Sunday, March 29, 2015

මොකක්ද මේ මෝහනය කියන්නේ.



මොකක්ද මේ මෝහනය කියන්නේ...මෝහනය කරනවා කියන්නේ ඇත්තක්ද? ඔව් මෝහනය කරන්න පුලුවන්...මෝහනය එහෙමත් නැත්තම් මෝහන නිද්‍රාව කියන්න එක්තරා විදිහක අස්වාභාවික නින්දක්...නිරෝගි ඕනැම කෙනෙක්ව මෝහන නිද්‍රාවට පත්කරන්න පුළුවන්.ඒ වැඩේට අවම වශයෙන් විනාඩි 5 ත් 20 ත් අතර කාලයක් වැයවෙනවලු. මේ නිදිගැන්වීමේ ශාස්ත්‍රය, මෝහන ක්‍රමය එහෙමත් නැත්තම් හිප්නෝටිසම් (Hypnotism ) යනුවෙන් හැදින්වෙන්වා. කිසියම් අයෙකු පු‍ටුවක හෝ ඇදක හාන්සි කරවා මෝහන කරුවෙකු විසින් වචනානුසාරයෙන් නිදි ගැන්වීම සිදුකරනවා.
ඒතකොට මෝනාද ඔය වචන...කොහොමද මෝහනය කරන්නේ ? ( මම නම් කරලා නැහැ...මේ ටික ඔයාලගේ දැනුම සදහා පමණයි )

හාන්සිවී පහසු ඉරියව්වෙන් සිටින අතර මුහුණ ඉදිරියෙන් දිලිසෙන කාසියක් වැනි දෙයක් අල්ලා ඒ දෙස බලා හිදීමට සලස්වනු ලැබේ.දැසට විඩා ගතිය දැනෙන කම් මේ විදිහට අල්ලන් ඉදලා නැවතිල්ලේ " දැන් ඔබේ ඇස් බරවීගෙන එනවා......බර වේගෙන එනවා......දැන් ශාරීරයට පහසුයි.....සුවයි.......දැන් නිදිබර වේගෙන එනවා.......නිදිමතයි........නිදිමතයි........නිදිමතය ි...........නිදි........ නිදි " යනුවෙන් මෝහන කරු විසින් චිත්ත එකාග්‍රතාවකින් යුක්තව, මොහුට නින්ද යා යුතුයි යැයි දැඩී විශ්වාසයකින් ලයාන්විතව හඩ නිසි ලෙස පාලනය කරමින් කිය යුතුයි.සුළු වෙලාවකට පසු ඔහු හෝ ඇය නින්දට පත් වේ.....

සාමාන්‍ය නින්දත් මේ මෝහන නින්දත් අතර වෙනසක් තියෙනවා...ඒ වෙනස තමයි මෝහන නිද්‍රාවෙදී අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකිය.ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්න අසා කුඩාකාලය තෙක් අතීත යටගියාව දැන ගත හැකියි.

ඒක කරන්නේ මෙහෙමයි....


" දැන් මම අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න.....කලබල නැතිව හෙමින් සිහි කරන්න.....ඔබ පාසැලේ අසවල් පන්තියේ ( උදාහරණ විදිහට 10 වන පන්තියේ ) ඉන්නවා...ඔබ කීවෙනි පේළියෙද ඉන්නේ......ඔව්!....කියන්න....කියන්න.....ක්ව්ද පන්තියේ උගන්වන්නේ.....(පිළිතුරු ලබා ගන්න) මොනවද උගන්වන්නේ....ඔව්!ඔව්!........(පිළිතුරු වලට ලයාන්විතව අනුබල දෙන්න)......තමන් ලඟ (කුඩා ළමයෙක් නම් "ඔයා ලඟ")..කවුද ඉදගෙන ඉන්නේ....(පිළිතුරු ලබා ගන්න).......දැන් අපි යමු 9වන පන්තියට.......(පෙර පරිදි අසන්න ).......දැන් අපි යමු 8 වන පන්තියට.......7 වන පන්තියට......ක්‍රීඩා උත්සවයක් තියෙනවා නේද?.....ඔයා මොන නිවාසෙද?.......අර දුවනවා කව්ද පළමු වෙනියට එන්නේ?......දැන් අපි යමු 6 වන පන්තියට.......5 වන පන්තියට........4 වන පන්තියට.........3 වන පන්තියට.......( විස්තර ලබා ගන්න්, බල කරන්න එපා....පිළිතුරු ලාබාගන්න ඉක්මන් වෙන්න එපා)......2වන පන්තියට යමු......මොනවද කළු ලෑල්ලේ ලියලා තියෙන්නේ..........කවියක් කියන්න........( මොහන නිද්‍රාව නිවැරදිව සිදුවී ඇත්නම් කවියක් කියයි )........කවුද කියා දුන්නේ........දැන් වයස අවුරුදු 4 යි.......3යි......මට දෙන්න ඔය සෙල්ලම් බඩුව.........(සමහර විට බැහැ කියයි)...........දෙන්න.........දෙන්න.......( සමහර විට අඬයි) ( අත ඉවතට ගනි) එසේ සිදු කරයි නම් දැඩි නින්දට පත්ව ඇත........දැඩි මෝහොන නිද්‍රාවට පත්ව ඇත්නම්..........හා දැන් නැගිටින්න........( කියමින් අතින් අල්වා එසවූ විට මෝහන නින්දෙන්ම නැගිටී.)......හා.......මේ පු‍ටුවේ ඉදගන්න.....( හිඳ ගනී.)....හිස පීරාගන්න කියා "පැන්සලක් " දුන්නත් ' පනාවක් ' මෙන් අල්ලා හිස පීරා ගනී....

දැන් නැවතත් ඇදට යවා ක්‍රමයෙන් මතකය තවත් ඇතට යවමින් පූර්ව ජන්මය පවා සිහිපත් කරවිය හැක..." ......දැන් ඔබ ඉන්නේ මව් කුස තුල මාස 9යි......මාස 8 යි.....මාස 7යි......" මෙසේ කියන විට දණහිස් නමා වකු‍ටු වී මව් කුස තුළ ඉන්නා ආකාරයෙන් සිටීම විශේෂ ලක්ෂණයකි. "..........දැන් ඔබ පෙර ආත්මයේ.....නැගිටින්න......නැගිටින්න.......( දැස් පියාගෙනම නැගිටියි)......නම මොකක්ද?......කොහෙද ඉන්නේ?......(සමහරු ඉක්මනින් පිළිතුරු සපයයි,,,තවත් සමහරු සෙමින් සෙමින් පිළිතුරු සපයයි..)
මෝහන නින්දේදී ලෙඩ සුව කිරීම, ලෙඩටබෙහෙත් අසා ගැනීම , වැරදී පුරුදු ඉවත් කිරීම ( නියපොතු සැපීම,දුම් පානය, මත් පැන් පානය වැනි), දුර සිදුවන දේ ' දිවැසින් මෙන්' කීම වැනි අධිමානසික ශක්තීන් (ESP ) ක්‍රියාකාරී වන බව ගවේශණ වලින් සනාථ වී තිබේ. නිවැරදි තොරතුරු ලබා ගැනීම සදහා ගැඹුරු මෝහන නින්දට පත් කල යුතු වේ...


මෝහනයේ දී නේත්‍ර දෘෂ්ටිය, ශබ්දොච්චාරණය, හස්ත ගමනය යන ක්‍රම භාවිතයේන් ගැඹුරු නින්දකට පත් කල හැකිවාක් මෙන්ම ඉක්මනින් මෝහනය කළ හැකිද වේ...

නේත්‍ර දෘෂ්ටිය

මෝහන කරුට වට පිට නොබලා නින්දට පත් වන පුද්ගලයා ගේ මුහුණ දෙසම චිත්ත ඒකාග්‍රතාවයෙන්, මොහූ ඒකාන්තයෙන්ම නින්දට පත්වන්නේ යැයි බලා හිදීම නේත්‍ර දෘෂ්ටියයි...

