000ක් සමග xp භාවිතාවන ආයර්හනයකට ජපන් ආයතනයකට ආයතනයකට වින්ඩෝස් 8 ටැබ්ලට් උපාංග වෙත හුවමාරු වීමට සහය ලබාදීමට කටයුතු කරමින් සිටින බවකි.
Wednesday, August 28, 2013
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler
ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා ඇසුවොත් බහුතරයකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත් විස්තරාත්මකව "One people, One Germany, One Führer” යන සංකල්පය නිසා ඔහු මෙන්ම ඔහුගේ මඟ ගත් හිට්ලර්ගේ මිනීමරු අනුගාමිකයන් පිරිස මෙන්ම මෙම වියරු අදහස උදෙසා ලෝකයේ රටවල් ගණනාවක අහිංසක මිනිසුන් මිලියන ගණනාවකට සිය ජීවිතයෙන් වන්දිගෙවන්න වුනා සේම එයින් සිදුවූ දේපල හානියත් අතිමහත්.
![]() |
| මේ Life සඟරාව වෙනුවෙන් William Vandivert නම් ඡායාරූප ශිල්පිය සෝවියට්-ජර්මන් හමුදා සටන් කල බර්ලිනයේ එම යුද්දය අවසන් වී සති දෙකකට පසු ගන්නා ලද සේයාරුවකි. |
1933
දී නාසි යුගය ඇරඹුමත් සමගම හිට්ලර්ගේ ලෝකය යටත් කරගැනීමේ ආශාව මුදුන්පත්
කරගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර
ආරම්භ කල අතරම ඔහු ඒ සදහා ව්‍යාජබාවයෙන් යුතු මාධ්‍ය ව්‍යාපාරයක්ද මැනවින්
ක්‍රියාත්මක කරනු ලැබූවා. එහිදී ඔහු හා ඔහුගේ මාධ්‍ය ඇමතිවූ ආචාර්ය
ගොබෙල්ස් ගේ එක් සිද්ධාන්තයක් වූයේ ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට
සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. ඉතින්
මේ න්‍යය පදනම් කරගත් ඔවුන්ගේ සන්නිවේදන ව්‍යාපාරය ජර්මනිය තුල පමණක්
නොවෙයි බටහිර රටවල පවා බොරුවෙන් රවටා ගැනීමට හැකිකමක් දෙවන ලෝක යුද්දය
ඇරඹීමට පෙර කාලවකවානුව වනවිටම ලබාගෙන තිබුනා. එය කෙතරම් සාර්ථකද කියතොත්
ලෝකයේ රටවල් අතරින් ජර්මනිය ජීවන තත්වය උසස් හා වාසය කිරීමට සුදුසුම රටක්
ලෙස මවා පෑමට රැවටුන ඇමරිකාවේ Times සඟරාව 1938 වසරේ ලෝකයේ හොදම මිනිසාට හිමි සම්මානයෙන් පවා හිට්ලර්ව පිදීමට පසුබට වුනේ නැහැ.හිට්ලර් ජර්මනියේ තරුණ පරම්පරාව සිය අභිමතය උදෙසා මෙහෙවීම සදහා ඔවුන් කුඩා කල සිටම පාලනය කිරීමට අවශ්‍ය පියවරද ගනුලැබූවා. ඒ සදහා ඔහු විසින් එරට ගුරුවරුන්ට කුඩා කල සිටම ළමුන්ට නාසි වැඩපිළිවලටම අදාල වෙන පරිදි ඉගැන්වීම් කටයුතු කිරීමටද බලකෙරුනු ලැබුවා. ඒ අනුව කුඩා කල සිටම යුදෙව්වන්ට අවමන් කිරීමට හා ඔවුන් පහත් කොට සැලකීමට ජර්මන් දරුවන් පුරුදු පුහුණු කරනු ලැබූ අතර හිට්ලර් විසින් පිහිටුවීමට හා වසර දහසක් පුරා නොනැසී පවත්වා ගැනීමට බලාපොරොත්තුවූ තුන්වන අධිරාජ්‍ය එසේත් නැතහොත් බෙහෙවින් ප්‍රචලිත Third Reich වෙත පක්‍ෂපාතී වීමටත් ඔවුන්ව හුරුකරනු ලැබූවා. එපමණක් නොවේ. හිට්ලර් විසින් වැඩපිළිවක් ඇතිකරනු ලැබූවා තරුණ තරුණියන් වෙනුවෙනුත්. එය හැදින්වූයේ Hitler’s Youth නමින්. එයට එරට සිටි වසර නමයට වඩා වැඩි සියළු ජර්මානු ජාතික දරුවන් ඇතුලත් කරගනු ලැබූ අතර 1936-1938 කාලයේදී එරට මිලියන 8 ක් වූ දරුවන් මෙම වැඩසටහනට යොමුකොට තිබුනා.
1935 දී යුදෙව්වන්ට එරෙහිව සිය ප්‍රථම නීතිය හිට්ලර් විසින් නිකුත් කරනු ලැබූවා. ඒ ජර්මනියේ වාසය කල සියළුම යුදෙව් වැසියන් එරට පුරවැසිභාවයට හිමිකම් නොකියන බවයි. එහෙමත් නැත්නම් තවදුරටත් යුදෙව්වන් ජර්මනියේ වැසියන් නොවන බවයි.එපමණකින් නොනැවතුන ඔහු යුදෙව්වන් හා ජර්මානුවන් අතර විවාහ හෝ ලිංගික එක්වීම්ද සපුරා නීති විරෝධී බවටද ප්‍රකාශයට පත්කලා.
එසේම ඔහු මෙම කාලවකවානුවේ ජර්මානු සුදු ජාතික ආර්යය තරුණියන් දහස් ගණනක් ගර්භනීභාවය ඇතිකරගැනීමට පොළඹවනු ලැබීමක්ද කරනු ලැබුවා. ඒ සදහා ඔහුගත් ක්‍රියාමාර්ගයක් වූයේ එරට තරුණියන්ට Nuremberg rally camps නම්වූ කදවුරට සහභාගී වන ලෙස නියම කරනු ලැබීමයි. ඒ එයට සහභාගීවන තරුණයන් හා එක්කොට ඔහුගේ මෙම ආර්යය ජාතීයේ ජනගහනය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවක සාර්ථක කරගැනීම පිණිසයි. කෙසේවෙතත් 1936 දී මෙම තරුණියන් අතරින් 900 ක පමණ පිරිසක් නැවත සිය නිවසට පැමිනෙන විට ගර්භනී තත්වයට පත්ව තිබූ බව කියන අතර මෙම අවිවාහක තරුණ මාතාවන් හැදින්වූයේ Führer’s brides ලෙසයි.
හිට්ලර්ගේ රටවල් ආක්‍රමණයද සුවිශේෂ වූ අතර විටෙක එය සෘජුවම නොනවත්වා සිය ප්‍රහාරක බලය යෙදවීමෙන්ද, තවත් විටෙක කපටි යුද උපක්‍රම භාවිතයෙන් මෙනම තවත් විටෙක රටවල නායකයන් සිය කපටි ඥානය මගින් ගිවිසුම් ආදියෙන් මුලාකොට එම රටවල් යුද්‍දයෙන් ටිකකලක් ඈත්කොට තබා පසුව ප්‍රහාර එල්ල කොට යටත් කර ගනු ලැබූවා. විශේෂයෙන්ම රුසියානු විප්ලවයට හා ක්‍රියාකාරීව සම්බන්ධවූ, දේශපාලනයෙන් තෙම්පරාදුවී සිටි සෝවියට් දේශයේ Joseph Stalin පවා රැවටීමට හිට්ලර්ට හැකිවුනා. මුලින්ම මෙම ලෝක මට්ටමේ යුද්දයෙන් සෝවියට් දේශය ඈත්කොට තබාගෙන තමන්ට අවශ්‍ය රටවල් යටත් කරගත්තාට පසුව අතිමහත් සම්පත්වලින් අනූන සෝවියට් දේශය යටත් කර ගැනීම පිණිස Operation Barbarossa නම් වූ මෙහෙයුම මගින් සෝවියට් දේශය යටත් කර ගැනීමේ වැඩපිළිවල ආරම්භ වූ අතර එයින් සෝවියට් දේශයට සිදූවු මිනිස් හා දේපල හානිය අතිමහත්වූවා.
එසේම යුද්දයට සම්බන්ධව එකම පතරොමක් හෝ පත්තු නොකල අහිංසකයන් මිලියන ගණනාවකගේ සිරුරු ගොඩ ගැසුන මිනී කදුද එදා හිට්ලර්ගේ සිර කදචුරු තුල සුලභ දසුනක් වුනා. මෙම සිරකදවුරු තුල ප්‍රධාන වශයෙන් යුදෙව්වන්ද, කොමියුනිස්ට්වාදීන්ද, ආදී නොයෙක් සමාජ ස්ථරවල මිනිසුන් තිරිසන් ලෙස ගාල්කරන්නට එදා භාවිතා කලා.
![]() |
| මේ විනෝද චාරිකාවක් යන මිනිසුන් පිරිසක් නොවේ. හිට්ලර්ගේ Buchenwald සමූහ සිරදකවුරේදී අකල් මරණයකට ලක්වූ අහිංසක මිනිසුන් රැසක් ට්‍රක් රථයක් මත ගොඩගසා ඇති ආකාරයයි |
![]() |
| මේ ඔබ සිතන්නේ ජර්මනියේ හොදම බේකරියේ උදුන් කියාද? නැත. මේ Buchenwald සමූහ සිරකදවුරේ මිය ගිය මිනිසුන්ගේ දේහ පුළුස්සනු ලැබූ උදුන්ය. |
![]() |
| මෙම පින්තූරය ගැන තවත් විස්තර අවශ්‍යද? |
1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්දය පැවති අතර මුල් කාලයේ සීඝ්‍රගාමී ආකාරයෙන් හා සාර්ථකව රටවල් යටත් කර ගනිමින් යුද්දයේ වාසිය ජර්මනිය පැත්තට තිබුනත් පසුව ඇමරිකාව යුද්දට සම්බන්ධවීම, සෝවියට් දේශයේ අංශක ඍන අගයක් ගන්නා ශීත ඍතුවට මුහුණදීමට සැලසුමක් නොතිබීම හා පසුබැස සිටි සෝවියට් හමුදාවන්ගේ ධෛර්යය වැඩිදියුණුවී කෙසේ හෝ ජර්මානුවන්ට ස්ටාලින්ග්‍රෑඩය යටත් කරගන්නට ඉඩ නොදීමේ තිරඅදිටනින් යුතුව සටන්කොට එතැනින් පසුව ජර්මනිය නැගෙනහිර යුදපෙරමුනෙන් සෝවියට් දේශය වෙතින් පරාජයට ලක්වීම ඇරඹිමත්, යුද පෙරමුනේ සටන් වැදුන අත්දැකීම් සපිරි ජර්මන් ජනරාල්වරුන්ගේ නිර්දේශවලට හා යුද සැලසුම් වලට වඩා හිට්ලර් තමන්ගේ මතයන්වල අත්‍තනෝමතික ලෙස එල්ඹ ගෙන සිටිමත් සහ තවත් හේතු ගණනාවක් නිසා ජර්මනියේ ජයග්‍රහණය ක්‍රමයෙන් දුරස්වන්නට විය.
තමන්ගේ සිහිනය ජයග්‍රහණය කරන්නට, එසේත් නැත්නම් වසර දහසක් පුරා නොනැසී පවතින ආර්යය අධිරාජ්‍ය බිහිකිරීම කෙසේවෙතත් පරාජයේ අදුරු සෙවනැලි පෙනෙන්නට වූ කල හිට්ලර්ගේ හමුදාවේ ඉහල නිලයන් දැරූ නිළධාරීන් සමහරක් පැනයන්නටත්, තවත් සමහරක් සියදිවි නසා ගන්නටත්, තවත් පිරිසක් මිත්‍ර පාර්ශවයට භාරවෙන්නටත් වුනා. කෙසේවෙතත් තමන් නොසෑහෙන්න හිරිහැර කල සෝවියට් හමුදාවන්ට හසුවී වදවේදනා විදිනවාට වඩා සියදිවි නසා ගැනීම සැපක් ලෙස සැලකූ හිට්ලර් ඒ අයුරින් සිය දිවි තොර කර ගැනීමටත් අවසානය දක්වා ඔහු සමග සිටි ඔහුගේ පෙම්වතිය හා මිය යාමට ඔන්න මෙන්න තබා තිබියදී සිය බිරිද බවට පත්වූ Eva Braun ද සිය ස්වාමියාව අනුගමනය කරමින් වෙඩි තබාගැනීමෙන් සිය ජීවිතය තොරකරගත් අතර හිට්ලර්ගේ අභිමතය පරිදි සිරුරවත් හතුරාට හසුනොවන්නට ඔහුගේ බංකරය අසලදීම සිරුරු ගිණිතබා විනාශකරන ලදි.
![]() |
| මේ හිට්ලර්ගේ අවසන් දින කිහිපය ගෙවූ බංකරය ඇතුලත දුර්ලභ සේයාරුවක්ය. මෙවැනි සේයාරූ බොහෝමයක් ප්‍රසිද්ධ නොකරන ලද බවද පැවසේ. |
![]() |
| සෝවියට් සොල්දාදුවන්ගේ පරීක්‍සාවට ලක්වන්නේ හිට්ලර් හා ඔහුගේ බිරිද ඊවා බ්‍රවුන් සියදිවි හානිකරගත් අවස්ථාවේ වාඩිවී සිටි සෝපාවයි. මෙහි ලේ තැවරී ඇති ස්ථානයේ සිට ඇත්තේ ඊවා බ්‍රවුන් බව සැකලකේ. |
![]() |
| තවත් දුර්ලභ හා ප්‍රසිද්ධ නොකෙරුන සේයාරුවක් වන මෙහි මොවුන් පරීක්‍ෂාකරන්නේ හිට්ලර් හා ඔහුගේ බිරිද මියගිය පසු පෙට්රල් දමා ගිණිතැබූ ස්ථානය බවට සැලකේ. |
ලෝකයේ බොහෝමයක් දෙනා මෙතුවකට පහලවූ නරකම ඒකාධිපතියා ලෙස හිට්ලර් ගැන සිතුවත් ඔහුට ලැබී ඇත්තේ වෙනත් පාලකයන් දෙදෙනෙකුට නොලැබුන තැනක් බව අන්තර්ජාලයෙන්ම ලැබුන මෙම පින්තූරයෙන් පෙනෙන අතර මීට පෙර ගුලාග් ලිපි මාලාවේදීද මීට සමාන අදහසක් දක්වා තිබූ බව ඔබට මතක ඇති.
![]() |
| (මෙම පින්තූරය විශාලනය කර බැලීමට එය මත Click කරන්න) |
දැන් මෙම ලිපිය අවසන් කරන මොහොතයි. සාමාන්‍යයෙන් යම් සිදුවීමක් ගලා යන ආකාරයෙන් පියවර පියවර ඉදිරිපත් කරනවාට වඩා වෙනස් මුහුණුවරකින් මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කල අතර ඉදිරි දිනක මීටත් වඩා තොරතුරු ඇතුලත් පොත් දෙකක් පිළිබදව තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තුවෙමි.
ඔබත් බ්ලොග් කියවන අවිවාහක තරුණයෙක්ද අවිවාහක තරුණියක්ද එහෙනම් එන්න කියවන්න....
ඔබත් බ්ලොග් කියවන අවිවාහක තරුණයෙක්ද අවිවාහක තරුණියක්ද එහෙනම් එන්න කියවන්න.....
මංගල දැන්වීම් වලට දැන් තියෙන්නේ පුදුම ඉල්ලුමක්.... ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙනුත් අප්‍රමාණ තල්ලුවක්නේ දෙන්නේ මේ වගේ වැඩ වලට..... මතකනේ මේ පෝස්ට් එක.. ඔන්න දෙසැම්බර් කසාදත් බඳිනවලු... මේ පෝස්ට් එක ලියන්න හිතුනේත් ඊයේ ගිය ගූගල් බස් එකක් නිසා... මේකේ රියැදුරු ප්‍රවීන් ඉන්ද්‍රනාම.. ඔහු සමාජයීය වගකීමක් තනියම කරට අරන් තමයි මේ බසය පාරට දැම්මේ... දැන් ඉතින් කියන්න එපා මොනාද මේ කියන්නේ කියලා... දැන් ඉවසිල්ලක් නෑ නේද? මෙන්න මෙහෙම දැන්වීමක් ඊයේ පල වුනා... ඉතින් සැමගේ සුභ සිද්ධිය පතා මම මේක බ්ලොග් එකේ පළකරන්න අවසර ගත්තා ප්‍රවීන්ගෙන්... එහෙනම් කට්ටිය හිතන්න බලන්න මේ මනාල මනාලියෝ කවුද කියලා....1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි... මත්පැනට ගිජුය.. අනන්මනන්(කෙටි ඇසුරකින් පසු දැනුවත් කෙරෙනු ඇත.) උපකරණ ගැන හසල දැනුමක් ඇත.... කුළුදුල් ප්‍රේමයට අවංක නිහතමානී රුවැති යුවතියකට ඇරයුම්.. කේන්ද්‍ර කොපිය සමග විමසන්න චතුෂ තුෂර කුමාර (සොහොයුරා) බාරේ..
2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට
3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ. ජාති ආගම් කුල මල ලිංග භේද නොසැලකේ. දෙහි මංගල්‍යය පවත්වා ඇත. මනාලිය උදේට හවසට සැතපුමක් පයින් යා යුතුය... නියරේ කෙළින් යා හැකි විය යුතුය.... කලුවරකදී දත් කුට්ටමෙන් හැදිනිය හැකි බුද්ධියක් තිබිය යුතුය..
4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි.. වයස නොපෙනේ
6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....
සතියකට දෙතුන් වතාවක් උදේට,දවල්ට හා රෑට පොලොස් ඇඹුල් රසට සදා දීමට ඹබටත් හැකිනම් මා සොයන සහකාරිය ඹබ විය හැකිය. රසට පොලොස් හදන්න පුලුවන් නම් කොල්ලෙකු උවද සලකා බලනු ලැබේ.
7. [මනාලයෝ] අවුරුදු 4ට කලින් විවාහ වී ඇති නිසා ඉවත් කරන ලදී.... සමහර විට කමෙන්ට්වල නැවත පලවේවී...
8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට මෙන්න මහගු අවස්ථාවක් තම ජිවිතය සතුටින් පුරවා ගැනිමට..සුරාවෙ පිරුණු, සුදුවෙන් තොර, සුදු පිරිවටක් මෙන් බුද්ධියෙ කොටසක් වර්ධනය වී නැති නිති පන්සිල් පොය අටසිල් ( පාර්ටිස් වලදි වලංගු නැත) රක්නා රත්‍රන් පුතෙකගෙන් පිරිනැමෙන පහත පැකෙජයන් සදහා ඔබත් දැන්ම අයදුම් කරන්න
පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි
පැකෙජ් අංක 2. සියල්ලොම එක වහලක් යට. - අවමය කොටි 5 ක දැවැද්දක් සමග නිවසක් සමග මාමන්ඩියගෙ බිස්නස් වල නිත්‍ය හිමිකාරත්වය(රත්තරන්, මැනික් සම්බන්ද ව්‍යාපාර සලකනු නොලැබෙ)
පැකෙජ් අංක 3. පැත්තක් නැහැ. - අයදුම්කාරියන්ව සම්මුක පරික්ෂනයක් සදහා යොමු කිරිමෙන් අනතුරුව සලකා බලනු ලැබෙ.
පැකෙජ් අංක 4. මුකුත් නැහැ. - අයදුම් කරන්න. උඩ තුනෙන්ම ආවෙ නැත්තම් ඩෙෆා.. ඉස්සලාම එන අයදුම් පත්‍රය ගැන විසෙස සැලකිල්ලක්.
ඔබගෙ ලිපියෙහි ඉහල වම් කෙලවරෙයි, පැකෙජ් අංකය සදහන් කරන්න..
9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක් තරුණියකට ගුණවත් නැනවත් චරිතවත් කියන දේකට එහෙයි කියමින් ජීවිත කාලෙම ඩොක් සමග ජීවත් විය හැකි තරුණයෙකු ඇගේ යහලුවන් විසින් සොයනු ලැබේ . අවසන් තීරණය ඇය සතුයි
10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ගුනවත් මට සුදු සහකරුවෙක් මම සොයමි දැවැද්දට බර වාහනයක්, රේල් පීලි ඇඳක් සහ හෙන්ඩුවක්... !!
11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්.. ලාමක.. අවිහිංෂක.. සුකුමාල..විනීත ළඳක් සොයනු ලැබේ...
බයිසිකල්වල පිටිපස්සේ යැමට හැකියාවක් තිබිය යුතු අතරම..වංගු ගනිද්දි බිය වි කෑනොගැසිය යුතුය. බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.
12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් කුමරෙකුට මන්ද මානසිකත්වයෙන් පෙලෙන රූමත් තරුනියකගේ අවශ්‍යතාවය දැනී ඇත..... ඔබම ඉල්ලුම් කරන්න... විවාහයෙන් පසු විදේශ ගත වීමට සූදානම් විය යුතුය.... සුදු පැහැයට වඩා කැමතියි.. වෙන අයැදුම්කාරියන් නැත්නම් කාපිරි වුවද සලකා බැලේ... වැඩි කලක් ඉවසිය නොහැකි බව අවධාරනය කරන්නෙමු
13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට කොළඹ හතෙන් පොෂ් කෙල්ලෙක් සොයයි... අවුරුද්දක වගකීම සහිත ඇන්ඩ්‍රොයිඩයක් හිමිය.... රෑට දැක්කොත් භය නොවිය යුතු අතර මත්පැන් කිසිවක් කටේ නොතියන බව පවසයි..... අයැදුම් කිරීම @#$%$% බාරේ......
විවාහක අයගේ ඒවත් තිබ්බා... ඒවා වැඩක් නැති නිසා අයින් කලා.....
මේ අය කවුද කියලා හිතන ගමන් අයදුම් කරන්න හිතෙනවානම් අයදුම් කරන්න.. ඔබේ දැන්වීමත් මෙහි පලකරන්නේ නම් කමෙන්ට් එකක් හැටියට පල කර යන්න.... මේ වෙලාවෙත් ඒ බස් එකේ සමහර මංගල දැන්වීම් ලියවෙනවා..... පුළුවන් උනොත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා...
Subscribe to:
Comments (Atom)














