සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ...

සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ...

වුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලා හිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙන පින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති විවිධ ප්‍රවාහන විධි ගැනයි. ඇත්තටම මට මේ රූ පෙල හමුවුනේ ඊ-ලිපියකින්. ඒ ගැන මම දිනිඳු සොයුරාට ස්තුතිවන්ත වෙනවා. කියන්න තරම් ලොකු කථාවක් නොවුනත් මේ රූප පෙල ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා. යමුද එහෙනම් නවසිය ගණන් මුලට...
ජල මාර්ගවල ගමනාගමනය සඳහා භාවිතා කරපු ඔරු සමූහයක් තමයි මේ දැක්වෙන්නේ. ඒවා පොල්අතු වලින් සෙවිලි කරන ලද යාත්‍රාවන් වෙනවා. ඒ වගේම විශාල ගස් කඳන් හාරලා, ඒ කුහර සහිත ලී කොට දෙකක් එකට බැඳලා,  ඒ උඩ ලෑලි තට්ටුවක් දාලා තමා මේවා හදලා තියෙන්නේ.


මැද කොළඹ පිහිටි වික්ටෝරියා උද්‍යානයේ සේවයේ නියුතු රික්ෂෝකරුවන් මේ රූපයෙන් දැක්වෙනවා. මොවුන්ගේ ගාස්තුව තීරණය වුනේ දුර අනුව නොව කාලය මතයි. 1907 දී හොඳම තත්ත්වයේ පළමු පන්තියේ රික්ෂෝවක් කුලියට ගැනීමට නම් විනාඩියකට සතයක ගාස්තුවක් අය කරලා තියෙනවා. ඒ වගේම පැයකට සත පහනක් වෙන්න ඩිස්කවුන්ට් එකකුත් තිබිලා තියෙනවා. ඒවගේම හවස් කාලයේ හයර් කරන රික්ෂෝ හා දෙදෙනෙක් විසින් ඇදගෙන යනු ලබන රික්ෂෝ වල ගාස්තුව වැඩි බවයි සඳහන් වෙන්නේ.


බක්කි කරත්ත පේලියක් ලස්සනට ගමන් කරනවා. මේ රූපයෙන් දැක්වෙන්නේ රේගුව වෙත තේ කොල රැගෙන යන ගොන් කරත්ත පේලියකුයි.


එක්දාස් නවසිය මුල් ගණන්වල රේස් කරත්තයක්...


1905 දී ඇඳි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ අඟුල නමින් හැඳන්වෙන මසුන් මරන යාත්‍රාවක් හා ධීවර පිරිසක්...


ගොන්නුන් දෙබානක් විසින් ඇදගෙන යනු ලබන බණ්ඩි කරත්තයක් තමයි මේ. දෙමළ බසින් වන්ඩි කියලා තියෙන්නෙත් මේකටලු. මේවා සාමාන්‍යයෙන් භාවිතා වෙලා තියෙන්නේ කෝපි හා සහල් ප්‍රවාහනය සඳහායි. මේ කරත්ත වියාපු පොල්අතු වලින් හොඳින් ආවරණය කරලා තියෙනවා. මේ කරත්ත වල බැඳ ගොනුන් ඒවායේ පැටවූ බරද සමගින් දිනකට සැතපුම් 20 ක් පමණ බර අදින බවයි සඳහන් වෙන්නේ.



1900 ගණන් වල මුල් කාලයේ දී මීගමුව හැමිල්ටන් ඇලේ පාවුනු පද්දා බෝට්ටු...


මේ තමයි මම ආසම පින්තූරය. අපි අද පෑලියගොඩ මහ පාලමෙන් කැළණි ගඟ එගොඩ වුනාට ඉස්සර ඒ සඳහා භාවිතා වෙලා තියෙන්නේ මේ අපූරු පාලම. මේ තමයි කැළණී නදියෙන් කොළඹට එන සුප්‍රකට පාරු පාලම ! 1880 ගණන් වලදී ග්‍රෑන්ඩ්පාස් අන්තයෙන් පෙනෙන ආකාරය තමයි මේ රූපයෙන් දැක්වෙන්නේ.
පාරු පාලමෙන් කොළඹට... ගැල් පේලිය සැපත් වුනා...


මේකට කියන්නේ තිරික්කලය නේද ?


ඒ කාලේ කන්ටේනර්, ප්‍රයිම් මූවර් තිබුනේ නෑනේ. ඔය ලොකු ලොකු දේවල් ඇදගෙන යන්න වෙලා තියෙන්නේ අලින්ට තමා. මේ රූපයෙන් පෙන්වන්නේ තේ වත්තකට අවශ්‍ය කරන බොයිලේරුවත් ඇදගෙන යන අලි කිහිපදෙනෙක්...


කොළඹ- නුවර තැපැල් කරත්තය, 1860


මාතර දුම්රිය ස්ථානයේ ධාවනය වන වාශ්ප එන්ජිමක් සහිත දුම්රියක්... කාලය 1895...


කොළඹ- නුවර කෝච්චිය පාලමක් උඩින් යන දර්ශණයක්...


කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ දිවෙන බඩු කෝච්චියක්. මේක බඩු කෝච්චියකටත් වඩා ඩක්කු කෝච්චියක් වගේ...


ඔහිය කිට්ටුව ඇති දුම්රිය උමගක්...


කොළඹ-නුවර දුම්රිය මාර්ගය...


1880 දී පමණ ගාලු පාරේ දර්ශණයක්... වෙනස හිතා ගන්නවත් ඇහැක් ද ???


හපුතලේ බලා දිවෙන කඳුකර මාර්ගයේ දර්ශණයක්, 1894


ඉස්සෙල්ලත් කිව්වා වලේ අලින්ට මේ කාලේ වැඩ වැඩියි ලු. ප්ලේන් අදින්න වෙලා තියෙන්නෙත් අලින්ට...!!!


----------------------------------------------------------------------------------------
මේ රූ පෙලින් ඔයාලා දෙයක් ගන්න ඇති කියලා හිතෙනවා... අතීතය හරිම චමත්කාරජනකයි නේද ? අවුරුදු 100 කට ලෝකේ කොච්චර වෙනස් වෙලාද ? හිතන්න දේවල් ටිකකුත් ඉතුරු කරලා මං ගිහින් එන්නම්... බෑන්ඩ් කථා හා මුනිදාස කුමාරතුංග ශූරින් පිළිබඳ ලිපි පෙලත් ඉදිරියේදී පළ වේවි... එහෙනම් සමුගන්නම්.... ජයවේවා !!!

2 comments:

  1. සුපිරි වැඩක් පින් සිද්ද වෙනවා .මට මාර ආසාවක් තියෙන්නේ ඒ වගේ පරිසරයකට ...ඉස්සර පුදුමයි ...

    ReplyDelete
  2. ඔරුව පාරුව හා අගුල පින්තුර එවන්නන තියනව නම්

    ReplyDelete