ශබ්දෝච්චාරණය

මෝහන කරු විසින් භාවිතා කරන වචන නැවතිල්ලේ ලයාන්විතව උච්චාරණය කිරීම, සරල, කාරණයට අදාල වචන පමණක් භාවිතය. සමහර විට එකම වචනය නැවත නැවත නැවතිල්ලේ උච්චාරණය කිරීම මැනවී.. ( උදා: නිදිමතයි......නිදිමතයි....නිදිමතයි......)

හස්තගමනය

අල්ල පැත්ත නිදා සිටින අයගේ ශරීරය දෙසට හරවා හිසේ සිට පහළට ශරීරයට අඟල් කිහිපයක් ඉහළින් ගෙන යාම ප්‍රතිඵල දායකය.මුහුණට අඩියක් පමණ ඉහළින් අල්ල පෙදෙස මුහුණට හරවා සිටීමත් හස්තගමනය වෙනුවට යොදාගත හැකිය...රෝග සුව කිරීමටත් මේ ක්‍රමය භාවිතා වේ. ශරීරියේ රෝගය තිබෙන පෙදෙසට ඉහළින් අල්ලා හිඳිමෙන් ඉක්මන් සුවය ලැබේ....

මෝහනයට පත්වූ වෙකු අවදි කිරීම

මෝහනයෙන් අවදි කරන්නට නොහැකි වේ යැයි ඇතැමෙක් බිය වෙති..මෙය අස්ථාන ( බොරු ) බියකි, මෝහනයෙන් කෙනෙකු අවදි නොකළත් අවදීවීම ඉබේම සිදුවේ.එසේ වන්නේ මෝහන නිද්‍රාවෙන් සාමාන්‍ය නින්දට පත්වී ඉන් අවදි වීමයි.මෝහන කරු සෑහෙන වේලාවක් නිශ්ශබ්දව සිටිවිට මෝහන කරු සමග ඇති සම්බන්ධතාවය ( සන්නිවේදනය) බිඳී සාමාන්‍ය නින්දට පත්වේ..

ශාස්ත්‍රානු කූල ක්‍රමය නම්:

දැන් ඔබට සුවයි.........ඇගට බොහෝම සැහැල්ලුයි,.......හරිම ප්‍රබෝධයි.......දැන් මං තුනට ගණින කොට ඔබට ඇහැරෙනවා.....එකායි........දෙකයි......තුනයි... ...." මෝහන නින්දෙන් අවදිවීම සිදුවේ.ගැඹුරු මෝහනයට පත්වූවෙකු නම් නින්දෙන් පිබිදියෙකු මෙන් වට පිට බලයි.ඇදෙන් ඉක්මනට නැඟිටියි.වුණ දෑ ගැන ආවර්ජනය කරයි.එහෙත් කළ කී කිසිම දෙයක් දැඩි මෝහන නිද්‍රාවකට පත් වූවෙකුට මතක නැත.මෝහන නිද්‍රාවට හරි හැටි පත්නොවුන කෙනෙකු නම් සියල්ල මතක් කල හැකි බව මෙන්ම හරිහැටි නින්ද නොගිය බවද ප්‍රකාශ කරයි......

සාමාන්‍යයෙන් අතීත මතකය අසාගෙන යාමෙදී විනාඩී 15 ක් 20ක් පමණ යන විට බොහෝ අය නින්දට පත් වේ,,,අවදී වූ විට ඔවුනට විනාඩි 15ක් 20 ක් තුල කී දැ මතක් කල හැක.ඉන් එහා කිසිවක් මතක් කල නොහැක.පටිගත කොට පසුව ඇසෙන්නට සැලැස්වූ විට ප්‍රකෘතී සිහියෙන් පවා ඔවුනට ඒවා මතක් කළ නොහැකිවී පුදුමයට පවා පත් වේ.........


මේ නූල එලකිරියේ අපේ අයගේ දැනුමට යමක් එකතු කිරීමේ අදහසින් මඩවල උපාලි හිමියන්ගේ අධිමානසික විද්‍යාව පොතෙන් උපුටා ගන්නා ලදී......
මේ විශයට ආස අය ඉන්නවනම් ඒ පොත හොයාගෙන ඒහි සදහන් පොත පත පරිශීලනය කරන්න.......





ඔබට දුක්වීමට වීමට ඕනෑනම් රෝස මලේ අග ක‍ටු ඇතැයි සිතන්න........ඔබට සතු‍ටු වීමට අවැසිනම් ක‍ටු පදුරේ රෝස මල් පිපෙන බව සිතන්න......
යමක් සුබවාදීද අසුභවාදීය යන්න තීරණය වන්නේ ඔබ සිතන ආකාරය මිස එම සිදු වීම නොවේ

Sunday, March 15, 2015

මගුලක් ද කරන්නේ??? part 2

ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2 - 08-07-2012, 12:54 PM
මගුලක් ද කරන්නේ??? part 2
බොහෝ දෙනාගේ වැඩි ඉල්ලීම මත මගුලක් ද කරන්නේ??? part 2 දාන්න හිතුනා..

මගුලක් කන්න ඇගිලි ගනින අපේ කොල්ලො වෙනුවෙන් දාන්නෙ..විස්තර පළවෙනි එකේ ගොඩක් තියෙනවා..මෙන්න

මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthr...2#post12823772

දැන් ඉතුරු ටික මෙන්න

අපිට මගුලට දල වශයෙන් යන වියදම් ටික පොඩ්ඩක් ගණන් හදල බලන්න පුලුවන් විදිහට මම ඒවා වෙන වෙනම දාලා පෙන්නන්නම්..මෙන්න.මේවා මිල ගණන් විවිධ පරාසයන්ගෙන් තියෙන නිසා මම දන්න විදිහට අවම මිල දාන්නන්...උඹල කැමති විදිහට ගණන් තෝර ගනින්..


Wedding Suits
Bride Wedding Saree (අවම 8,000-10,000 ක්, උපරිම ලක්ෂ ගණන්)

Brides Made's saree (අවම 2,000) * ගොඩක් වෙලාවට රෙදි අරගෙන සාරි හදන නිසා මේ ගානට රෙදි ගන්න පුලුවන්...ඩ්‍රෙස් මේකින් කරන කෙනා පොඩි ගාණකට සාරි හදන මෝස්තර දාලා කැටයම් දාලා දෙයි)
Flw Girl (අවම 2,000)

Bridal Shoes (අවම 4,000)

Brides Made's Shoes (අවම 2,000)

Flower Girl Shoes (අවම 2,000)

Dress Making (අවම 15,000)

Bridle Dressing (අවම 40,000 ක් වත් යයි.. දෙවෙනි මනමාලියො ගාන අනුව ගාන වෙනස් වෙනවා..දෙවෙනි මනමාලියෙක්ට අවම 5000 ක් විතර ගනියි.)

Bridle Bouqet (අවම 6000 ඉදල..නෙලුම් වලින් කරනවනන් ඒ ගාන..රෝස වලින් කරනවනන් 9-10 ක් විතර, ඕකිඩ් වලින් කරනවනන් 12-15 ක් විතර)

bride Mades Bouqet (අවම 4000)

Flower Gild Crown & Bouqet (අවම 4000)

Groom Nilame Kit (අවම 8000)

Groom's Friends (අවම 5000)

Page Boy (අවම 4000)
Jewelley Necklass (අවම පවුම් 2 ක් විතර යයි..එහෙම වුනාම ලක්ෂයෙන් එහා යයි)

Rings 2 (අවම පවුම් 1.5 ක් විතර යයි..එහෙම වුනාම ලක්ෂයකට ආසන්න ගාණක් එයි)

කකුල හෝදන්න පොඩි එකෙක් ඉන්නවනන් ඒකටත් මුද්දක් දෙන්න එපැයි 
ඒකට පොඩි එකක් ඕනිනන් විතරක් හදල දීපන්..නැති වුනා කියල වැරැද්දකුත් නැහැ..අපිට වාසියි.



Hotel Charge (උඹල තෝර ගන්න මෙනූ එකයි හොටෙල් එකයි එන පිරිසයි අනුව වෙනස් වෙනවා)


Hotel Decoration (අමු මල් වලින් කරනවනන් ලක්ෂයෙන් උඩ තමයි.ඒත් අවම...කෘතිම මල් වලින් කරනවනන් අමු මල් වලින් කරන ගානෙන් ගොඩක් අඩුවට කරන්න පුලුවන් (අවම 50,000)

Invitation Card (කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් -රු. 10 ඉදල මොස්තර තියෙනවා)

Wedding Cake (කෑල්ලක් රු. 35 ඉදල වගේ තියෙනවා..)
Wedding Cake බොක්ස් (පෙට්ටි) - (කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් -රු. 10 ඉදල මොස්තර තියෙනවා)

Wedding Car & Deco (වෙඩින් කාර් තියෙනවා පැය 4 ට රු. 8,000 වගේ ඉදල..ලිමෝ එකක් ගන්නවනන් පැය 4ට 80,000 යි  දන්න එකෙක් සෙට් කරගනින්)

Ashtaka & Jayamangala (අෂ්ටක 5,000 ඉදල, ජයමංගල 4,000 ඉදල) ඔය සෙට් එකම එකෙක්ට භාර දුන්නනන් එල..පෝරුවෙ බඩුත් එක්කම (3,000)එක පැකේජ් එකක් 20,000 කට වගේ ගන්න පුලුවන් නැටුම් කණ්ඩායමකුත් (8,000) එක්කම) එතකොට මගුල දවසෙ පොල් මල් හොයන්න ලදපස්මල් හොයන්න සුදු රෙදි හොයන්න වාත වෙන්න ඕනි නැහැ

Present for parents (මේකෙදි වෙන්නේ ගෑනු ළමයගෙ අම්මට කරන ගරු කිරීමක් විදිහට..සාමාන්‍යෙයන් කිරි කඩ හේලය කියල තමයි මේකට කියන්නෙ..සුදු රෙදි යාර 21 ක් දෙනවා ගෑනු ළමය බීපු කිරි වලට සමාන වෙන්න කියල, ඒත් දැන් ගොඩක් දුරට සුදු රෙදි වලින් වැඩක් නැති නිසා මොකක් හරි ඇදුමක් පැළදුමක් දෙනවා..උදා.සාරියක් වගේ) ඉතින් අම්මට විතරක් දීල ඉන්න එක හරි නැති නිසා තාත්තටත් මොනව හරි දෙනවා..දැන් මනමාලයගෙ පැත්තෙ අම්මටයි තාත්තටයිත් තෑගි දෙනවා පෝරුවෙ වෙලාවෙදි..)

Photo & videography (පුලුවන් තරම් දන්න එකෙක් සෙට් කරගන්න..දෙකම එක තැනකින් කරනවනන් එල..නැත්නන් දෙගොල්ලො ගැටෙන්න පුලුවන්, ලයිට් වලදි..ෆොටෝ ගද්දි, වීඩියෝ කරද්දි, ෆ්ලෑෂ් වෙද්දි,) ඒක නිසා එක තැනකින් දෙකම කරවගන්න..අදුරන එකෙක්නම් ෆොටෝස් ටික අරගන්න විතරක් බාර දීල ඉතුරු ටික උඹලම කරගනින්..නැත්නන් ෆොටෝස් වලට 50 ක් විතර යයි අවම. වීඩියෝ වලට 25,000 විතර යයි අවම..ෆොටෝස් කරද්දි උඹලට තැන්ක් යූ කාඩ් කොච්චර ඕනිද කියල බලපන්.. එක ෆැමිලි එකකට අවම 1 ගානෙ කාඩ් ගාන හදපන්..වැඩිපුර 25 ක් විතර ගනින්.. උඹල දෙන්නගෙ එන්ලාජ්මන්ට් ෆොටෝ එකක් ඉල්ලගනින් මගුල දවසෙම දවල්ට ලැබෙන විදිහට..කැමතිනන් ආපු අයගෙ අත්සන දාලා හදන සිග්නේචර් පොටෝ එකකුත් ඉල්ලගනින්..මතක ඇතිව එන හැම එකාගෙම පොටෝ එකක්වත් ගන්න කියපන්. හැම එකාම කපල් එකත් එක්ක ඉන්න පොටෝ එකක් ගනින්. පවුල් පිටින් ඉන්න උන් එක පවුල එක ෆොටෝ එක ගානෙවත් ගනින්. නැත්නන් අන්තිමට කස්ටිය චුරු චුරු ගානව අනිවා.

Photo location (දැන් ගොඩක් වෙලාවට හොටේල් එකේ ෆොටෝ ගන්නවට අමතරව වෙන ලස්සන ප්ලේස් වල පොටෝස් ගන්නවා..) උදා..ගංගාරාම පන්සල, නිදහස් චතුරශ්‍රය, දියවන්නාව.. ඒකට ලස්සන තැනක් තෝරගනින්..අන්තිමට ඉතුරු වෙන්නෙ ඇල්බම් එක නිසාවෙන්

Registar - මගුල රෙජිස්ටර් කරන කෙනා - සාමාන්‍යෙයන් එක දිස්ත්‍රික්කයක ජෝඩුවක්නම් ටිකක් කරදර අඩුයි. වෙඩින් එක තියෙන හෝටලේ අවට අයිති රෙජිස්ටාර් කෙනෙක්ට කලින් දන්වා දිනය වෙන්කරගන්න..අඩුම මාසෙකට කලින්වත්...දිස්ත්‍රික්ක දෙකක දෙන්නෙක්නම් එක්කෙනෙක්ගෙ ප්‍රෙද්ශය භාර රෙජිස්ටාර්ගෙන් ලියුමක් අරගෙන අනිත් පැත්ත භාර රෙජිස්ටාර් ට දීම අනිවාර්ය්‍ය වේ. රෙජිස්ටාර් සදහා මිළ - (නීත්‍යානුකූල විවාහවීමට මිළ රුපියල් වලින් 1,090 කි )

Sound (වෙඩින් එක දවසෙ බෑන්ඩ් එකක් සෙල්ලන් කරනවද, 2 පීස් එකක් ගහනවද, 3 පීස් එකක් ගහනවද නැත්නන් ඩීජේ පොරක් සෙට් කරගන්නවද කියල තීරණය උඹේ අතේ..ඩීජේ පොරක් 6,000 ක් විතර, බෑන්ඩ් එකක් 15 ක් විතර අවම ගන්නවා)

Hotel Rooms for 2 days (උඹල බැදල පැනිහද බලන්න නවතින්න යන හෝටලේ තීරණය කරපන්..සීතලේ ගැහි ගැහි පැණිහද බලනවද නැත්නන් මුහුදු වෙරළ පැත්තෙ යනවද කියල තීරණය කරපන්.. ගොඩක් වෙලාවට හොටෙල් රෑම් එකක් දවසකට රු. 5000 ඉදල වගේ තියෙනවා. මෙන්න ගොඩක් වටින සයිට් එකක් රෑම් වල ගනන් බලා ගන්න. . බුක් කරද්දි ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් ගැන අවබෝධයෙන් බුක් කරන්න. යද්දි වටින කියන ඒවා නැතිවෙන්න පුලුවන් නිසා (අරක ගැන නෙමෙයි කිව්වේ..ඒක කොහොමත් නැතිවෙනවනෙ..මම කිව්වෙ රත්තරන් බඩු, සල්ලි, කැමරා වගේ ඒවා) පරිස්සමින් වැඩ කරගනින්..

Travelling - උඹලට එහෙ මෙහෙ යන්න එන්න යන වියදම..මේකට අතේ කීයක් හරි වැඩිපුර තියාගනින්..අතේ නැතත් බැංකුවෙ දාලා හරි කාඩ් එකක් ලග තියාගනින්..දන්න කියන එකෙක්ගෙන් වාහනයක් සෙට් කරගනින්.. ඩ්‍රයිවින් වෙන එකෙක් කරනවනන් එල..මොකද උඹ වැඩ කරල කරල මහන්සිත් ඇති නිසා වෙන එකෙක් ඒ රාජකාරිය කරන එක හොදයි.



වෙඩින් එක දවසෙ කරන්න තියෙන කරන්න වෙන වැඩ ටිකකුත් තියෙනවා  (අහවල් එක ගැන නෙමෙයි කියන්න හදන්නෙ ) ප්‍රතිචාර අනුව ඒකත් පස්සෙ දාන්නන්..

මගුලක් ද කරන්නේ??? part 1

]මගුලක් ද කරන්නේ??? part 1

සල්ලිකාර, ලොකු ඩයල් වලට මේක අදාල නැති වෙයි...

මම මේක දාන්න හිතුවෙ අමාරුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බු කරල මගුලක් කන්න හිතාගෙන ඉන්න හිත හොද කොල්ලො වෙනුවෙන්..

බදින්න ඉන්න උන්ට මෙන්න වැදගත් වෙයි කියල හිතෙන ටිකක් විස්තර ටිකක්..
උඹලගෙ දැන් පවුල් පන්සල් වෙන්න කාලෙ හරි ඇති නේද? 

මෙහෙමයි සීන් එක...

මුලින්ම
උඹල බදිනවනන් මුලින්ම හොද දිනයක් සහ සුබ නැකත් ටිකක් හදාගන්න පළපුරුද ජොතිෂ්‍යඥයෙක්ට කියල
අඩුම තරමේ මාස 7,8 ක් එහායින් දිනයක් ගනින්..වැඩ ටික ප්ලෑන් කරන්නත් එක්ක..නැකත් හදාගද්දි මුලින්ම බලපන් මගුල් දවසෙ ඡායාරෑප ගන්න එහෙම උදේ කාලෙ වෙලාවන් ඉතුරු කරගෙන සුදුසු විදිහට බැලන්ස් කරල නැකත් ගන්න.. ඒකෙදි මනමාලියට අන්දවන්න සැලුන් එකකට යනවද ? අන්දන කෙනා ගෙදරට ඇවිත් අන්දල යනවද කියලත් බලන්න.. ගෙදරට ඇවිත් අන්දවද්දි සාමාන්‍යෙයන් රු. 10,000 පමණ වැඩිපුර මුදලක් සහ ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා ගොඩක් තැන් වල. අනිත් එක ගෙදරට ඇවිත් අන්දවද්දි හරිම අවුට්පුට් එකක් ගන්න බැහැ ගෙවල් වල තියෙන ලයිටින් සහ වටපිටාවත් එක්ක.. මගුල් දවසට නෑදෑයෝ ගෙදර පිරිල ඉන්න නිසා නිදහසේ අන්දවන්න කොහොමත් බැරි වෙනවා.ඒක නිසා සැලුන් එකකින් අන්දවන්න පුලුවන්නම් එල... එතනදි මනමාලි සැලුන් එකෙන් අන්දවගෙන වෙඩින් එක තියෙන ගෙදරට හෝ ශාලාවට පිටත් වන නිසා පිටත් වීමේ නැකත ඒ කාලය අනුව සකසා ගන්න. කොහොමත් මනමාලියෙක්ට අන්දවල ඉවර කරන්න පැය 3,4 ක් යනවා සාමාන්‍යෙයන්.. ඒක නිසා ඒ කාල වේලා බලල නැකත් හදා ගන්න..

දෙවනුව තීරණය කරගත් දිනයට මගුල ගැනීම ස‍දහා උත්සව ශාලාවක් තෝරා ගැනීම.
ඒක කරද්දි උඹේ අතේ තියෙන සල්ලි ගාන බලපන්.. උඹට වියදම් කරන්න පුලුවන් ගාන බලපන්..
උඹල දෙන්න (මනමාලි සහ මනමාලයා) එකතු වෙලා කතාබහ කරල වියදම් කරන්න පුලුවන් ගාන බලන්න.. සාමාන්‍යෙයන් මගුලට යන වියදමින් 35% පමණ උත්සව ශාලාවට වෙන් කරන්න...
අපි හිතමු උඹල දෙන්නට ලක්ෂ 10 ක් (උදාහරණයක් හැටියට) වියදම් කරන්න පුලුවන් කියල..එතකොට උඹල දෙන්න උත්සවය දවසේ උත්සව ශාලාවට වියදම් කරන පුලුවන් ගාන වෙන්නේ 350,000..එතකොට උඹල බලපන් මගුලට ආරාධනා කරන අමුත්තන් ගාන.උදාරහන විදිහට 200 ක් එනව කියල හිතන්න. එතකොට අපිට අර 350,000 දෙසීයෙන් බෙදල එන ගාන තමයි මගුල් ගෙදර ගන්න හෝටලේ තීරණය කරන්න පුලුවන් වෙන්නේ... අපිට යන්න පුලුවන් මෙනූ එක තීරනය වෙන්නෙ.... 
අපි තීන්දු කරගත් දිනය සුබ දවසක් වන නිසා ඒ දිනයට තවත් මගුල් ගොඩක් තියෙන්න පුලුවන්. ඒක නිසා බොහෝ උත්සව ශාලා, හොටෙල් ඒ හේතුව නිසා බුක් කරල තියෙන්න පුලුවන්..ඒක නිසා උඹල ඉක්මන් වෙලා මුලින්ම උත්සව ශාලාව බුක් කරගන්න සුළු ගානක් දීලා. . කොහොමත් පොඩ්ඩක් කට්ට කාලා හෙව්වොත් රුපියල් 700 ඉදල වගේ ප්ලේට්ස් තියෙන තැන් තියෙනව ලස්සන ලොකේෂන් එක්කම..තම තමන්ට ගැලපෙන විදිහට තෝරගන්න.. වැඩියම අඩු එකකට යන්නත් එපා..මොකද එදාට එන අය හොයන්නෙම වැරදි..එක්කො මනමාලිගෙ ඇදයක්..නැත්නම් කෑම වල අඩුපාඩු..කොච්චර කරත් හොදක් අහගන්නම අමාරුයි.. ඒක නිසා සාමාන්‍ය මට්ටමේ එකක් තෝර ගනින්...පුලුවන්නම් කෑම ටිකක් කාල බලලම තීරණය කරපන්

විශේෂ දෙයක් මෙන්න.. සාමාන්‍යෙයන් ඉස්සර ඉදල කරන විදිහට වෙඩින් එකයි, හෝම් කමින් එකයි දෙකක් කරනව වෙනුවට පුලුවන්නම් දෙපැත්තේ වැඩිහිටියො එක්ක කතා කරල දෙපැත්තෙම නෑදෑයො එක දවසක එකතු කරගෙන එක දවසකින් වැඩේ ඉවර කරන්න තීරණය කරන්න. දැන් වැඩිපුරම එහෙම තමයි වෙන්නෙ. ]වන් ඩේ ෆන්ෂන් එකක් විදිහට.. අර දෙකකට වියදම් කරන සල්ලි වලින් ජෝඩුව තමන්ට ඕනි බඩු මුට්ටුවක් හරි එකතු කරගන්න පුලුවන්. නැත්නම් රෝද හතරක් හරි... දෙවෙනි දවසෙ රතු සාරිය අදින්න ඕනිමනන් වෙඩින් එක දවසෙම ගොයින්-අවේ එක විදිහට අර රතු සාරිය අදින්න පුලුවන්.... මගුල ගෙදර වියදමින් බාගෙට බාගෙයක් ඉතුරුයි මෙහෙම දෙකම එක දවසෙ කරන්න පුලුවන්නම්.. දෙමව්පියන්ට තේරුම් කරල දුන්නොත් තේරුම් ගනියි..
පස්සෙ පුලුවන් උඹල ගන්න මෙනූ එකයි, අනිත් සේවා ටිකයි තීන්දු කරගන්න.
සමහර හොටෙල් වලින් පෝරුව, පොල්තෙල් පහන, සෙට්ය, වගේ දේවල් නොමිලේ දෙනවා...අපිට ඒවා ගන්න පුලුවන්නම් අපිට මල් සැරසිලි අයට දෙන සල්ලි ටිකක් විතර ඉතුරු කර ගන්න පුලුවන්...
නැත්නම් සම්පූර්ණ මල් සැරසිලි වලට අවම රුපියල් 50,000 ඉදල මිලියන ගණන් වෙනකල් එක එක මෝස්තර වලින් සැරසිලි තියෙනවා. අතේ තියෙන හැටියට තෝරගනින්.

