Monday, January 26, 2015

දන්තාලේප නිෂ්පාදන වල යටි කොටසේ ඇති වර්ණයන්ගෙන් කියවෙන රහස

දන්තාලේප නිෂ්පාදන වල යටි කොටසේ ඇති වර්ණයන්ගෙන් කියවෙන රහස



දන්තාලේප නිෂ්පාදනයන් වල යට කොටසේ මුද්රණය කර ඇති වර්ණයන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ.

කොළ – සියල්ල ස්වාභාවිකයි
නිල් – ස්වභාවික + ඖෂධ
රතු – ස්වභාවික + රසායනික
කළු – සියල්ල රසායනිකයි


කොළ පට හොයාගන්න එක තම අවුල බන්
කණගාටුව නම් බොහෝ දෙනෙක් පාවිච්චි කරන දන්තාලේප කළු බාර් එකකට හිමිකම් කීමයි

Supiri wadhan.

~පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්යාවට අනුලෝමව සමානුපාතිකවේ~




සැමියා බිරිඳගේ ටෝමියාය




දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට
බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්




මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?
"
ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"




~KISSING~
In America :
මාව තදීන් සිපගන්න
In France :
මාව සෙමින් සිපගන්න
In Sri Lanka :
ඉක්මනට දෙන්න කවුරුත් දැක්කොත් වසලා හමාරයි




සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න




මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ )




කෙල්ල: මට මුළු ලොවම ඔබයි!
කොල්ලා: තමුසෙට ලොවම ඔබනකන් ඉන්න පුළුවන්, අපි අල්ලපුවම තමා කිචි




විවාහයට හේතුව - තේරුම් නොගැනීම
දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම



අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට
අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ




ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා
ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට




මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක




බත් කන්න බැරිනම් ඔය කම්පියුටර් එක උයාගෙන කාපිය - අම්මා




කමල්: පත්තරේ දාන දැන්වීම් වලින් වැඩක් තියෙනවද අයිසේ?
නිමල්:අපි ගිය ඉරිදා මුරකාරයෙක් ඉල්ලලා දැන්වීමක් දැම්මා,පහුවදාම කඩේට හොරු පැනලා ඕයි




අස්ථිරවූ ස්ත්රී චින්තනය තුල ස්ථිර ප්රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක




අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,
මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!




මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා




ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්,
හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ!




අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!)




අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්




~
කාලය පඩයකි ගියොත් ගියාමය~.




~
අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා~.




~
සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~




මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව




වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්ය කතා කිරීම මැනවි




~
ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~




සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්!





මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි
"
අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.."
මගේ ගෑනියි ළමයි දෙන්නයි




මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා




මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද?
"
සල්ලි තියෙන මිනිස්සු"




whatz up -
මොනවද උඩ
cool man -
සීතලයි මිනිහෝ
are u nuts? -
ඔයා ඇටද?
rock the party -
පාටිය ගල් කරමු
keep in touch -
අල්ලන් හිටපන්




හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා,
අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ...




බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි?
සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ




මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන
"පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා "




කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර !




හිරුනම් ? අව්ව තමයි




කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම




මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් ,
කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ?




වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි




බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්




දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි




0-5
මල් වයස 5-10 මල් තියා වැඳීම
10-15
මල් සෙවීම 15-20 හොරෙන් මල් කැඩීම
20-25
එළිපිට කැඩීම 25-30 මල් තැලීම
30-35
මල් හැදීම 35-40 මල පැනීම




විවාහය අමු අඹයකි,
කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි
ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි...

Thursday, January 22, 2015

තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!


ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.
ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ඒ ගැන හරි හැටි දැනුවත් නැත්නම්, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.

භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුනු පසු, සතියක් පමණ ඇතුලත ඔබේ පැමිනීම ස්ථිර කරන්න. ආරාධනාපත හොඳින් කියවන්න. කොතැනක හෝ "dress code" එකක් සඳහන්ව තිබේනම්, ඔබ එදිනට ඇඳගෙන යා යුත්තේ එහි සඳහන් වර්ගයට හා වර්ණයට අයත් ඇඳුමක්. සමහරවිට ඔබ එදින ඉඳගත යුතු මේසයේ අංකයත් එහි සඳහන්ව ඇති.
නියමිත වේලාවට හෝටලයට යන ඔබ සුදුසු මේසයක් ‍තෝරාගතයුතුයි. කලින් වෙන්කරවාගත් මේසවල "Reserved" යනුවෙන් සඳහන්ව තිබෙනවා. ඒවගේම, ඔබේ කණ්ඩායමේ සිටින්නේ 4 දෙනෙක් නම්, 12කට පමණ ආසන පැනවූ මේසයක් ‍තෝරා නොගත යුතුයි.
සාමාන්‍යයෙන් හෝටල්වල ආහාර පිළිගන්වන්නේ ප්‍රධාන ක්‍රම 2කට අනුවයි.
බුෆේ ක්‍රමය
මෙනු ක්‍රමය

මෙනු ක්‍රමයේදී "3 course, 4 course, 5 course... " ආදී ලෙස ආහාර වර්ග ප්‍රමාණය මත කෑම වට්ටෝරුව වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යනම්, තමාට කැමති ආහාරයක් තමා කැමති ලෙස පිලියෙල කර දෙන්නැයි, ඉල්ලා සිටින්නත් පුලුවන්.
තමාට කැමති ආහාර වට්ටෝරුව ‍තෝරාගත් පසු ඔබ ආහාර ගැනීමට සූදානම්. දැන්, කෑම මේසයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබාගනිමු.


කෑම මේසයේ සැකැස්ම බොහෝ දුරට මේ වගේ. හොඳින් බලන්න. පිහිවල කැපෙන පැත්ත, තියෙන්නේ පිඟාන දෙසට. ඒ වගේම උපකරණ පාවිච්චිකල යුත්තේ පිඟානේ පිටත සිට පිඟාන දෙසට. රතු පාට ඊතල වලින් දක්වා ඇත්තේ එයයි.
දැන් නැප්කිනය ගෙන දිගහැර උකුලේ තබාගන්න. එය කමිසය ආවරණය වනලෙස ඇඳුමේ කොලරයට පහතින් රඳවා ගන්නත් පුලුවන්. නමුත් එය තරමක් පැරණි ක්‍රමයක්. කෑම ගැනීම නිමවූ පසු නැවත පිඟානට වම් පැත්තෙන් තියන්න.
දැන් ඔබ ‍තෝරාගත් මෙනුවට අදාල කෑම වර්ග එකින් එක ඔබට ලැබෙනවා.

මුලින්ම ඔබට ලැබෙන්නේ ඇපෙටයිසර් (ස්ටාටර්) විය හැකියි. එය ආහාර රුචිය වැඩිකිරීමට දෙන දෙයක් නිසා කුඩා ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්.
දෙවනුව සුප් හා සලාද ලැබේවි. ඒ සඳහා අදාල හැඳි පාවිච්චි කරන්න. වරකදී, සුප් හැන්ද සම්පූර්ණයෙන් පුරවා ගැනීම නොකල යුතුයි. භාගයක් පමණ පුරවා ගැනීම සුදුසුයි.
අනතුරුව ප්‍රධාන ආහාරය ඔබට ලැබෙනවා. ඒ මෙනුවට අදාලව මාලු, කුකුල් මස් හා වෙනත් මස් වර්ග යන පිලිවෙලටයි.
අවසානයේ අතුරුපසත්, තේ හෝ කෝපිත් ඔබට ලැබේවි.

කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා. කෑම බෙදීමෙන් පසු වේටර්වරයාට ස්තුති කිරීමට අමතක කරන්න එපා.
කෑම ගැනීමට ප්‍රථමයෙන් පිහිය සහ ගෑරුප්පුව අල්ලන නිවැරදි ක්‍රමයත්, ඔබ වයින් පානය කරනවා නම්, වයින් වීදුරුව අල්ලන නිවැරදි ක්‍රමයත් දැන සිටීම ප්‍රයෝජනවත් වේවි. පහත රූපවල ඇඟිලි තබාගෙන ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.




රූපයේ දැක්වෙන පරිදි සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න. ඇමරිකන් ක්‍රමයට නම්, කපාගත් පසු, පිහිය පසෙකින් තබා ගෑරුප්පුව සුරතට ගෙන ආහාර ගත යුතුයි. යුරෝපීය ක්‍රමයට නම්, ගෑරුප්පුව සුරතට මාරුකරන්නේ නෑ. නමුත් ඔබ ආහාරයට ගන්නේ බත් නම් එය රඳවා ගැනීමේදී ගෑරුප්පුව මදක් කරදරකාරී විය හැකියි. එවැනි විටක හැන්දක් පාවිච්චි කිරීමේ වරදක් නෑ.

කෑම මේසයේදී නොකලයුතු දෑ

නාසය, මුහුණ හෝ හැඳි පිසදැමීමට නැප්කිනය කිසිවිටෙකත් යොදාගන්න එපා.
කෑම මේසයේදී ඔබේ ජංගම දුරකතනය නාදවීමට ඉඩ තබන්න එපා.
කෑම මේසයේදී රූපලාවන්‍ය උපකරණ හෝ දත් හෑරීමේ කූරු පාවිච්චි කරන්න එපා.
තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා.
කෑම රස බැලීමටත් ප්‍රථමයෙන් ලුණු/ගම්මිරිස් යනාදිය එකතු කරන්න එපා.
වයින් ප්‍රතික්ෂේප කල යුත්තේ බඳුන මුනින් හැරවීමෙන් නොව, බඳුනේ කට අතින් වසා ගැනීමෙනි.
වැලමිට මේසය මත තබාගන්න එපා. වමත භාවිතා නොවන විටදී, එය උකුල මත තබා ගන්න.
බිම වැ‍ටුනු උපකරණ කිසිවිටෙකත් නැවත ගන්න එපා. ඒ වෙනුවට අලුත් උපකරණයක් ඉල්ලා ගන්න.
කෑම මේසයේදී ශබ්දනගා කතා කිරීම හෝ කිසිවක් කතා නොකර සිටීම නොකල යුතුයි. කෑම මේසයේ සියල්ලන් සමඟ ප්‍රසන්න මාතෘකාවක් ගැන සුලු කතාබහක නිරතවන්න.
කෑම කටේ තබාගෙන කතාකිරීම නොකල යුතුයි.
කැස්සක් හෝ කිවිසීමක් සිදුකරන විට මුඛය හා නාසය නිරාවරනය කරන්න එපා. නැප්කිනයෙන් වසාගන්න. දිගටම එය සිදුවේනම් විවේක කාමරයට යන්න. නැවත කෑම මේසයට එන්න පෙර දෑත් හොඳින් සෝදන්න.
පිඟානේ ආහාර මහා පරිමාණයෙන් ඉතිරි කිරීම හෝ කිසිවක් ඉතිරි නොකිරීම නොකල යුතුයි. කෑම බෙදාගැනීමට පෙර තමන්ගේ කුසගින්නේ ප්‍රමාණය ගැන ස්වයංනිර්ණායකයකට පැමිණෙන්න.
ආහාර ගැනීමෙන් පසු පිඟාන ඉවතට තල්ලු කිරීම හෝ පිඟන් ගොඩ ගැසීම කරන්න එපා.
සියලු දෙනාම ආහාර ගෙන නිමවන තෙක් කෑම මේසයෙන් නැගිටීම නොකල යුතුයි. ඊට ප්‍රථමයෙන් නැගිටීමට අවශ්‍යනම්, අනිකුත් සගයන්ගෙන් අවසර ගන්න.


කෑම කන අතරතුරදී ආහාර දීසියක් තවත් අයෙකුට යැවීමට අවශ්‍යනම් සැම විටම තමාගේ දකුණුපසට යොමුකල යුතුයි. ඔබෙන් ඉල්ලා සිටින්නේ ලුණු හෝ ගම්මිරිස් නම්, ඒ බඳුන් දෙකම එකවර යැවීම තමයි සිරිත.
හරි! දැන් ඔබ කෑම කා අවසන්. ඒ බව සංඥා කිරීමට පිහිය සහ ගෑරුප්පුව පහත රූපයේ දැක්වන ආකාරයට සමාන්තරව තබන්න.


බිල ගෙවීමෙන් පසු වේටර්වරයාට Tip එකක් දීමත් සිරිතක්. Tip එක විදියට ඔබට කැමති මුදලක් දියහැකියි. සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා.

මේ තියෙන්නේ තරු පංතියේ හෝටලයක ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ සාමාන්‍ය සිරිත. ඔබට හැඳි සහ ගෑරුප්පු භාවිතය කරදරකාරී කියා සිතෙනවා නම්, අතින් වුවත් ආහාර ගතහැකියි. ඒ සඳහා පසුබට වියයුතු නෑ. නමුත් සිරිත් දැනගෙන යාම ඔබට විශාල පහසුවක් වේවි. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එය එසේ නම්, මේ ලිපියේ අරමුණත් එයමයි.