Friday, July 26, 2013

Gunadasa kapuge


Sinahala Sindu Kiyana

83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..

ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා.

තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා.

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට


සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී
 



උපුටා ගැනීම :http://www.elakiri.com/forum/showthread.php?t=1313860

Gunadasa kapuge


Dawasak Pela Nethi hene

සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ. 

"දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැටුනා"

පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.



"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ. 



"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"


මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.



" නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා


බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ


ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ


"

කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...


මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...


උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85 
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

Gunadasa kapuge


Unmada Sithuwam Mawe Bide

උන්මාද සිතුවම් මැවෙ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනිගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සඳා සරණ මට
තනි වේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනි වේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්...


Gnadasa kapuge


Oba Pem Karana Obe Kumari

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...





ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්‌... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්‌ව සිටින අලුත් පෙම්වතාටයි...

සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

මේක සත්‍ය අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...

බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක්‌ හදවතින් කොතරම් හඬා වැටෙනවද...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...

දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...

වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.


 Source : දිවයින - මීවිත

Hadanna Lanwa Athi Obe Nuwan Pura

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...

තරු ඇසක්‌ ඇරී උදාගිරේ
බිම් මලක්‌ මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ...

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ...

ජීවිතය කියන්නේ අස්‌ථිර දෙයක්‌... එක පැත්තකින් බලද්දී... මුළාවක්‌... මේ ලෝකයේ හැම දේම එහෙමයි... බලාපොරොත්තු තියාගන්න බැහැ... වෙනස්‌ වන සුළුයි... ආදරේත් ඒ වගේ... අවිනිශ්චිතයි.


අපි කැමැති හැම දෙයක්‌ම අපට ලැබෙනවද... නැහැ... අපිට වුවමනා දේමද මේ ලෝකෙ සිද්ධ වෙන්නෙ... නැහැ.... සොබා දහමත් එහෙමයි.... සොබා දහමටත් බැහැ අපි කැමැතිදේම ඉටු කරන්න....


හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...


මේ ගීතයෙන් කියන්නෙත් එහෙම කතාවක්‌. ආදරයේ අවිනිශ්චිත බවයි මේ යුවළ අතර ඇතිවන සංවාදයෙන් අර්ථවත් වෙන්නේ...

ඔබේ දෙනෙත් හැඬුම් බරයි.... එයෙන් පෙනෙන්නේ ජිවිතයද... ඔහු අසනවා... සුසුම් සිරවෙලා... පිටකරන්න බැහැ... ඒ කියන්නේ ජීවිතේ මුලාවක්‌ කියලද... ඇය කියනවා...

මේ ගීය ලියුවේ බන්ධුල නානායක්‌කාරවසම්... ගීයට නිමිත්තක්‌ නැහැ... ඒත් ගීය පසුබිමේ හොඳ කතාවක්‌ තියෙනවා...

මේක තමයි තනුවකට වචන දමා ජනප්‍රිය වූ මගේ පළමු ගීතය... රෝහණ වීරසිංහ තනුව කැසට්‌ එකකට ටේප් කරලා මට දුන්නා... මම ටේප් එක ඇහුවා... තනුවට ඔහු වචන ටිකකුත් දමලයි තිබුණේ...

නටන්න ගස්‌ වටේ දුවන්න කෑගසා.. වැල්වලින් එතී 
රඟන්නකෝ....
ඉන්පස්‌සේ තරු ඇසත්... පද පෙළ වෙනුවට,
ප්‍රේමයේ සුසාන භූමියේ....
මළ මිනී සිනා සිසී නැගේ...

කියලා රෝහණ ලියා තිබුණා. ඒ කාලේ සුනිල් අර්. ගමගේලාට පිළියන්දල සුපර් මාර්කට්‌ එකේ සාප්පුවක්‌ තිබුණා. කටුවාවල ගෙදර ඉඳලා සුනිලුයි නෝනයි දෙන්නම මේ සාප්පුවට යනවා. එහෙම දවසක මමත් හිටියේ ඒ ගෙදර. මම ගෙදර නැවතුනා සිංදුව ලියන්න. ගෙදර කවුරුත් නැහැ... සිංදුව ලියන්න මට මොන විදිහකින්වත් වචන එන්නේ නැහැ... දවල් එකොළහ වෙද්දී හිතුනා ලියන්න බැහැ කියලා... දමලා ගහලා දොරවල් වහලා මමත් ගියා සාප්පුවට සිද්ධිය කිව්වා. "මල්ලී... මටත් ඔහොම වෙනවා... ගණන් ගන්න එපා... ආපහු ගෙදර ගිහින් ලියන්න කියලා බල කළා... මම ආයෙත් ගෙදර ගියා... මේ ගීය එඩ්වඩ් එක්‌ක ධම්මිකාත් ගයනවා කිව්වාම මම ආසාවෙන් හිටියේ... ඇය කීර්ති එක්‌ක ගයන කවිකාරියේ... ගීතය ඒ කාලේ හරිම ජනප්‍රියයි. මම ගීය ලියන්න කලින් ධම්මිකාව හිතේ මවාගත්තා... ඉබේම වචන ආවා...


තරු ඇසක්‌ ඇරී උදාගිරේ
බිම් මලක්‌ මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ....


ගිරි මුදුනින් උදාහිරු පායද්දී තරුවල ඇස්‌ ඇරෙනවා... බිම්මල් පවා මුවපුරා හිනාවෙනවා... ඔහු කියද්දී ඇය එහි නිස්‌සාර බව, අනියත බව සිහිපත් කරන්නේ මෙසේයි.

තරු ඇස්‌වලින් කියන කතා මිය යාවිද... බිම්මල් මුව පුරා නඟන සිනා මැකී යාවිද... මේ වෙනසම නේද ආදරේ කියන්නේ...

මේ ගීයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුනා... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගේ සිනා පොදක්‌ උත්සවේදී ප්‍රසිද්ධියේ කිව්වා "මම නම් ජීවිතේට හිතුවේ නෑ කලින් දුන්නු තනුවකට හඬන්න ළංව වගේ වචනවලින් ගීයක්‌ ලියෑවේවි" කියා මහාචාර්යතුමා කිව්වා...


සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ.....


කුමුදු මල් පිපෙන්නේ ජලයේ... සඳකිරන නිසා කුමුදු මල සුදට සුදේ ලස්‌සනට පිපෙනවා... ඒත්... හිරු ඇවිත් ඒ මල් විනාශ කරයි... ඒක දුකක්‌... ඒත් ඒ දුකත් සැඟවිලා යාවි... ආදරයේ අර්ථයත් මේකද....

මේ ගීය උපමා රූපකවලින් පිරුණු ගීයක්‌... එඩ්වඩ් ජයකොඩිගේ සරාගී හඬට ධම්මිකා බණ්‌ඩාරගේ හඬ ඉතා මැනවින් ගැළපෙනවා.... රෝහණ වීරසිංහයන් බටහිර තාලයෙන් වගේම පෙරදිග තාලයටත් ගීතය හැඩකර තිබෙනවා... හොඳින් අසන්න.... හඬන්න ළංව... කොටස කියද්දී ඩ්‍රම්ස්‌ නාදය යොදාගන්නා රෝහණ "තරු ඇසත් ඇරී උදාගිරේ..." කොටසේදී තබ්ලාව යොදා ගන්නවා... ගීතයේ ජනප්‍රියත්වයට මෙයද හේතු වූ බව බන්ධුල පිළිගන්වා....

Source : දිවයින - මීවිත 


Dura Atha Atheethaye

දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...

ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී...

බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ... සැරිසරමු අපී...
දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්‌. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක්‌ ඈතට අරගෙන යන්න විතරයි.

දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...

මේ පරාජිත පෙම්වතාත් ඒ විදිහට මතකය ඈත අතීතයට ගෙන යනවා. ඔහුගේ ප්‍රේමය අද වෙද්දී බිඳිලා. ඒත් හිත ආසා කරනවා ඈත අතීතයට යන්න. ඒ තනිව නොවේ. අහිමි වූ පෙම්වතියත් සමගින්. එහෙම අතීතයට ගිහින් වෙන්වූ තැනින් යළි ආදරය පටන් ගන්න ඇත්නම්.

චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගයන මේ ගීය රචනා කළේ හෙසලා ගුණතිලක. යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා. අපි මීට කලිනුත් ඔහුගේ ගී පද වැලක අරුත් දිගහැරියා.

"මම මේ ගීය ලියුවේ අසූතුනේදී විතර. එතකොට මමත්, අම්මාත්, මල්ලීත් මහගෙදර පදිංචිවෙලා හිටියේ. එක දවසක්‌ පාසල් ඇරෙන වේලාවක මල්ලි මගේ කාමරයට ඇවිත් මේක අරයා දෙන්න කිව්වා කියලා මට පාර්සලයක්‌ දුන්නා. දීලා සවුත්තුවට හිනාවෙලා මල්ලි යන්න ගියා. උපන්දින සුබ පැතුමක්‌ සමග පුංචි සිහිවටනයක්‌, රස කැවිල්ලක්‌ ඒ පාර්සලයේ තිබුණා. මම ඔයාට තවමත් ආදරෙයි කියලා මට නුහුරු නොවන අත් අකුරින් ලියූ කොළ කෑල්ලකුත් තිබුණා. මට ඉබේම ඒ කොළයේ අනෙක්‌ පැත්තේ "අර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්... ආසයි ආ මඟ ආයෙත් එන්නට අප පෙම බිඳුණු තැනින්..." කියලා ලියෑවුණා.

ඔබ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී

නොසිතුව ලෙසකින් අපේ සිත් අතර ගැටුමක්‌ ඇතිවුණා. ඒ නිසාම අපි දෙන්නගේ සිත් දෙලොවක සිරවුණා. ඒත්... ඒත්... අපේ ඒ ආදරය මගේ හදවත පතුලේ තාමත් රැඳිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ ගැන... මා ගැන... අපි ගැන මගේ හිතේ සිහින උපදින්නේ.

හෙසලා යළි ගීය ගැන මෙහෙම කිව්වා. මගේ නිර්මාණ ජීවිතයේ මුල් ගුරුවරිය වගේම විචාරකයා මගේ ආදරණීය අම්මා. සිංහල භාෂාව ගැනත්, සාහිත්‍ය ගැනත් හසල දැනුම් ඈ සතුයි. ඇගෙන් සෑහීමකට පත්විය හැකි වචනයක්‌ අහන්න අමාරුයි. මම ලියපු පදවැල අම්මට පෙන්නුවා. ඈ එදා කීවා "අද නං පුතා අලුත් විදිහකට හිතල ලියලා කියලා..."

මගෙත් චන්ද්‍රසේනගේත් මිත්‍රත්වය ඇරැඹුණේ මේ ගීයෙන්. මගේ ගීත එකතුවක්‌ මගේ මල්ලිගේ මිතුරෙක්‌ විසින් චන්ද්‍රසේනට පෙන්වා තිබෙනවා. ඔහු "අර ඈත අතීතයෙ" ගීය තෝරා ගත්තා. අර ඈත කියන වචනය චන්ද්‍රසේන දුර ඈත කියා වෙනස්‌ කර ගායනා කරනවා. එදා මගේ ගීත චන්ද්‍රසේන අතට පත් කළ මල්ලිගේ යාලුවා කුමුදු මල්ලී... උප පොලිස්‌ පරීක්‌ෂකයෙක්‌ ලෙස යුද්ධයේ ගොදුරක්‌ බවට පත්ව රට ජාතිය වෙනුවෙන් දිවි පුද කළා. මල්ලී අද පාදුක්‌ක රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා.

බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ... සැරිසරමු අපී...

මේ පෙම්වතා යථාර්ථවාදීව හිතන්නෙක්‌. ඔහු දකින්නේ කවදාවත් සැබෑ නොවන බොළඳ හීනයක්‌ බව දන්නවා.

"ඒත් ඊළඟ මොහොතේ යළිත් ඔහු බොළඳ වෙනවා. මට ආයෙත් ඔයාව දකින්න ආසයි. ඒ නිසා ඒ සිහිනෙන් මිදෙන්නේ නැතිව අපි සිහිනය තුළම සැරිසරමු..." කියා ඔහු කියනවා.

විරහා වේදනාව අලුත් විදිහකට යථාර්ථවාදීව දකින ගීයක්‌. කැමැත්ත සහ සත්‍යය අතර වෙනස, හඬා දොඩා වැළපීම නොවේ එය ඉක්‌මවා ගිය ස්‌වරූපයක්‌ මේ ගීතයේ තියෙනවා. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ හඬත් මේ ගීතයේ අර්ථය හදවතට ළංකරන්න වඩාත් හොඳ කාර්යභාරයක්‌ ඉටු කරනවා.


 Source : දිවයින - මීවිත

Apasu Yannata Para Kiyanawada

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ


ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.



 පද මාලාව - හේසල ගුණතිලක
ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි


Source:

Hanthanata Payana Sada




 

Kawuruwath ne

කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි
සිදාදියත් ගමත් අතර ඉස්‌සර නම් ලොකුම ලොකු වෙනසක්‌ තිබුණා. ඒත් දැන් ගම නැහැ... සිදාදිය ගම ආක්‍රමණය කරලා...

ගොඩමඩ දෙකම සරුසාරය පලබරය
කටුරොද ගම්මානෙ තරමක්‌ පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්‌ඩිය පිහිටියේ ගම කෙළවරය


කේයස්‌... එහෙමත් නැත්නම් සාගර පළන්සූරිය කවියා එදා ගම දැක්‌කේ එහෙමයි. මොනවා නැතත් ගඟට... වැවට.... එදා ගමේ ලැබුණේ ලොකු තැනක්‌. ගමේ සුන්දරත්වය වැඩිවෙන්න ගඟෙන් හෝ වැවෙන් ලැබුණේ විශාල දායකත්වයක්‌.

ගඟෙන්.... නැතිනම් වැවෙන් වෙන්වන්නේ ගම්මාන දෙකක්‌.... මේ ගම්මාන දෙක යාකරන ප්‍රධාන පුද්ගලයෙක්‌ එදා හිටියා.... හේ තොටියා.... ඔරුවක්‌ පාරුවක්‌ පදවමින් ඒ ගමෙන් මේ ගමටත්, මේ ගමෙන් ඒ ගමටත් ගැමියන් එතෙර මෙතෙර වුණේ. තොටියාගේ ශක්‌තිමත් දෑත් දෙකට පිං සිද්ධ වෙන්න.

කවුරුවත් නෑ.... කවුරුවත් නෑ....
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණාවේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

මේ අපේ රට විවෘත ආර්ථිකය විසින් ඩැහැගත් පසුව තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.. ඔහු බලාන ඉන්නවා එගොඩට යන්නට කිසිවකු එනකල්... ඉරගලත් වැටිලා... පාරුව ඇතුලට අන්ධකාරය වැටෙනතුරු ඔහු බලා සිටියා. වෙනදාට නම් මේ වෙලාවට ඔහු ලන්තෑරුම දල්වනවා... ඒ පාරුවට එළිය එන්න..... ඔහු ලන්තෑරුම සෙව්වා.... ඒ සමඟම "නෑ.... ඕනේ නැහැ... ඒක ඔහේ තිබුණා වේ...." එගොඩට යන්න කවුරුවත් නැති එකේ මොකටද ලන්තෑරුම පත්තුකරලා... තොටියා වේදනාවෙන් වැළපෙනවා...

මේ ගීය ලියුවේ හේමසිරි ගුණතුංග කේමදාස මාස්‌ටර්ගේ ඉල්ලීම මත...

කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා විරෝධාකල්ප ගීත එකතුවක්‌ කරන්න.... ඒ අසූඅට අසූනවය කාලයේ... අමරසිරි පීරිස්‌ ගායකයා තමයි මාව කේaමදාස මාස්‌ටර් ළඟට යොමු කළේ.... මට ලියන්න කියුවේ එක සිංදුවයි. මම සිංදු හතරක්‌ම ලියලා දුන්නා. මේ සිංදුවේ මම පටන්ගත්තේ ඉරගල වැටිලා කියලා. ඒත් මාස්‌ටර් කිව්වා... එහෙම හරි නැහැ.... අපි "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගනිමු කියලා.

මාස්‌ටර් මේ විරෝධාකල්ප ගීත එකතු කරලා "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදැක්‌වුවා. නුගේගොඩ රැස්‌වීමේදී ඒ කැසට්‌ එක ගත්තු කෙනෙක්‌ මට කිව්වා මචං උඹ සිරිමාවෝට සිංදු ලියුවා නේද කියලා... ඒ වෙනකල් මම දැනං හිටියේ නෑ මාස්‌ටර් මගෙන් සිංදුවක්‌ ඉල්ලුවේ මේකට කියලා.... මේ කැසට්‌ පටය කරලා තිබුණේ සමන් වීරමන්.... මැතිනියගේ උපන්දිනේට තෑගි දෙන්න... මගේ ගීත හතරම මේ කැසට්‌ පටයට අරගෙන තිබුණා. හේමසිරි ගීයේ උපත ගැන විස්‌තර කළා.

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙන හඬ ඇසුණා

කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්....

තොටියා වැළපෙන්නේ පාරුවට සෙනඟ නොඑන නිසා... ගම්මු පාරුවෙන් එගොඩ නොවන්නේ ඇයි... ගමට පාළමක්‌ ඇවිත්.... ඒ නිසා.... විවෘත ආර්ථිකය ගමටත් ඇවිත්..... අලුත් පාලමෙන් සංකේතවත් කරන්නේ ගමටත් විවෘත ආර්ථිකය ඇවිත් කියලා.

තොටියා පාරුවේ තනිවෙලා.... දැන් ඉතිං මගේ සේවය ඕනෑ වෙන්නේ නැහැ... කඩිමුඩියේ පාළම හැදෙනවා... පාළම හැදෙද්දි ගමේ තිබුණු නිසංසල බව... පලා ගිහිං..... ගල් කඩනවා. යකඩ තලනවා... හරියට හෙණ ගහනවා වගේ.... මේ සද්දෙට කැලෑවේ හිටපු කුරුල්ලන්... කොබෙයියන්.... සිවුපාවුන්... පලා ගිහිං.... දැන් කෝ ගමේ සුන්දරත්වය... විවෘත ආර්ථිකය ඒ සුන්දරත්වය ගිලගෙන...

විවෘත ආර්ථිකයේ හොඳ සේම නරකත් තියෙනවා.... ගමකට පාළමක්‌ එන එක හොඳයි.. ඒත් හේමසිරි මේ ගීයෙන් කියන්නේ පාළම නමැති විවෘත ආර්ථිකය නිසා ගමට නොහොබිනා දේත් එන්න පටන් ගත් බවයි.

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහී ගෙන යනවා වාගෙයි....

මගේ දෑතේ ඇඟිලි හබලටම දියවුණා... එදා මගේ පාරුවෙන් ගෙනියන්නට බැරි බරත් තිබුණා... සමහර විට මේ තොටියා පාරුව පැදවූයේ ගමත් නගරයතA නගරයත් ගමත් යා කරමින්.. වෙන්න ඇති... නගරයේ සිට අනවශ්‍ය දෑ තොටියා ලවා ගමට ගෙන එන්න සමහරු දැරූ උත්සාහය ඔහු ප්‍රතික්‍ෂේප කරන්නත් ඇති...." ගෙනියන්නට බැරි බර පොදි තිබුණා" කියා ඔහු කියන්නේ ඒ නිසයි. ඒත් පාළම හැදුනට පස්‌සේ....

"මෙතෙක්‌ කලක්‌ ගමට නොආ බර අද ගමට එනවා.... ඒ එන්නේ එදා එය ප්‍රතික්‍ෂේප කළ තොටියාටත් සරදම් හිනාවක්‌ නගමින්...." මෙතුවක්‌ නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි..."

ගීය ගැන හේමසිරි මෙවැනි අදහසක්‌ ද පළ කළා....

විවෘත ආර්ථිකය නගරය වසාගත්තා.... ඒත් ගම... ආරක්‍ෂා වී තිබුණා... ඒ කෙටි කාලයයි. පාළම උඩින් කන්ටේනර් පිටින් ගමට ආවේ හෙරොයින්.... අසැබි චිත්‍රපට... අපචාර.... ගමත් විනාශ වෙන්න පටන් ගත්තා.... ගමේ තිබුණු පොල්කටු හැන්ද වෙනුවට පිටරටින් හැඳි ආවා... කොස්‌ස ඉදල වෙනුවට... ආදේශක ආවා... මැටියෙන් හැදූ හට්‌ටි වළං වෙනුවට ඇලුමිනියම් හට්‌ටි මුට්‌ටි මුළුතැන්ගෙට ඇවිත්..... මම මේ ගීයෙන් කියන්න උත්සාහ කළේ ඒ දේ... මාස්‌ටර් වගේ කෙනෙක්‌ සමඟ කළ පළමු ගීය මෙතරම් ජනප්‍රිය වීම... අමරසිරි පීරිස්‌ එය ගායනා කිරීම මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්‌....



  
Source:

Malak Une ayi nuba mata

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවද සලන..
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින..
දිය දෝතක් බොන්නට තහනම්..

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරැ වදන්
මුමුණනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...





මලක සුවඳ විඳින්න කවුරුත් කැමැතියි. මලේ සුවඳ වඩාත් හොඳින් දැනෙන්න නම් ඒ මල සිපගන්න ඕනෑ. ඒකට මලෙන් අවසර ගන්න ඕනෙත් නැහැ.

සුවඳ මලක්‌ සිපගනිද්දි ආදර හැඟුම් මෝදුවන බව දන්නවද. සමහරු මලක්‌ සිප එහි සුවඳ විඳිනවා. තවත් සමහරු මල දෙස බලා සිට මිහිරක්‌ විඳිනවා. මේ දෙපිරිසම මලට ආදරෙයි. ගොඩක්‌ ආදරෙයි. දවසක මේ මල පරව යන බවවත් මතකයට එන්නේ නැහැ. ඒ තරමටම මලට ආදරෙයි.

මලක්‌ වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක්‌ වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දොතක්‌ බොන්නට තහනම්

ඔයා මගේ ජීවිතේම සුවඳවත් කරන මලක්‌. ඒත් මට සිපගන්න අවසරයක්‌ නැහැ. සිපගන්න තහනම් නම් ඇයි ඔයා මලක්‌ වෙලා මගේ ජීවිතේට සුවඳ සලන්නේ. ඔයා මගේ ජීවිතයට සිසිලස ගෙන දෙන විලක්‌. ඒත්... ඒත්. මට දියබිඳක්‌ බොන්නවත් අවසරයක්‌ නැහැ. ඇයි එහෙම වුණේ.

සමහරු හිතයි මේක අසම්මත එහෙමත් නැත්නම් තහනම් පෙමක්‌ ගැන ලියෑවුණු ගීයක්‌ කියලා. තවත් සමහරු හිතන්න පුළුවන් මෙය සම්මත ප්‍රේමයක්‌ ගැන කියන ගීතයක්‌ කියලත්. තහනමක්‌ නැහැ. මේ ප්‍රේමවන්තයා මේ ගීය ගයන්නේ තමන්ගේ සම්මත ප්‍රේමවන්තියට කියල හිතන්නත්, නැත්නම් අසම්මත පෙම්වතියට කියලා හිතන්නත් ඕනෑම කෙනකුට අවසර තිබෙනවා.

සමන් අතාවුදහෙට්‌ටි.... ගීයේ රචකයා... මේ ගීයෙ පද පෙළ ඇමිණුවේ සමන් බව නොදන්නා බොහෝ දෙනෙක්‌ මෙතැන් පටන් එය දැනගනීවි.

මුල් කාලයේ අමරසිරි පීරිස්‌ සරල ගී වැඩසටහන් කරද්දී වෙනස්‌ විදිහේ ගීයක්‌ ඔහුට නිර්මාණය කරන්න මමත් කළණි පෙරේරාත් උත්සාහ කළා. අපි තුන් දෙනාම දවසක හවසක කතා කළා. අපිට බැරිද ගිටාරය වැනි වාදන භාණ්‌ඩයකට බර දාල ගීයක්‌ හදන්න කියලා. අන්තිමේ ඒ ගීය ලියන්න මටම පැවරුණා. ඒක තමයි මේ ගීය..

පහන් තාරකාවක්‌ සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න
මලක්‌ වුණේ ඇයි නුඹ මට

ඔයා මගේ ජීවිතයට මඟපෙන්වන පහන් තරුවක්‌. ඒත් තාරුකා එළියෙන් මගේ හදවත නමැති පහන දල්වන්න පුළුවන්ද... කියන්න..... ඇයි ඔයා මගේ ජීවිතයට සුවඳ එක්‌කරන මලක්‌ වුණේ කියලා.

සමහර විට පෙර කීවාක්‌ මෙන් මේ පෙම්වතා එක්‌කෝ විවාහකයෙක්‌. තහනම් ප්‍රේමවන්තියගේ පහස නොලැබීමේ දුකට ඔහු මෙසේ වැළපෙනවා වෙන්න පුලුවන්. නැත්නම් මේ ඔහුගේ සැබෑම ප්‍රේමවන්තිය වෙන්නත් පුලුවන්. ඇය ඔහුගේ බිරිය නොවේ යෑයි කෙනකුට කියන්නත් බැහැ.

අපි සමන් අතාවුදහෙට්‌ටිට ආයෙත් සවන් දෙමු.

මේ ගීය අහලා මුලින්ම සුදත් දේවප්‍රිය මට කියපු දෙයක්‌ තමයි මචං මේක අපේ ජාතික ගීය කියලා. ඒ කියන්නේ ප්‍රේමවන්තයින්ගේ ජාතික ගීය කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මට කිව්වා "සමන් මම ලියපු ඔක්‌කොම සිංදු ටික උඹට දෙන්නම්. උඹ මට මේ සිංදුව විතරක්‌ දියං" කියලා. මේ ගීය ඇතුළත් කැසට්‌ පටය එළිදක්‌වද්දි ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන විවරණයක්‌ කළා. පදරචනය, සංගීතය සහ ගායනය අනුව මේ ගීය අසද්දී රූපමය සත්කාරයකුත් නිරායාසයෙන්ම සිදුවෙනවා කියලා. මට දැනෙන්නේ ගෙදරක සඳළුතලයක පෙම්වතිය සිටිද්දී පෙම්වතා ඒ ඉදිරිපස පාරේ දණ ගසාගෙන ගිටාරය වයමින් මේ ගීය ගයන චිත්‍රය මට මැවෙනවා කියලා ඔහු කිව්වා.

සහන් ගීතිකාවක්‌ සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙළෙසින්
කියන්න
මලක්‌ වුණේ ඇයි නුඹ මට

ඔයා සහනය ගෙන දෙන ගීයක්‌ වගේ. මගේ ජීවන ගමනේ ගිමන නිවාලූවත් මම කොහොමද ඒ ගීතයෙ සුන්දර වචන මුමුණන්නේ. කියන්න ඇයි ඔයා මගේ ජීවිතේට මලක්‌ වෙලා ආවේ කියලා.

මේ ගීතය මගේ හුදෙකලා අත්දැකීමක්‌ නම් නොවේ. අත්දැකීම් සම්භාරයක එකතුවක්‌. සමන් ගීයට නිමිත්ත සඳහන් කළේ එහෙමයි.

කොහොම වුණත් මේ ගීය ඔය කියන ආකාරයට පෙම්වතුන්ගේ ජාතික ගීය බවට පත්වුණේ ඇයි? ඒකට හේතුවක්‌ තියෙනවා. එක එක පෙම්වතාට තම තමන්ගේ ප්‍රේම සිතිවිලි, අත්දැකීම් අනුව මේ ගීය තමන්ගේ කරගත හැකියි. ඒක සමහර විට තහනම් ආදරයක්‌ වෙන්න පුලුවන්. නැත්නම් සම්මත පෙමක්‌ වෙන්නත් පුළුවන්.