වෙඩින් එකට ගැලපෙන තීම් එකක් (තේමාවක්) තෝරගන්න.. තීම් කලර් එකක් පාවිච්චි කරන්න..ඒක දිගටම හැම තැනදිම පාවිච්චි කරන්න. මල් වල ඉදල, දෙවෙනි මලමාලියන්ගෙ ඇදුම් වල පාට ඉදල, ආරධනා පත්‍ර, වෙඩින් කේක් පෙට්ටි, ටේබල් ඩෙකරේෂන්, ලයිට්ස් හැම දේම උඹලගේ තීම් කලර් එකට මැච් කරල කරන්න.. තීම් එක දිගටම කරගෙන යන්න. උදාහරණයක් විදිහට උඹල ආරාධන පත්‍රයට හංස පූට්ටුව දැම්ම කියල හිතහන්කො..ඒ පෙරහර තීම් එකම පෝරුවට සෙටිබැක් එකට ටේබල් ඩෙකරේෂන් වලට, කේක් පෙට්ටි වලට පාවිච්චි කරන්න පුලුවන් විදිහට.. එතකොට ගැලපීමක් තියෙනව හැම තැනම..අච්චාරුවක් නොවී ලස්සනක් තියෙයි..

මෙන්න කොළඹ අවට තියෙන හෝටල් සහ ඒවාගෙ විස්තර ටිකක්....
Code:
Hotel Details
...........................................................................

RAN MAL HOLIDAY RESORT (PVT) LTD
13th Mile Post (21 Km Post), South of Colombo.
346/5, Galle Road (Main Highway), Gorakana, Moratuwa, Sri Lanka.
Tel :(94) 11 38-2298921- 5 Fax: (94) 11 38-2298926
E- mail: ranmall@sltnet.lk
web : www.ranmalholidayresort.com
...........................................................................

Randiya Hotels (pvt) Ltd.
No. 389, Koralawella, Moratuwa. Sri Lanka.
Telephone     
+94 11 2658442
Tele / Fax     
+94 11 4211001
Web Site : www.randiyahotels.com
...........................................................................

Opulent Caterers
No:-166,Koswatta, Nawala , Rajagiriya, Sri Lanka
Tel:-   +94 112865994         +94 115338182
Mob:- +94 777632858 Fax:- +94 115338184 

http://opulentriver.com/index.php
www.opulentcaterers.com
www.opulentriver.com
...........................................................................

PRINCE Hotel Kesbewa, Sri Lanka.
192/7,Dawatagahawatta,
Kesbewa,
Sri Lanka
T.P. 0112702856
Hotline : 0722140410

...........................................................................

The Arch
http://www.wedding.lk/fingara-club-sri-lanka.php
Metro Central Rooftop
No: 26, Athurugiriya Road
Malabe.
Tel +94-11-5667557      

...........................................................................

http://www.wedding.lk/amalya-reach-sri-lanka.php

...........................................................................

Eco Bird Park - Rajagiriya
http://www.manaali.com/eco_bird.php
Mr Ruwan Liyanage
Hotline : 0714-736652
Email : ruwanliyanage69@yahoo.com
No. 166, Buthgamuwa Rd,
Rajagiriya

...........................................................................

imalka reception
Ranmuthugala Hama Vihara Mawatha,
Suriyapaluwa, Kadawatha.
Tel : 033 4901154
Email : info@imalkareception.com

http://imalkareception.com/contactus.html

...........................................................................
 

http://www.manaali.com/rockhouse.php

...........................................................................

watervilla - Pannipitiya
http://www.manaali.com/watervilla.php
Address :No : 196/26,
Isuru Uyana,
Depanama,
Pannipitiya.
Telephone : +94 0112 839 446
            +94 0755 393 2658 

...........................................................................

Asiri Hotel
http://www.manaali.com/asiri.php
264, Old Galle Road, Gorakana,
Moratuwa
Tel : 038-2298645,0602385855
Fax : 011-2713980

...........................................................................

willuda_inn
http://www.manaali.com/willuda_inn.php
No. 55/A, Compayahena Road,
Godagama, Panagoda.
Tel : 0114 – 334577 , 077- 3460500
info@willudainn.com
www.willudainn.com

...........................................................................    

SANORA RESTAURANT & RECEPTION HALL,
668, Pannipitiya Rd., Thalawathugoda, Sri Lanka.
Tel: (+94-11) 441 1135
        (+94-11) 277 4751
Fax: (+94-11) 277 4045    

...........................................................................
 
Hotel Janaki
43 Fife Road, Havelock Town Colombo 05
Telephone + 94 11 2502169

...........................................................................    
 
Athula Caterers (Pvt) Ltd
52/7 Jayasinghe Mw Ragama Road, Kadawata
Telephone + 94 11 2925455      

...........................................................................    
  
Chamalie Reception Hall
280,HighLevelRoad,Colombo 6
Telephone + 94 11  2810817      

...........................................................................    
  
Holiday Inn-Colombo
30 Sir Mohamed Marcan Marker Mw Colombo 03
Telephone + 94 11 2422001      

...........................................................................    
 
Marine Grand
41, Station Avenue, Marine Drive Colombo 06
Telephone + 94 11 4443833, Fax 4443834

...........................................................................    
 
 
Sea Face Banquet Hall
2777 New Galle Road,Egodauyana,Moratuwa
Telephone + 94 11 4214946      
 
...........................................................................    

Solis Banquet Hall
536 Kotte Road, Pitakotte
Telephone + 94 11 2886535      
 
...........................................................................    

Sripalee Banquet Hall
277/1 Galle Road, Idama Moratuwa
Telephone + 94 11 2646839      

...........................................................................    
 
Wanapetha Hall
1/129 Horana Road, Kesbewa Piliyandala
Telephone + 94 11 2613258      

...........................................................................    








Dampe Village Bolgoda Lake Resort
222 Dampe Madapatha Piliyandala
Phone:   94112707516 

...........................................................................    

Fieldview Holiday Resorts
17 Annasiwatta Rd Athurugiriya
Phone:   94112770381

ආරාධනා කරන්න ඕනි අය ලිස්ට් එකක් හදපන්.

ඊළගට මගුලට ඕනි කරන ලිස්ට් එකක් හදපන්,

රත්තරන් බඩු ගන්න යන්න කාලෙ හරි..
ඒක පොඩ්ඩක් රත්තරන් වල ගණන් බලල අඩු වෙච්ච දවසකට දුවල ගිහින් ඇඩ්වාන්ස් කරල වරෙන්.මෙන්න මේකෙන් රත්තරන් වල ගණන් දවසෙන් දවස වෙනස් වෙනව බලන්න පුලුවන්.

මේකෙ තියෙන Gram Karat 22 කියන එක 8 වැඩි කරල ගනින්... එතකොට අද මිල එනවා.. ඔය තියෙන්න ග්රෑම් එකක ගාන..
සාමාන්‍යෙයන් මුදු හදද්දි පිරිමි මුද්දක් හදන්න [SIZE="4"අවම[/SIZE] පවුමක් විතර යනවා... කෙල්ලගෙ මුද්ද හදන්න අවම පවුම් තුන්කාලයක් විතර යනවා. උපරිමය උඹලගෙ ගාන අනුව තීරණය කර ගනින්... කර මාලයක් හදන්න අවම පවුම් 2 ක් විතර යනවා.. නෙට් එකේ රත්තරන් බඩු වල ගණන් තියෙන සයිට් නැති තරම්..ඒත් මෙන්න මේකෙන් අද දවසේ (අප්ඩේටඩ්) මිළ බලාගන්න පුලුවන් රත්තරන් බඩු වල ඩිසයින් එකයි සයිස් එකයි එක්කම. මෙන්න ලින්කුව

උඹෙ මගුල සම්බන්ධව තීරණය ගන්න අය ඉතාම අඩු වෙනවනන් තමයි ඇගට ගුණ.. පුලුවන්නම් උඹය කෙල්ලයි විතරක් අදාල තීරණ ගන්න පුලුවන් මට්ටමේ ඉන්නවනන් වඩාත් හොදයි. අනිත් අයගේ උපදෙස් ගන්න එපා කියන එක නෙමෙයි කියන්නෙ. උපදෙස් ගනින්. ඒත් උඹල දෙන්නට ඕනි විදිහට මගුල කරගන්න බලපන්. මොකද මගුල උඹල දෙන්නගෙ නිසා.. එක එක අය එක එක ප්ලෑන් දෙයි මෙහෙම කරන්න අරහෙම කරන්න කියල.. ඒත් උඹල දෙන්න තීරණය කරල හරි දේ විතරක් කරපන්.. නැත්නන් වෙන්නෙ රෑකඩ වගේ දෙපැත්තට පැද්දි පැද්දි ඉන්න.. රූකඩ වෙන්නෙ නැතුව උඹල දෙන්න තනියෙන් තීරණය කරපන් කරන විදිහ ගැන. අද කාලෙ ඉන්නෙ රුපියල් 100 ක් දීලා ලක්ෂෙක බණ දෙසන අය.. ඒක නිසා පුලුවන් තරම් මගුලෙ වියදම් තමන් දෙන්න විසින් තනියෙන්ම දරන්න පුලුවන්නම් මැක්සා. එතකොට පුලුවන් උඹල කැමති විදිහෙ උඹලට පුලුවන් විදිහෙ පස්සේ පසුතැවිලි නොවන මගුලක් ගන්න.. 


දැන් උඹල තීරණය කරපන් වෙඩින් එක කරන්නෙ මොන විදිහටද කියල, අදින්නෙ මොනවද කියල..
අපේ රටට නම් වැඩිපුරම ගැලපෙන්නේ උඩරට විදිහට අදින ඇදුම් තමයි. නිලමෙ ඇදුම ඇදල කොහොමද තේජාන්විත විදිහට පෝරුවට නගිද්දි ෆිට් එක.. අත්දැකීමෙන් කියන්නෙ මාර ගති..
නිලමෙ ඇදුම් ගන්නවනන් ආභරණ මන්දිරය සහ පී.වී.එස් ජයසිංහ එකෙන් තමයි හොද විදිහට ඇදුම් ගන්න තියෙන්නෙ..සාමාන්‍යෙයන් මනමාලයගේ නිලමෙ ඇදුමක් රුපියල් 5,000 ඉදල රුපියල් 15,000 අතර ගණන් වලට තියෙනවා... දෙවෙනි මනමාලයෙක්ගේ නිලමෙ ඇදුමක් රුපියල් 3,500 ඉදල තියෙනවා. (ඇන්දවීමටත් සමගම) 

මනමාලියන්ට අන්දවන අය දැන් වැහිවැහැල. ඒත් ගානනම් අඩුවක් නැහැ. උඹල එක පාරක් විතරක් බදින නිසාත් ආයිත් ජීවිතේටම නොබදින නිසාත් හරියට අන්දන කෙනෙක් කොහොම හරි හොයාගන්න. 
කවුරුවත් කියන නිසා කාවවත් විශ්වාස කරල වෙන් කරගන්න එපා.. උඹලම ගිහින් එයා කරල තියෙන වැඩ තියෙන ඇල්බම් බලපන්..එයාගෙ වැඩ ගැන , ගාන ගැන සැටිස් නම් බුක් කරපන්..
සාමාන්‍යෙයන් මනමාලියෙක්ට අන්දවන්න පළපුරුදු නම ගිය කෙනෙක් රුපියල් 25,000 ඉහළ ගානක් ගන්නවා.. ගොඩක් තැන් වල නොමිලේ ෆේෂල් එකක් දෙනව වෙඩින් එකට කලින්..දෙවෙනි මනමාලියෙක්ට රු. 5,000 ඉදල අන්දවනවා.. හෝම් කමින් එකකට රුපියල් 15,000 ක වගේ ඉදල අන්දවනවා... කොහොමත් අන්දවන වැඩේට බර ගානක් යනවා දෙවෙනි මනමාලියො ගානත් එක්ක.. සමහර අයගෙ ලක්ෂ 3,4 යන ඒවත් තියෙනවා.. පුලුවන් තරම් අඩුවට කරගනින්.. ප්‍රසිද්ධ නමක් නොවුනට කමක් නැහැ වැඩ එල නම් ගාන ෂේප් නම් වැඩේ බාර දීපන්... මල් කළඹ බොහෝ විට අන්දවන කෙනාම කරල දෙනවා.. කොහොමත් මල් කළඹක් රුපියල් 5,000 වගේ ඉදල තියෙනවා.. උඩරට ආභරණ ගන්නවනන් අපිට පට්ට ගානක් යනවා..ගන්නත් අමාරුයි..ඒක නිසා ඒවා හයර් කරන තැනකින් ගනින්.. කොළඹ පැත්තේ තියෙන්නෙ ඉතින් මාළඹේ ආභරණ මන්දිරේ තමයි. ඒ ආභරණ රුපියල් 5,000 ඉදල රුපියල් 20,000 දක්වා තියෙනවා..කැමති එකක් තෝරල ගන්න පුලුවන්... ආභරණ මන්දිරයේ අයිති නිරෝෂා පෙරේරා අක්කා (සැලෝන් මනාලි) මනාලියන්ට අන්දවන්න පළපුරුදු දක්ෂ කෙනෙක්..ඒ අක්කගෙන් අන්දව ගන්නවනන් අර ආභරණ නොමිලේ ගන්න පුලුවන්... හැබැයි අන්දවන්න 25,000 / 5,000 ගණන් ම තමයි.... මාස 3,4 කලින් මනමාලිව අන්දන කෙනාට යොමු කරන්න..

සාරි ගනිද්දි මනමාලිට අන්දවන කෙනාගෙ උපදෙස් ගන්න..මනමාලිගේ පාට අනුව ගන්න ඕනි සාරියෙ පාට වෙනස් වෙනවා.. සාරියෙ ඩිසයින් එකත් එක්ක ගාන වෙනස් වෙනවා.. සාමාන්‍යෙයන් වෙඩින් සාරි රැපියල් 8,000 ඉදල වගේ තියෙනවා. හැබැයි වැඩ අඩුයි. රුපියල් ලක්ෂ ගණන් වලටත් සාරි තියෙනවා.ඒවා අපිට අදාල නැහැ.. පිටකොටුවෙ සාරි කඩ ගොඩක් තියෙනවා.
රාම් බ්‍රදර්ස්, ගනේෂ්, සරිටා..ඊට අමතරව අස්ලම් මාකර්ට් එකෙත් කඩ ගොඩක් තියෙනවා.
ඒව වලින් තමන්ට ගැලපෙන සාරියක් හොයල අඩු කරල ගන්න.. දන්න කෙනෙක් එක්ක යන්න.. අන්දවන කෙනා එක්ක ගියොත් සමහර තැන් වලින් අපිට ගාන අඩු කරන්නෙ නැහැ.. මොකද අන්දවන කෙනාට ගානක් දෙනව අපි ගන්න සාරියෙන්..ඒක නිසා අන්දවන කෙනා හලල පුලුවන්නන් ගිහින් ගන්න..එතකොට දෙන ඩිස්කවුන්ට් එක අපිටම ගන්න පුලුවන්..
අස්ලම් මාකට් එකේ තියෙන සාරි වල කියන ගානෙන් බාගෙට බාගයක් අඩු කරල ගන්න පුලුවන්..උදා.. 50 ක සාරියක් කිවුවොත් 25 කට විතර මර්සියක් දාලා ගන්න පුලුවන්..
උන් කියන්නෙත් එකකට එකක් වැඩියෙන් කොහොමත්..

තව සීන් එකක්..ලොකු ඩිසයින් එකක් තියෙන සාරියක් ගන්න ආසයි නම්, ඒත් ගන්න සල්ලි නැත්නම්, ගොඩක් තැන් වල තියෙනව වෙඩින් සාරි රෙන්ට් කරන්න. රුපියල් 50 - 60,000 වගේ සාරියක් රුපියල් 5,000 කට වගේ ගන්න පුලුවන් ඇදල දෙන්න.. හැබැයි මමනන් කියන්නේ සුලුවට හරි තමන්ටම කියල අලුත් සාරියක් ගන්න තමයි කෙල්ලො කැමති..

වෙඩින් එකට ගන්න දෙවෙනි මනමාලියො, දෙවෙනි මනමාලයො තීරණය කරන්න.
කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියල.
සාමාන්‍යෙයන් මුලු ගෘෘප් එකේම එකතුව ඔත්තේ සංඛ්‍යාවක් නොවිය යුතුයි. ඒ කියන්නේ එක්කො 2,4,6,8,10 ඒ වගේ වෙන්න ඕනි..

මනමාල ජෝඩුවට වඩා උස මහත අය ගන්න එපා.. 
වාත අය ගන්නත් එපා.. මල් කුමාරයො මල් කුමාරියෝ ගද්දි පොඩි බබාලා ගන්නත් එපා..උඹලට පස්සේ නලව නලව ඉන්න වෙයි..

මාස 4,5 කට කලින් ආරාධන පත්‍ර ලෑස්ති කරගන්න..අඩුවට ගන්න යන්න කොටුවෙ මැලිබන් වීදියෙ..කැමති ඩිසයින් එකක් ගන්න තමන්ගෙ තීම් එකට ගැලපෙන විදිහට..ආරාධනා කරන පවුල් ගණන අනුව කාඩ් ගණන තීරණය කරන්න.. නෑදෑයන්ට පුලුවන් තරම් බුලත් දෙන්න..කාඩ් දුන්නම ටිකක් විතර දුරස් බව්ක් තියෙනවා...

අපි හදාගත් නැකතට අනුව මුලින්ම බුලත් දීලා ආරාධනා කරන කෙනාව තෝරාගන්න.. සාම්ප්‍රදායිකව අපේ නෑ කෙනෙක්ට ආරාධනා කරත්, ඊට වඩා හිත හොද මනුස්සයෙක් ළගින් ඉන්නවනන් එයාට මුලින්ම බුලත් දෙන්න..හැමදේම කරන්නෙ හිතේ සන්තෝසෙ වෙනුවෙන් නිසා....තවත් සමහර නෑයො ඈයො සහ වේයො වගේ නිසා නැකත් වෙලාවන් නොකිය ඉන්න තරමටම හොදයි..

ඒ එක්කම වෙඩින් කේක් හදන්න දෙන්න.. සාමාන්‍යෙයන් ආරාධිත පිරිස 200ක් නම් කේක් කෑලි 350-400 ක් විතර හදවගන්න..
ගොඩක් දුරට එක කේක් කෑල්ලක් අරගෙන නවතින පොඩි උන් හොයාගන්න අමාරුයි..තව වෙඩින් එකට නොයෙන අයටත් එක්ක වැඩිපුර හදන එක එලකිරි.
කේක් කෑල්ලක් සාමාන්‍යෙයන් රුපියල් 35-40 අතර ගානක් වගේ තමයි වැටෙන්නෙ...
දැන් වෙඩින් කේක් දාන්න පෙට්ටි ඔනි වෙනව නේද? ඒකටත් පෙට්ටි 300 ක් විතර ගන්න..
කොටුවෙ මැලිබන් වීදියෙ පොඩ්ඩක් අඩුවට එක එක මෝස්තර වල ඩිසයින් වලින් පෙට්ටි ගන්න පුලුවන්..
සාමාන්‍යෙයන් රුපියල් 10 ඉදල වගේ තියෙනව පෙට්ටි.. කැමති ඩිසයින් එක විස්තර එක්ක දුන්නම ඒ පෙට්ටි වල අපේ විස්තර දාලා ප්‍රින්ට් කරවගන්න පුලුවන්..අපේ කලින් තීරණය කරපු තීම් එකට ගැලපෙන එකක් ගන්න පුලුවන්නම් ගොඩම තමයි. ප්‍රින්ට් එකට පොඩි ගානක් ගන්නවා..

පුලුවන් තරම් ලස්සනට වැඩ ටික කරගන්න බලන්න..වැඩිය මුදල් වියදම් නොකර ලස්සනට කරන්න වැඩ ගොඩක් තියෙනවා.
පුලුවන් තරම් කලින් කරල තියෙන වෙඩින් බලන්න..
ෆේස්බුක් එකේ වෙඩින් ෆොටෝග්‍රැපර්ස්ලගේ වෙඩින් ඇල්බම් ටිකක් බලන්න..ඒවා වල ඇදුම්, ආභරණ, සෙරෙප්පු සපත්තු, මොස්තර වගේ දේවල් වල හරි වැරදි අඩු පාඩු පාඩමකට ගන්න..
යු ටියුබ් එකේ වෙඩින් වීඩියෝ ටිකක් බලන්න.. ආදර්ශෙට ගන්න හරි දේවල්..
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ තියෙන වෙඩින් ප්‍රදර්ශන වලට යන්න... ඒව වල දෙන ඩිස්කවුන්ට් ගැන බලන්න.. 





ටැග් ටික දැක්කම දෙයක් කියන්න හිතුනා...
අවුරුදු ගානක් හම්බුකරල ලක්ෂ ගානක් පැය 4,5 කින් වියදම් කරද්දි හිතට ගොඩක් අප්සෙට් වගේ හිතෙනව වෙඩින් එක ප්ලෑන් කරද්දි...අතේ රැපියල් 1,090 ක් තියෙනවනන් නීත්‍යානුකූල විදිහට කසාද බදින්න පුලුවන් රටේ ලක්ෂ 10-12 වියදම් කරන එක සමහර විට පිස්සුවක් වගේ හිතෙයි මුලදි. හැබැයි කොහොම හරි අමාරුවෙන් වැඩ ටික කරගත්තට පස්සේ හිතට සැනසීමක් ලැබෙයි. වියදම් කරපු සල්ලි අපරාදේ කියන සිතුවිල්ල අයින් වෙයි. මොකද හොරෙන් පැනල ගිහින් හරි, ප්‍රසිද්ධියෙ ගිහින් හරි රෙජිස්ටර් කරල යනවට වඩා මේ ලෝකෙ හැම කෙල්ලෙක්ම කැමති මනමාලියක් වගේ ඇදල හැමෝම ඉස්සරහ කසාද බදින්න.. තීරණය උඹලගෙ අතේ රුපියල් 1,090 ද නැත්නන් ලක්ෂ ගණන් පැය 4,5 කින් වියදම් කරනවද කියල

වියදම් අඩු කරන්න මෙන්න තවත් එලකිරි අයිඩියා එකක්...උඹලගේ මගුල් ගෙදර -උඹලගෙ දවස බාර් එකක් කරගන්න එපා... වලි පොට් එකක් කරගන්න එපා..කොටින්ම කිව්වොත් බොන්න දෙන්න එපා..
ඒකෙන් ඇගට දැනෙන ලොකු ගානක් ඉතුරු වෙනව වගේම හිතට දැනෙන සැනසීමක් ලැබෙනවා. පොඩ්ඩක් හිතපන්.. කවුරු හරි කාලකන්නි ඩයල් එකක් බීර කොර වෙලා මොකක් හරි සීන් එකක් දැම්මොත් උඹ වියදම් කරල අමාරුවෙන් ලස්සනට කරගෙන යන පාර්ටි එක කෙලවෙනව නේද? බිව්වම සමහරුන්ට උතුර දකුන මාරු වෙනවා. නැති අඩුපාඩු පේනවා. ගොඩක් වෙලාවට කාලෙකට පස්සේ නෑදෑයෝ සෙට් වෙන නිසා නොගැලපීම් තියෙන්න පුලුවන්.. බිව්වට පස්සේ අයියල චන්ඩි වෙනවා. එහෙම අවස්ථාවක පොඩ්ඩක් හරි වචනයක් එහෙ මෙහෙ වුනොත් උඹේ මගුල අවමගුලක් වගේ වෙයි. මම කියන්නෙ බොන්න දෙන්න එපා.... ලස්සනට කරගෙන යන වැඩේ චා කරන්න කොහෙවත් ඉන්න එවුන්ට ඉඩ දෙන්න එපා


විශේෂම දෙයක්..මගුල උඹල දෙන්නගෙ නිසා කා මත්තෙවත් යැපෙන්න ඉන්න එපා..කාවවත් 100% විශ්වාස කරන්නත් එපා. හැම දේම වගකීමෙන් උඹල දෙන්නම හොයල බලල කරපන්.. උඹලට අරව කරල දෙන්නන්, මෙච්චර දෙන්නන්, මගේ ගානේ මේවා කරන්නන් කියල කියන අය අන්තිමේදී හොයාගන්නත් බැරි වෙයි..ඒක නිසා ඒ වගේ වෙලාවකට නන්නත්තාර නොවෙන්න වගබලාගන්න ඕනි. හැම දේම වගකීමෙන් උඹල දෙන්නම හොයල බලල කරපන්.. පොඩි මිස්ටේක් එකක් ඇති මුලු වෙඩින් එකම චා වෙන්න... උත්සහ කරපන් උඹල දෙන්නගේ වෙඩින් එක 100% සාර්ථක කරගන්න. වැරදි අඩුපාඩු කිසිම දෙයක් නොවෙන්න වගබලාගන්න. උඹල එහෙම උත්සහ කරොත් අඩුම ගානෙ 90% සාර්ථක වෙයි.. පොඩි පොඩි මිස්ටේක් වෙන එක නවත්වන්නම බැරි දෙයක්...

Sunday, March 1, 2015

පැය 7 ක් දිනකට නිදා ගන්න

2960

පැය 7 ක් දිනකට නිදා ගන්න. ව්‍යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම…

එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි
උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න. මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති.
 
රන්ජන් දාස් ව්‍යාපාරික තරුණයාගේ කතාව
රන්ජන් දාස් – ඉන්දියාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. ඔහු  SAP Indian subcontinent  නම් ආයතනයේ  ප‍්‍රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයාද විය. ස්වකීය ව්‍යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය. තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්‍යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්‍යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්‍යාපාරික පතාකයෙකු විය.
එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්‍යාපාරික ලෝකයෙන් පමණක් නොව… තම ඥාති හිත මිත‍්‍රාදීන්ගෙන්ද, ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්‍යාපාරික ප‍්‍රජාව ප‍්‍රකම්පනයට පත් කරමිනි. ඒ වන විට ඔහු යන්තම් අවුරුදු 42 සම්පූර්ණ කළා පමණි.
රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ. ව්‍යාපාරික ජයග‍්‍රහණ පසෙකින් තබමු. ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය. හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය. තම ව්‍යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය. තම ව්‍යාපාරික කටයුතු පමණටම ඔහු ක‍්‍රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය. එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි. ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්‍යස්ථාන ඇසුරු කළේය. තමන්ටම ආවේණික ව්‍යායාම වැඩසටහනක නිරත වූයේය. අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි. මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි. ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය. සුප‍්‍රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය.
පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර් 21 වනදා ඔහු ස්වකීය ව්‍යායාම මධ්‍යස්ථානයට ගියේය. සුපුරුදු ලෙස ව්‍යායාම වල යෙදුණේය. නැවත නිවෙසටද පැමිණියේය. ගතවූයේ සුළු වෙලාවකි. ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය.  ඊළ`ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි.
ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද ? ව්‍යාපාරික අධිරාජ්‍යයක පතාකයෙකු, සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ…?
වැරදුණූ තැන සොයමු
රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ. බහුතරයකට ප‍්‍රශ්නය වූයේ මේ තරම් සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි. මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද ? අයෙක් සිතන්නට විය. ඔහු අධි ව්‍යායාමයකට පත්වී මරණයට පත් වුණාද ?
මේ තරම් සෞඛ්‍ය සම්පන්න වූ… මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්‍යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද?
රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ. ආතතිය – රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ. අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම  විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි.
කයට ව්‍යායාම දුන්නාට, ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ.
රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය 4 – 5 අතර කාලයකි. ඒ බව ඔහු තමන් සහභාගි වූ NDTV රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය.
භාරතයේ සුප‍්‍රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්‍යයනයක නිරත වූයේය. ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි.
Some Key points about sleep
ප‍්‍රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි.
  1. පැය 5-6 ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි.
  2. අවුරුදු 25-49 අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි.
  3. පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි.
  4. නින්ද අඩුවෙන් ලබන උදවියගේ High sensitivity C-Reactive Protein (hs-cRP) රුධිරගත සාන්ද්‍රණය විශාල වශයෙන් වැඩි වේ. පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත. hs-cRP යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප‍්‍රබල පෙරැයීමකි.
  5. එක් රාත‍්‍රියක නිදි අඩු වීමක්, වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ. මේ විෂකාරක නිසා පිළිකා, හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි.
  6. පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට 39කින් ඉහළ නැංවෙයි. පැය 6ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට 18 කින් වැඩි වේ.
නින්දේ අවස්ථා දෙකකි. REM ( Rapid Eye Movement ) හා  non-REM වශයෙනි. මෙයින් REM නින්ද මානසික ඒකාග‍්‍රතාවයට හේතු වන අතර  non-REM නින්ද ශරීරය අළුත්වැඩියා වීමට සහ නැවත ගොඩනැංවීමට හේතු වෙයි. පරිසමාප්ත නින්දකදී මේ අවස්ථා කිහිප වරක් ඇති වේ.
මුලින්ම ඇති වන්නේ  non-REM නින්දයි. මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග‍්‍රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ‍්‍රාවය කරයි. පසුව වැඩි වශයෙන් ඇති වන්නේ  REM නින්දයි.
දිවා කාලයේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප‍්‍රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි. පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ. මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි. නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත් REM නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය.
තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය. ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි.
රන්ජන් දාස්ට වැරදුණූ තැන
රන්ජන් දාස් ආහාර ගත්තේ ප‍්‍රවේශමෙනි. ඔහු හොඳට ව්‍යායාමයෙහිද යෙදුණේය. හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය. නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය. ඒ, හොඳ නින්දක් ලැබීමයි. රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය 4-5 ක නින්දකි. එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය.
රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති  කරුණකි. අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය. විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය. ව්‍යාපාරයේ… රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී. මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය. රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි.
පුළුවන් නම් දිනකට පැය 7ක් නිදා ගන්න. සුවබර නින්දකට පදනම
සළසාගන්න. එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි