Wednesday, August 28, 2013

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් පිළිබදව විස්තරද සමගයි. ඒත් ‍පොත් දෙක සොයාගන්න අද වෙලාව මදිකම නිසා ඒ ගැන වෙන දවසකට තියලා මෙම ලිපිය ලියන්න කියලා හිතුවා.

ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා‍ ඇසුවොත් බහුතර‍යකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත් විස්තරාත්මකව 
"One people, One Germany, One Führer” යන සංකල්පය නිසා ඔහු මෙන්ම ඔහුගේ මඟ ගත් හිට්ලර්ගේ මිනීමරු අනුගාමිකයන් පිරිස මෙන්ම මෙම වියරු අදහස උදෙසා ලෝකයේ රටවල් ගණනාවක අහිංසක මිනිසුන් මිලියන ගණනාවකට සිය ජීවිතයෙන් වන්දිගෙවන්න වුනා සේම එයින් සිදුවූ දේපල හානියත් අතිමහත්.
මේ Life සඟරාව වෙනුවෙන්  William Vandivert නම් ඡායාරූප ශිල්පිය
සෝවියට්-ජර්මන් හමුදා සටන් කල බර්ලිනයේ එම යුද්දය අවසන් වී
සති දෙකකට  පසු ගන්නා ලද සේයාරුවකි.

Life සඟරාව වෙනුවෙන් ගන්නා ලද ඡායාරූපය එහි පල කරන ලද්දක් නොවේ‍.
මේ යුද්දයෙන් පසු බර්ලින් නගරයට ඉහලින් ගුවන් යානාවකින් ගන්නා ලද
සේයාරුවකි. මෙම නගරයට සෝවියට් ගුවන් යානා මගින් 350 වාරයකට වඩා
බෝම්බ හෙලා ඇති බව පැවසෙන අතර එයින් මියගිය සංඛ්‍යාව දසදහස්
සංඛ්‍යාවක් වෙතැයි පැවසේ.විනාශ වූ ගොඩනැගිලි සංඛ්‍යාවද අතිමහත්ය.
1933 දී නාසි යුගය ඇරඹුමත් සමගම හිට්ලර්ගේ ලෝකය යටත් කරගැනීමේ ආශාව මුදුන්පත් කරගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර ආරම්භ කල අතරම ඔහු ඒ සදහා ව්‍යාජබාවයෙන් යුතු මාධ්‍ය ව්‍යාපාරයක්ද මැනවින් ක්‍රියාත්මක කරනු ලැබූවා. එහිදී ඔහු හා ඔහුගේ මාධ්‍ය ඇමතිවූ ආචාර්ය ගොබෙල්ස් ගේ එක් සිද්ධාන්තයක් වූයේ ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. ඉතින් මේ න්‍යය පදනම් කරගත් ඔවුන්ගේ සන්නිවේදන ව්‍යාපාරය ජර්මනිය තුල පමණක් නොවෙයි බටහිර රටවල පවා බොරුවෙන් රවටා ගැනීමට හැකිකමක් දෙවන ලෝක යුද්දය ඇරඹීමට පෙර කාලවකවානුව වනවිටම ලබාගෙන තිබුනා. එය කෙතරම් සාර්ථකද කියතොත් ලෝකයේ රටවල් අතරින් ජර්මනිය ජීවන තත්වය උසස් හා වාසය කිරීමට සුදුසුම රටක් ලෙස මවා පෑමට රැවටුන ඇමරිකාවේ Times සඟරාව 1938 වසරේ ලෝකයේ හොදම මිනිසාට හිමි සම්මානයෙන් පවා හිට්ලර්ව පිදීමට පසුබට වුනේ නැහැ.

හිට්ලර් ජර්මනියේ තරුණ පරම්පරාව සිය අභිමතය උදෙසා මෙහෙවීම සදහා ඔවුන් කුඩා කල සිටම පාලනය කිරීමට අවශ්‍ය පියවරද ගනුලැබූවා. ඒ සදහා ඔහු විසින් එරට ගුරුවරුන්ට කුඩා කල සිටම ළමුන්ට නාසි වැඩපිළිවලටම අදාල වෙන පරිදි ඉගැන්වීම් කටයුතු කිරීමටද බලකෙරුනු ලැබුවා. ඒ අනුව කුඩා කල සිටම යුදෙව්වන්ට අවමන් කිරීමට හා ඔවුන් පහත් කොට සැලකීමට ජර්මන් දරුවන් පුරුදු පුහුණු කරනු ලැබූ අතර හිට්ලර් විසින් පිහිටුවීමට හා වසර දහසක් පුරා නොනැසී පවත්වා ගැනීමට බලාපොරොත්තුවූ තුන්වන අධිරාජ්‍ය එසේත් නැතහොත් බෙහෙවින් ප්‍රචලිත 
Third Reich වෙත පක්‍ෂපාතී වීමටත් ඔවුන්ව හුරුකරනු ලැබූවා. එපමණක් නොවේ. හිට්ලර් විසින් වැඩපිළිවක් ඇතිකරනු ලැබූවා තරුණ තරුණියන් වෙනුවෙනුත්. එය හැදින්වූයේ Hitler’s Youth  නමින්. එයට එරට සිටි වසර නමයට වඩා වැඩි සියළු ජර්මානු ජාතික දරුවන් ඇතුලත් කරගනු ලැබූ අතර 1936-1938 කාලයේදී එරට මිලියන 8 ක් වූ දරුවන් මෙම වැඩසට‍හනට යොමුකොට තිබුනා.

1935 දී යුදෙව්වන්ට එරෙහිව සිය ප්‍රථම නීතිය හිට්ලර් විසින් නිකුත් කරනු ලැබූවා. ඒ ජර්මනියේ වාසය කල සියළුම යුදෙව් වැසියන් එරට පුරවැසිභාවයට හිමිකම් නොකියන බවයි. එහෙමත් නැත්නම් තවදුරටත් යුදෙව්වන් ජර්මනියේ වැසියන් නොවන බවයි.එපමණකින් නොනැවතුන ඔහු යුදෙව්වන් හා ජර්මානුවන් අතර විවාහ හෝ ලිංගික එක්වීම්ද සපුරා නීති විරෝධී බවටද ප්‍රකාශයට පත්කලා.


එසේම ඔහු මෙම කාලවකවානුවේ ජර්මානු සුදු ජාතික ආර්යය තරුණියන් දහස් ගණනක් ගර්භනීභාවය ඇතිකරගැනීමට පොළඹවනු ලැබීමක්ද කරනු ලැබුවා. ඒ සදහා ඔහුගත් ක්‍රියාමාර්ගයක් වූයේ එරට තරුණියන්ට 
Nuremberg rally camps නම්වූ කදවුරට සහභාගී වන ලෙස නියම කරනු ලැබීමයි. ඒ එයට සහභාගීවන තරුණයන් හා එක්කොට ඔහුගේ මෙම ආර්යය ජාතීයේ ජනගහනය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවක සාර්ථක කරගැනීම පිණිසයි. කෙසේවෙතත් 1936 දී මෙම තරුණියන් අතරින් 900 ක පමණ පිරිසක් නැවත සිය නිවසට පැමිනෙන විට ගර්භනී තත්වයට පත්ව තිබූ බව කියන අතර‍ මෙම අවිවාහක තරුණ මාතාවන් හැදින්වූයේ Führer’s brides ලෙසයි.

හිට්ලර්ගේ රටවල් ආක්‍රමණයද සුවිශේෂ වූ අතර විටෙක එය සෘජුවම නොනවත්වා සිය ප්‍රහාරක බලය යෙදවීමෙන්ද, තවත් විටෙක කපටි යුද උපක්‍රම භාවිතයෙන් මෙනම තවත් විටෙක රටවල නායකයන් සිය කපටි ඥානය මගින් ගිවිසුම් ආදියෙන් මුලාකොට එම රටවල් යුද්‍දයෙන් ටිකකලක් ඈත්කොට තබා පසුව ප්‍රහාර එල්ල කොට යටත් කර ගනු ලැබූවා. විශේෂයෙන්ම රුසියානු විප්ලවයට හා ක්‍රියාකාරීව සම්බන්ධවූ, දේශපාලනයෙන් තෙම්පරාදුවී සිටි සෝවියට් දේශයේ
Joseph Stalin පවා රැවටීමට හිට්ලර්ට හැකිවුනා. මුලින්ම මෙම ලෝක මට්ටමේ යුද්දයෙන්  සෝවියට් දේශය ඈත්කොට තබාගෙන තමන්ට අවශ්‍ය රටවල් යටත් කරගත්තාට පසුව අතිමහත් සම්පත්වලින් අනූන සෝවියට් දේශය යටත් කර ගැනීම පිණිස Operation Barbarossa නම් වූ මෙහෙයුම මගින් සෝවියට් දේශය යටත් කර ගැනීමේ වැඩපිළිවල ආරම්භ වූ අතර එයින් සෝවියට් දේශයට සිදූවු මිනිස් හා දේපල හානිය අතිමහත්වූවා.

එසේම යුද්දයට සම්බන්ධව එකම පතරොමක් හෝ පත්තු නොකල අහිංසකයන් මිලියන ගණනාවක‍ගේ සිරුරු ගොඩ ගැසුන මිනී කදුද එදා හිට්ලර්ගේ සිර කදචුරු තුල සුලභ දසුනක් වුනා. මෙම සිරකදවුරු තුල ප්‍රධාන වශයෙන් යුදෙව්වන්ද, කොමියුනිස්ට්වාදීන්ද, ආදී නොයෙක් සමාජ ස්ථරවල මිනිසුන් තිරිසන් ලෙස ගාල්කරන්නට එදා භාවිතා කලා.

මේ විනෝද චාරිකාවක් යන මිනිසුන් පිරිසක් නොවේ.
හිට්ලර්ගේ Buchenwald සමූහ සිරදකවුරේදී අකල් මරණයකට ලක්වූ
අහිංසක මිනිසුන් රැසක් ට්‍රක් රථයක් මත ගොඩගසා ඇති ආකාරයයි

මේ ඔබ සිතන්නේ ජර්මනියේ හොදම ‍බේකරියේ උදුන් කියාද?
නැත. ‍මේ Buchenwald සමූහ සිරකදවුරේ මිය ගිය මිනිසුන්ගේ දේහ
පුළුස්සනු ලැබූ උදුන්ය.

මෙම පින්තූරය ගැන තවත් විස්තර අවශ්‍යද?

1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්දය පැවති අතර මුල් කාලයේ සීඝ්‍රගාමී ආකාරයෙන් හා සාර්ථකව රටවල් යටත් කර ගනිමින් යුද්දයේ වාසිය ජර්මනිය පැත්තට තිබුනත් පසුව ඇමරිකාව යුද්දට සම්බන්ධවීම, සෝවියට් දේශයේ අංශක ඍන අගයක් ගන්නා ශීත ඍතුවට මුහුණදීමට සැලසුමක් නොතිබීම හා පසුබැස සිටි සෝවියට් හමුදාවන්ගේ ‍ධෛර්යය වැඩිදියුණුවී කෙසේ හෝ ජර්මානුවන්ට  ස්ටාලින්ග්‍රෑඩය යටත් කරගන්නට ඉඩ‍ නොදීමේ තිරඅදිටනින් යුතුව සටන්කොට එතැනින් පසුව ජර්මනිය නැගෙනහිර යුදපෙරමුනෙන් සෝවියට් දේශය වෙතින් පරාජයට ලක්වීම ඇරඹිමත්, යුද පෙරමුනේ සටන් වැදුන අත්දැකීම් සපිරි ජර්මන් ජනරාල්වරුන්ගේ නිර්දේශවලට හා යුද සැලසුම් වලට වඩා හිට්ලර් තමන්ගේ මතයන්වල අත්‍තනෝමතික ලෙස එල්ඹ ගෙන සිටිමත් සහ තවත් හේතු ගණනාවක් නිසා ජර්මනියේ ජයග්‍රහණය ක්‍රමයෙන් දුරස්වන්නට විය.

තමන්ගේ සිහිනය ජයග්‍රහණය කරන්නට, එසේත් නැත්නම් වසර දහසක් පුරා නොනැසී පවතින ආර්යය අධිරාජ්‍ය බිහිකිරීම කෙසේවෙතත් පරාජයේ අදුරු සෙවනැලි පෙනෙන්නට වූ කල හිට්ලර්ගේ හමුදාවේ ඉහල නිලයන් දැරූ නිළධාරීන් සමහරක් පැනයන්නටත්, තවත් සමහරක් සියදිවි නසා ගන්නටත්, තවත් පිරිසක් මිත්‍ර පාර්ශවයට භාරවෙන්නටත් වුනා. කෙසේවෙතත් තමන් නොසෑහෙන්න හිරිහැර කල සෝවියට් හමුදාවන්ට හසුවී වදවේදනා විදිනවාට වඩා සියදිවි නසා ගැනීම සැපක් ලෙස සැලකූ හිට්ලර් ඒ අයුරින් සිය දිවි තොර කර ගැනීමටත් අවසානය දක්වා ඔහු සමග සිටි ඔහුගේ පෙම්වතිය හා මිය යාමට ඔන්න මෙන්න තබා තිබියදී සිය බිරිද බවට පත්වූ Eva Braun ද සිය ස්වාමියාව අනුගමනය කරමින් වෙඩි තබාගැනීමෙන් සිය ජීවිතය තොරකරගත් අතර හිට්ලර්ගේ අභිමතය පරිදි සිරුරවත් හතුරාට හසුනොවන්නට ඔහුගේ බංකරය අසලදීම සිරුරු ගිණිතබා විනාශකරන ලදි.
මේ හිට්ලර්ගේ අවසන් දින කිහිපය ගෙවූ බංකරය ඇතුලත
දුර්ලභ සේයාරුවක්ය. මෙවැනි සේයාරූ බොහෝමයක් ප්‍රසිද්ධ නොකරන ලද බවද පැවසේ.

සෝවියට් සොල්දාදුවන්ගේ පරීක්‍සාවට ලක්වන්නේ හිට්ලර් හා
ඔහුගේ බිරිද ඊවා බ්‍රවුන් සියදිවි හානිකරගත් අවස්ථාවේ
වාඩිවී සිටි සෝපාවයි. මෙහි ලේ තැවරී ඇති ස්ථානයේ  සිට ඇත්තේ ඊවා බ්‍රවුන් බව සැකලකේ.

තවත් දුර්ලභ හා ‍ප්‍රසිද්ධ නොකෙරුන සේයාරුවක් වන මෙහි මොවුන්
පරීක්‍ෂාකරන්නේ හිට්ලර් හා ඔහුගේ බිරිද මියගිය පසු
පෙට්රල් දමා ගිණිතැබූ ස්ථානය බවට සැලකේ.
මේ එදා පුවත් පත් හිට්ලර් මිය ගිය පුවත වාර්තා කල ආකාරයයි.



කතාවක් තිබේ. එනම් සෝවියට් හමුදා බර්ලිනයට ඇතුළුවන විට ඔවුන්ගේ සොල්දාදුවන්
බොහෝමයක් අත් ඔරලෝසු පැලද සිටි බවයි. මෙහි අරුමයක් තිබේදැයි ඔබ සිතන්නට 

පුළුවන. 
මෙයයි එයට හේතුව එකල එම හමුදාවේ අත් ඔරලෝසු පැලද සිට ඇත්තේ ඉහලම නිලවල 
හමුදා නිලධාරීන් පමණක් බව පැවසේ. 
ඉතින් එම හමුදාවේ සොල්දාදුවන්ට අත් ඔරලෝසු ලැබී ඇත්තේ ඔවුන් අල්ලා ගන්නා ලද හෝ මරාදමන ලද ජර්මානුවන් පැලද සිටි ඒවා බව පැවසේ. එම කරුනේදී  එම හමුදාවද "අහිංසක"  ෙනාවූ බව පවසන්නට සිදුවන්නේ මෙහි දැක්වෙන හිට්ලර්ගේ බංකරය තුල තිබෙන වටිනා හා අතේ ගෙන යා හැකි සියල්ලක්ම පාහේ ඔවුන් ගෙන ගිය නිසාය.

ලෝකයේ බොහෝමයක් දෙනා මෙතුවකට පහලවූ නරකම ඒකාධිපතියා ලෙස හිට්ලර් ගැන සිතුවත් ඔහුට ලැබී ඇත්තේ වෙනත් පාලකයන් දෙදෙනෙකුට නොලැබුන තැනක් බව අන්තර්ජාලයෙන්ම ලැබුන මෙම පින්තූරයෙන් පෙනෙන අතර මීට පෙර ගුලාග් ලිපි මාලාවේදීද මීට සමාන අදහසක් දක්වා තිබූ බව ඔබට මතක ඇති.
(මෙම පින්තූරය විශාලනය කර බැලීමට එය මත Click කරන්න)

දැන් මෙම ලිපිය අවසන් කරන ‍මොහොතයි. සාමාන්‍යයෙන් යම් සිදුවීමක් ගලා යන ආකාරයෙන් පියවර පියවර ඉදිරිපත් කරනවාට වඩා වෙනස් මුහුණුවරකින් මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කල අතර ඉදිරි දිනක මීටත් වඩා තොරතුරු ඇතුලත් පොත් දෙකක් පිළිබදව තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තුවෙමි.

ඔබත් බ්ලොග් කියවන අවිවාහක තරුණයෙක්ද අවිවාහක තරුණියක්ද එහෙනම් එන්න කියවන්න....

ඔබත් බ්ලොග් කියවන අවිවාහක තරුණයෙක්ද අවිවාහක තරුණියක්ද එහෙනම් එන්න කියවන්න.....

මංගල දැන්වීම් වලට දැන් තියෙන්නේ පුදුම ඉල්ලුමක්.... ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙනුත් අප්‍රමාණ තල්ලුවක්නේ දෙන්නේ මේ වගේ වැඩ වලට..... මතකනේ මේ පෝස්ට් එක.. ඔන්න දෙසැම්බර් කසාදත් බඳිනවලු... මේ පෝස්ට් එක ලියන්න හිතුනේත් ඊයේ ගිය ගූගල් බස් එකක් නිසා... මේකේ රියැදුරු ප්‍රවීන් ඉන්ද්‍රනාම.. ඔහු සමාජයීය වගකීමක් තනියම කරට අරන් තමයි මේ බසය පාරට දැම්මේ... දැන් ඉතින් කියන්න එපා මොනාද මේ කියන්නේ කියලා... දැන් ඉවසිල්ලක් නෑ නේද? මෙන්න මෙහෙම දැන්වීමක් ඊයේ පල වුනා... ඉතින් සැමගේ සුභ සිද්ධිය පතා මම මේක බ්ලොග් එකේ පළකරන්න අවසර ගත්තා ප්‍රවීන්ගෙන්... එහෙනම් කට්ටිය හිතන්න බලන්න මේ මනාල මනාලියෝ කවුද කියලා....


1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි... මත්පැනට ගිජුය.. අනන්මනන්(කෙටි ඇසුරකින් පසු දැනුවත් කෙරෙනු ඇත.) උපකරණ ගැන හසල දැනුමක් ඇත.... කුළුදුල් ප්‍රේමයට අවංක නිහතමානී රුවැති යුවතියකට ඇරයුම්.. කේන්ද්‍ර කොපිය සමග විමසන්න චතුෂ තුෂර කුමාර (සොහොයුරා) බාරේ..

2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ දෙහධාරී මිතුරාට, පාරේ එක්කගෙන යා හැකි මනාලියක් මිතුරු කැල සොයයි..... කුල බේද නොසැලකේ.... වරදට සමාව දෙන අතර ඇයද වරදට සමාව දිය යුතුය (මෙය අනිවාර්ය වේ :D)....


3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ. ජාති ආගම් කුල මල ලිංග භේද නොසැලකේ. දෙහි මංගල්‍යය පවත්වා ඇත. මනාලිය උදේට හවසට සැතපුමක් පයින් යා යුතුය... නියරේ කෙළින් යා හැකි විය යුතුය.... කලුවරකදී දත් කුට්ටමෙන් හැදිනිය හැකි බුද්ධියක් තිබිය යුතුය..



4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි.. වයස නොපෙනේ යැයි ඔහු සිතයි... තරුණියන් කිහිප දෙනෙකු සමඟ කෙටි ඇසුරකින් වෙන් වී ඇතත් නීතිමය බැඳීමක් නොමැත....අම්බානෙක කෙට්ටු වීම, රෑකදී පේන තරමට පාට තිබීම, දෙන දෙයක් කෑමට හැකි වීම, ඔහු සිටිනා හැටියකට වැටී සිටීමට හැකි වීම, දරුවන් පිලිබඳ සිහින මාලිගා නැති වීම අවශ්‍යයි. වරදට සමාව දෙනු ඇති අතර ඔහුගේ වරදටද සමාව අපේක්ෂා කරයි. වැන්දඹු දික්කසාද සලකා බැලේ. ලිංග බේදය පමණක් සලකයි. ඉක්මනින් අයදුම් කරන්න.

5. [මනාලියෝ] දකුණු ලක රැජින.. රජයේ රැකියාවක් ඇති, කාව්‍යමය සිතක් ඇති, බ්ලොග්කරණයට හිතැති, කොල්ලෙක් තවම නැති මදක් චබී තරුණියට සුදුසු සහකරුවෙක් බ්ලොග් කරුවෝ සොයයි..... අවසන් තීරණය ඇය සතුය.... [පාවා දී අවසන්]

6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....
සතියකට දෙතුන් වතාවක් උදේට,දවල්ට හා රෑට පොලොස් ඇඹුල් රසට සදා දීමට ඹබටත් හැකිනම් මා සොයන සහකාරිය ඹබ විය හැකිය. රසට පොලොස් හදන්න පුලුවන් නම් කොල්ලෙකු උවද සලකා බලනු ලැබේ.


7. [මනාලයෝ]  අවුරුදු 4ට කලින් විවාහ වී ඇති නිසා ඉවත් කරන ලදී.... සමහර විට කමෙන්ට්වල නැවත පලවේවී...

8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට මෙන්න මහගු අවස්ථාවක් තම ජිවිතය සතුටින් පුරවා ගැනිමට..සුරාවෙ පිරුණු, සුදුවෙන් තොර, සුදු පිරිවටක් මෙන් බුද්ධියෙ කොටසක් වර්ධනය වී නැති නිති පන්සිල් පොය අටසිල් ( පාර්ටිස් වලදි වලංගු නැත) රක්නා රත්‍රන් පුතෙකගෙන් පිරිනැමෙන පහත පැකෙජයන් සදහා ඔබත් දැන්ම අයදුම් කරන්න

පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි

පැකෙජ් අංක 2. සියල්ලොම එක වහලක් යට. - අවමය කොටි 5 ක දැවැද්දක් සමග නිවසක් සමග මාමන්ඩියගෙ බිස්නස් වල නිත්‍ය හිමිකාරත්වය(රත්තරන්, මැනික් සම්බන්ද ව්‍යාපාර සලකනු නොලැබෙ)

පැකෙජ් අංක 3. පැත්තක් නැහැ. - අයදුම්කාරියන්ව සම්මුක පරික්ෂනයක් සදහා යොමු කිරිමෙන් අනතුරුව සලකා බලනු ලැබෙ.

පැකෙජ් අංක 4. මුකුත් නැහැ. - අයදුම් කරන්න. උඩ තුනෙන්ම ආවෙ නැත්තම් ඩෙෆා.. ඉස්සලාම එන අයදුම් පත්‍රය ගැන විසෙස සැලකිල්ලක්.

ඔබගෙ ලිපියෙහි ඉහල වම් කෙලවරෙයි, පැකෙජ් අංකය සදහන් කරන්න..


9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක් තරුණියකට ගුණවත් නැනවත් චරිතවත් කියන දේකට එහෙයි කියමින් ජීවිත කාලෙම ඩොක් සමග ජීවත් විය හැකි තරුණයෙකු ඇගේ යහලුවන් විසින් සොයනු ලැබේ . අවසන් තීරණය ඇය සතුයි

10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ගුනවත් මට සුදු සහකරුවෙක් මම සොයමි දැවැද්දට බර වාහනයක්, රේල් පීලි ඇඳක් සහ හෙන්ඩුවක්... !!

11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්.. ලාමක.. අවිහිංෂක.. සුකුමාල..විනීත ළඳක් සොයනු ලැබේ...
බයිසිකල්වල පිටිපස්සේ යැමට හැකියාවක් තිබිය යුතු අතරම..වංගු ගනිද්දි බිය වි කෑනොගැසිය යුතුය. බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.


12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් කුමරෙකුට මන්ද මානසිකත්වයෙන් පෙලෙන රූමත් තරුනියකගේ අවශ්‍යතාවය දැනී ඇත..... ඔබම ඉල්ලුම් කරන්න... විවාහයෙන් පසු විදේශ ගත වීමට සූදානම් විය යුතුය.... සුදු පැහැයට වඩා කැමතියි.. වෙන අයැදුම්කාරියන් නැත්නම් කාපිරි වුවද සලකා බැලේ... වැඩි කලක් ඉවසිය නොහැකි බව අවධාරනය කරන්නෙමු



13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට කොළඹ හතෙන් පොෂ් කෙල්ලෙක් සොයයි... අවුරුද්දක වගකීම සහිත ඇන්ඩ්‍රොයිඩයක් හිමිය.... රෑට දැක්කොත් භය නොවිය යුතු අතර මත්පැන් කිසිවක් කටේ නොතියන බව පවසයි..... අයැදුම් කිරීම @#$%$% බාරේ......


විවාහක අයගේ ඒවත් තිබ්බා... ඒවා වැඩක් නැති නිසා අයින් කලා.....



මේ අය කවුද කියලා හිතන ගමන් අයදුම් කරන්න හිතෙනවානම් අයදුම් කරන්න.. ඔබේ දැන්වීමත් මෙහි පලකරන්නේ නම් කමෙන්ට් එකක් හැටියට පල කර යන්න.... මේ වෙලාවෙත් ඒ බස් එකේ සමහර මංගල දැන්වීම් ලියවෙනවා..... පුළුවන් උනොත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා...