සිංහල විරහ ගීතාවලියේ අමරණීය සිහිවටනයක්...෴
දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනස ට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්
රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්...
මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්...
ඔබේ හසරැල් සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන
දිනෙන් දින ඔබ මා වෙතින්...
_____________________
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනු/හඬ - සංගීත් නිපුන් සනත් නන්දසිරි
හැත්තෑව දශකයෙ හි උදා වූ ඒ සිංහල සරල ගීතයේ අතිශය භාග්‍යවත් අවධියෙහි නිමැවුණු ගී පැබැඳුම් ද, සංගීත නිමැවුම් ද අප ගේ රස භාව වර්ධනය කරවන, අපේ රසඥතාව ඉසියුම් බවට පත් කරවන ගුණයෙන් යුක්ත විය.
එබඳු ගී ගැයූ විශිෂ්ට ගායක ගායිකාවන් ගේ ගායන කෞශල්‍යයය ද අතිශය හෘදයානන්දකර වී... එසමයෙහි අප වෙත නව ප‍්‍රහර්ෂයක්, නව අත්දැකීමක් බඳු වූ ගීතයක් මෙවර ඔබ වෙත ගෙන එමු. බණ්ඩාර කේ. විජේතුංගයන් ලියූ මේ ගීතයේ සංගීත නිර්මාපකයා හා ගායකයා වන්නේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි යි.
මා පළමු ව ගායනවේදී සංගීතඥ සනත් නන්දසිරි අමතා මේ ගීතය පිළිබඳ ව ඇසීමි.
“මේ ගීතය මගේ ගායන දිවියේ මුල්ම වකවානුවේ ගීතයක්. එකල කැසට් කලඑළි දැක්වීම් තිබුණෙ නැහැනෙ. මං මේ ගීය ගැයුවේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකටයි. ගීත රචකයා මගේ පාසල් මිතුරෙක්.
පසුකලෙක බණ්ඩාර කේ. විජේතුංග නමින් ප‍්‍රසිද්ධ වුණා. ඔහුගේ ඒ කාලයේ නම ආනන්ද කේ. විජේතුංගයි. මේ ගීතය ලිව්වේ ඒ ආනන්ද කේ. විජේතුංගයි. මේ ගීතය අඩංගු වූ සරල ගී වැඩසටහනට සිතාර් වාදනය කළේ නැසී ගිය සංගීතඥ සරත් දසනායකයි.
ආදරයේ විරහව ඉතා දැඩිව දනවන මේ පදමාලාව මගේ හිත සසල කළ එකක්. ඒ මගෙත් තරුණ කාලයෙ මේ ආදරයේ වියෝගය හොඳින් අත්විඳලා තිබුණු නිසා. ඉතින් මේ පදවැල අතට ගත්තම මගේ හදවතට හොඳින් දැනුණා.
මේ ගීතය මටම ලීවාදෝ කියලත් විටෙක සිතුණා. රචකයාත් මාත් හොඳ සමීප මිතුරන්. ඒ නිසා ගී පබැඳුමත් මට මිතුරෙක් වගේ වුණා. මගේ හදවතට සමීපව පැවැති විරහව, ඒ සංවේදනාව ඇසුරු කරමින්ම මා ඊට ඉතා ගැඹුරු මිහිරි තනුවක් යෙදුවා.
මගේ ගීතවලට ඒ කාලේ හොඳ රසික පිරිසක් හිටියා. අදත් මේ වගේ ගීත ශ‍්‍රාවකයන් අතර රැඳෙන්නෙ එවන් බුද්ධිමත් රසික පිරිසක් ඒ කාලෙ සිටිය නිසයි. අද වගේ යුගයක මේ ගීතය ගැයුවා නම් උසස් ශ‍්‍රාවක ප‍්‍රතිචාරයක් ඊට ලැබෙන්නේ නැහැ.
‘දිනෙන් දින ඔබ මා වෙතින්’ වැනි ගීත අප කෙරෙන් නිර්මාණය වුණේ සිංහල සංගීතයේ හොඳ යුගයකයි.
මේ ගීතයෙ තනුවට සංගීත කොටස් තුනක් මා යෙදුවා. ස්ථායි කොටසට එක තනුවක්. අන්තරා කොටස්වලට තනු වෙනස් විදිහටයි මා යෙදුවේ. මා ඒ විදියට නිර්මාණයක් කළේ මෙහි එන අදහසට අනුවයි.
‘රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ” කියන ගී කොටසේ තාලය එකක්. අනික් අන්තරා කොටස් ගැයෙන්නේ ඊට වෙනස් තනුවලට. සමස්ත ගීතයේම ස්වර රචනාව දෙස බැලීමේ දී “ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ” රාගයේ ඡායාව ගීතය පුරාම විසිර ඇති අයුරු දක්නට ලැබෙනවා.
විශේෂයෙන් දිනෙන් දින මා ඔබ වෙතින් යනුවෙන් ගැයෙන ස්ථායි කොටසේ අල්ප වශයෙන් ශුද්ධ ගාන්ධාරය යෙදී තිබෙනවා. ගීතයේ දෙවන අන්තරා කොටස වන “මලානික හදවිලේ ඉවුරේ” යන පද සලකා බලන විට එහි කෝමල රිෂභයේ ප‍්‍රයෝගය ද සිදුවී තිබෙනවා. එහෙයින් සුළු වශයෙන් ‘අහීර් භෛරව‘ රාගයේ ඡායාව ද දකින්නට පුළුවන්. එහිම ‘මිලින කුසුමක’ යන පදවල ස්වර රචනයෙහි ‘භෛරව රාගයේ ඡායාව ද මතු වෙනවා.
මෙලෙසින් බලන කල මේ ගීතයේ ගායනාව හා සංගීතය රාග කීපයක සංකලනයෙන් යුක්තයි. එහෙත් සමස්ත ගීතය ඇසුරේ වඩාත්ම උද්දීපනය වන්නේ පෙර කී පරිදි ‘ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ රාගය බව කිය යුතුයි.
මේ සියලු ප‍්‍රයෝග මා මීට ඇතුළු කළේ ගීතයේ පද රචනාවෙන් මතුවන විරහව හොඳින් උද්දීපනය කොට දක්වන්නයි.
එමෙන්ම සංගීත භාණ්ඩ මා යොදා ගත්තේ ද ඒ අනුවයි. විශේෂයෙන්ම සිතාරය මෙහිදී උපයෝගී කරගෙන තියෙනවා. අතුරු සංගීත ඛණ්ඩවලින් ද වැඩියෙන් මතු කළේ විරහ වේදනාවේ අයුර දනවන ස්වර සංයුතියක්.
කොටින්ම මේ ගීතය විරහ වේදනාව හොඳින් රසික හදවත්වලට සමීප කරවන ගීතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ගීතය වසර ගණනාවක්ම නොනැසී රසිකයන් ගේ මනස් තුළ රැඳී පවතින්නේ පදවැල මෙන්ම සංගීත නිර්මාණය ද අන්‍යෝන්‍ය වශයෙන් එක්ව රසය සිද්ධ කරන නිසයි.
‘දිනෙන් දින ඔබ’ ගීතයට සංගීතය නිර්මාණය කොට ගැයූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගේ මෙබඳු උසස් ප‍්‍රයත්නයන් නිසා සිංහල සරල ගීතයේ රුව ගුණ නිසැක ලෙස ම සපිරිණි.
එදා මේ පැබැඳුම කළ අග‍්‍රගණ්‍ය නිවේදකයා, පද රචකයා, ගැඹුරු කලාත්මක අන්තර්ඥානයෙන් හෙබි කලාකරුවා අද ජීවතුන් අතර නැත. බණ්ඩාර කේ.විජේතුංග නම් වන හෙතෙම සිංහල ගීත සාහිත්‍යයට සුලකල ගීත රැසක් ම දායාද කෙළේ ය. ඔහුගේ මේ ගී රචනාව වත්මන් නිසරු, බොල් සුනරුත් වදන් වැල් පෙරමුණ ගෙන සිටින යුගයක අප කාගේත් අවධානයට යොමු වුව මනා ය.
බණ්ඩාර කේ. විජේතුංගයන් කළ පැබැඳුම පිළිබඳව විමසා බලන්නට මා තෝරා ගත්තේ හැත්තෑව දශකයේ ගී පැබැඳුම් කරළියට ආ තවත් විශිෂ්ට ගීත රචකයකු වන කුමාරදාස සපුතන්තී‍්‍ර ය.
”හැත්තෑව අසූව දශකයන්හි බිහිවුණු සුභාවිත ගීතයේ නවෝදය උදා කිරීමට මෙහෙ කළ ගීත රචකයකු ලෙස බණ්ඩාර කේ.විජේතුංගයන් හඳුන්වන්නට පුළුවන්. ඔහු ගේ ගීත බොහොමයක පේර්මය හා ඒ ආශ‍්‍රිත සුන්දර හැඟුම් ජනිත කරවන සේ නිර්මාණය වූ ඒවා යැයි කීවොත් නිවැරැදියි. පේර්මයේ වුවද ඔහු බොහෝ කොට ඇසුරු කෙළේ විපුලම්භයයි.
ඒ වගේ්ම ඔහුගේ ගීත රචනා රසිකයන් අතර බොහෝ විට ප‍්‍රචලිත වූයේ මා හිතන හැටියට වැඩි දෙන ප‍්‍රියකරන පේර්මයේ දෙවන පාර්ශවය සේ සැලැකෙන වියොව හා පරාජය ඇසුරින් උපන් දුක - වේදනාව ඒ ගී බොහොමයකට වස්තු විෂයය වූ නිසා විය හැකියි.
මේ ගීතයෙනුත් බණ්ඩාර කේ.විජේතුංගයන් කියන්නට මහන්සි ගත්තේ් පේර්මවන්තයන් බොහෝ දෙනකුට පොදු ධර්මතාවක්. ඒ, තමා ඉතා තදින් ඇලුම් කරන පෙම්වතිය ගතින් ඈත්වන්නට ඈත්වන්නට ඇය පිළිබඳව මතකය තව තවත් අලුත් වෙමින් වඩවඩාත් තමන්ට ළංවීමයි.
බොහෝ රසික හදවත්වලට මේ තත්ත්වය සමීපයි. බණ්ඩාර මේ ගීතයේදීත් සුපුරුදු ලෙස සිය සිතැඟි ලෙස වදන් හසුරුවනවා. මේ ගීතයේ බස ගීතවත්. සරලයි. සුගමයි. සුපුරුදු පරිදි ගලායන බසක් ගීතය පුරාම දකින්නට ලැබෙනවා. වදන්වල හෝ අදහසේ කිසිදු බිඳීමක් නැහැ.
රුදුරු රළපෙළ හඬක් නොනැගේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරුමල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
කොයිතරම් අපූරු යෙදුම් ද? ඔහුට රළ පෙළ හඬන හඬ නොඇසේ. රැයෙහි තරුමල් කිනිති’ නොපෙනේ. දෙනයන අන්ධයි. ඔහුට පෙනෙන්නේ ඇගේ රුව පමණයි. ඇසෙන්නේ ඇගේ හඬ පමණයි. එය නොකියා කියූ හැටි කෙතරම් කාව්‍යාත්මකද?
ඔහුට ඇගේ වෙන්වීම දැරිය නොහැකියි. ප‍්‍රියයන්ගෙන් ඈත් වූ විට ඔහු පත් වික්ෂිප්ත භාවයම භාව රූපයක් සේ ගී පද අතර රඳවන්නට බණ්ඩාර ගත් උත්සාහය සාර්ථක වූ බව මා මෙයින් දකිනවා. ඔහුගේ බොහෝ ගීත වගේම මේ ගීතයත් අති ප‍්‍රබලයි. එහෙත් ඒ ප‍්‍රබල බව තවත් උද්දීපනය කරන සරල රූපක භාවිතයක් මෙහි දකින්නට පුළුවන්.
භාවිත වදන් ඉක්මවා යන කිසියම් සෘජුව නොහැඟෙන යටි අරුතක් හැම යෙදුමකින්ම මතු කරන්නට ඔහු මහන්සි ගෙන තිබෙනවා.
”මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නොහැළෙන කඳුළු බිඳු වැනි”
මෙබඳු කාව්‍යෝචිත පද සංඝටනා ඊට හොඳම නිදසුනක්. හැත්තෑව දශකයේ බිහි වූ අති සුන්දරම පේර්ම ගීතාවලියේ අමරණීය සිහිවටනයක් ලෙස අදත් මේ ගීතය අප අතර පවතින්නේ මෙහි සරල සුගම අර්ථාන්විත පදවැල නිසයි.
මේ ගීතයේ සාර්ථකත්වයට මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරිගේ භාවපූර්ණ සංගීත රචනාවද මහත් උදව්වක් වී තිබෙනවා. ඒ නිර්මාණ දායකත්වය නොවුණා නම් මෙවන් රසාලිප්ත වදන් වැලකට යෝග්‍ය සූක්ෂ්මාතමය ලැබෙන්නෙ නැහැ.
ඒ අර්ථාන්විත සුගම තනුව හා සංගීතය අපූරුවට ගැළැපී තිබෙනවා. ඒ වගේම සනත් නන්දසිරි ගායනවේදියා ගේ ගැඹුරු මියුරු ස්වරය මේ ගීතයට අවශ්‍ය භාවික, ගුණය තීව‍්‍ර කරනවා.
ගීතයක සැබෑ අරුත, රසය හා භාව ප‍්‍රබෝධය සේ සැලැකූ යුගයක උපන් සරු නිමැවුමක් නිසා දශක තුනකට පසුත් අප මේ ගීතය ගැන කතා කරනවා. නමුත් අද නිමැවෙන ගීතවලට මොකද වෙන්නේ? ඒවායින් රසය හා භාව ප‍්‍රබෝධය කෙසේ වෙතත් භාව ප‍්‍රකෝපය නම් සිද්ධ වෙනවා. සමහර නිර්මාණ දශකයක් කෙසේවත් වසරක් වත් ජනප‍්‍රිය වී තිබෙන්නේ් නැහැ.”
ඒ ප‍්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්තී‍්‍ර මේ ගීතය ගැන දැක්වූ අදහස් ය.
සැබැවින් ම මේ ගීය අභිනව ගීත රචකයන්ට පූර්වාදර්ශ සපයන නව සංගීතඥයන් ගේ ද අවධානයට යොමු විය යුතු රසභාවපූර්ණ ගී නිමැවුමක් බව කිය යුතු ය.
Wednesday, February 13, 2013
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
වරෙන් ඇවිත් යන්න නොවෙයි නවතින්න....෴
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ළඟයි දුවේ
__________________
ගී පද :- රත්න ශ්රී විජේසිංහ
ගී තනු :- රෝහණ වීරසිංහ
ගී හඬ :- සුනිල් එදිරිසිංහ
ඇතැම් සමාජයක දියණියකගේ උපත සෞභාග්‍යයකි. තවත් සමාජයක එය අභාග්‍යයකි. අපේ සමාජය මේ දෙකට ම අයිති නැත. අපගේ සමාජය දරු උපත සෞභාග්‍යයක් සේ සලකති. කෘෂි අර්ථ ක්‍රමයක පිරිමි දරුවකුගේ උපත පවුලට විශාල ශක්තියක් වුව ද ඕනෑම පවුල් පරිසරයකට දියණියකගේ ළතෙත් සෞම්‍ය වූ නිවසේ රාජකාරිය අවැසි ම ය.
එය වඩාත් සහය වන්නේ මවට වුවත් එහි වුවමනාව වඩාත් දැනෙනුයේ පියාට ය. විඩාබර වූ පියාට අවැසි වන්නේ වතුර කෝප්පයක් පමණක් නම් එය ඕනෑම කෙනකුගෙන් මඟ තොට දී වුව ලබාගත හැකි ය. එහෙත් දියණියගේ මියුරු තෙපුල්, අත්පා පිරිමැදුම් කෙළිලොල් සිනා ආදී ස්ත්‍රිත්වයේ ආවේණික මෘදු බව විඩාබර ගතට අමා වත් දිය බිඳ පරදා නැඟී සිටින්නේ ය.
අපගේ ප්‍රවීණ ගේය කාව්‍ය රචක රත්නශි‍්‍ර විජේසිංහයන් ගාල්ලේ ජනපි‍්‍රය පාසලක අධ්‍යාපනය ලබමින් සිටින යුගයකි. ඒ හැත්තෑව දශකය යි. ගමේ සිට පාසලට සැතපුම් විස්සක පමණ දුර ය. ගම ඉතා පිටිසර ය. ගමනාගමනය ද දුෂ්කර ය.
රත්නශ්‍රී ගාල්ලේ නේවාසික පදිංචියේ සිට අධ්‍යාපනය කරන්නේ ය. සති අන්තයේ ගමට පැමිණෙන්නේ ය. මේ එන අතර මඟ ඔහු වුව වැස්සකට පාහේ ගොඩ වදින වඩු මඩුවකි. ඉදිරියෙන් වඩු මඩුව වුවත් මැදි වියේ වඩු රාළ හා ඔහුගේ තරුණ දියණිය ජීවත් වන්නේ ද ඉදිරිපස වඩු මඩුව සහිත මේ නිවසේ ම ය.
රත්න ශ්‍රී බොහෝ දිනවල පාන්දර පාරේ ගමන් කරන විට මේ වඩු රාළ කියතක්, බුරුමයක් ගෙන ලී වැඩ ය. ඇතැම් විට මිටියත් නියනත් ගෙන ලීයක ලියවැල් මවන්නේ ය. තරුණ දියණිය පසෙක ඉරටු ගෙවී ගිය ඉදලෙන් මිදුලේ රටා අඳින්නී ය.
මේ සොඳුරු දසුන රත්න ශි‍්‍ර බොහෝ දිනවල දකින්නේ ය. පියා වෙහෙසෙන්නේ මවත් අහිමි දියණිය වෙනුවෙනි. දියණිය වෙහෙසෙන්නේ පියා වෙනුවෙනි. එහෙත් එක්තරා දිනෙක මේ වඩු රාළ අඳුරු වූ මලානික මුහුණින් යුතු ව රත්නශි‍්‍ර සමඟ පවසන්නේ සිය දියණිය නගරයේ රස්තියාදුකාර තරුණයකු හා නොකියාම යන්න ගොස් ඇති බව ය. වඩු මඩුවේ වඩු රාළ ඇතත් දැන් එය පාළු වී ඇත. බත් වේල ගැන තේ වතුර ගැන ඔහුට ගානක් නැත. තමා හැර යාමට දියණියට වූ අඩු පාඩුව කුමක් ද?
“චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ...
මේ වඩු කාර්මික පියාගේ දුක් අඳෙීනාවත් ඔහු දෑසින් දියකර හැරිය දැඩි බවේ අසාර්ථක භාවයත් රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ සිතෙහි බොහෝ කාලයක් ලැගුම් ගෙන තිබුණි. ගීතය ලියැවෙන්නේ අසූව දශකයේ මැද භාගයේ ය. අපගේ චිරන්තන සාහිත්‍යයේ පවා බහුල ලෙස දැකිය හැකි වන්නේ දරු සෙනෙහස සමඟ මවගේ සම්බන්ධතාවය යි. දරුවන් වෙනුවෙන් හඬන පියවරුන් පිළිබඳ කවි හෝ කතා සුලබ නැත. සැබෑ ලෝකයේ කෙසේ වෙතත් දරු සෙනෙහස වඩාත් සමීප වන්නේ මවට ය. රත්නශ්‍රීට වෙස්සන්තර ජාතක කාව්‍යය සිහිපත් වේ.
“සඳ සේ ලප විලසේ දවසක්
වෙන් නූවෙම්මා
එපසේ බුදු කෙනෙකුන් මෙන්
රැකි දැයි නිතියෙන් මා
සොඳ සේ අප දන් දුන්නෙත්
වැදුමෙන් වද අම්මා
අප සේ පිය රජුනි දනට
නො දෙන්න අපෙ අම්මා”
වෙසතුරු නිරිඳා සිය පුතු හා දියණිය ද දන් දෙන්නේ ය. වඩු රාළ සිය දියණිය ගිය සොවින් හඬන්නේ ය. දරුවන්ගේ හා මවගේ බැඳීම වෙස්සන්තර කාව්‍යකරුවා දකින්නේ “සඳ සේ ලප විලසේ” ය. එය අවියෝජනීය සම්බන්ධයකි. එහෙත් මේ දියණියට මව් සෙනෙහසටත් පිය සෙනෙහසටත් දෙකට ම සිටියේ පියා පමණි.
වෙස්සන්තර ජාතක කාව්‍ය රචනා කළේ ගැමි කවියකු යැයි සැලකේ. එහෙත් ඔහු සඳෙහි ලප දකින්නේ ය. විද්‍යාව එය දකින්නේ ආවාට ලෙසිනි. එහෙත් ගැමියා දකින්නේ සඳෙහි සාවෙකි. රත්න ශ්‍රී හු වෙනස්ම ආකාරයේ ගැමියකු වෙති. ඔහු මේ වඩු රාළගේ සඳ මඬලේ දකින්නේ සාවියකි. ඔහු මුල් වරට සාහිත්‍යයේ සඳ සාවා ගේ ලිංග විපර්යාසයක් සිදු කරන්නේ ය.
“ලාබ රත්තරං දිළිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ”
රත්න ශි‍්‍ර විජේසිංහයන් නිතර ම සිය නිර්මාණකරණයේ දී තමන්ගේ අත්දැකීම පෝෂණය කරගන්නේ දෙස් විදෙස් අග්‍රගණ්‍ය සාහිත්‍යාංගයන්ගෙනි. මේ වඩු රාළගේ දුක් අඳෙීනා සමඟ ඔහු රුසියානු මහා සාහිත්‍යකරු ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ “තානායම්කරුවා” නම් කෙටි කතාවේ කථානායකයා වන දුන්‍යාගේ පියා හා සමපාත කරන්නේ ය.
තානායම්කරුවකු වන ඒ මහලු පියා ගේ තානායම වෙත වරක් පැමිණෙන නගරයේ ජේත්තුකාර තරුණ සිටුවරයකු තානායම්කරුගේ රූමත් දියණිය වන දුන්‍යා රවටාගෙන නගරයට පැන යන්නේ ය. මහලු පියා නගරය වෙත දුෂ්කර වූ ගමනක් යන්නේ දියණිය දැක ගැනීමට යි.
එහෙත් ඔහුට දියණිය දැක ගැනීමටවත් ලැබෙන්නේ නැත. ජේත්තුකාර සිටුවරයා ජනේලයෙන් සල්ලි මිටියක් විසි කරන්නේ ය. පියාට ඉන් පලක් නැත. ඔහු එයට අත තබන්නේ වත් නැත. ඔහු කල්පනා කරයි.
“නගරවල ඉඳල එන ජේත්තුකාරයන්ට රැවටිලා පැනල ගිය ඉතිහාසයේ එකම කෙල්ල දුන්‍යා වෙන්න බෑ. ඉදිරියේ දීත් කෙල්ලො පැනල යාවි. ඒගොල්ල අද සේද ඇන්දට හෙට එයාලට පාර අතුගාන්න වෙනව. රත්න ශි‍්‍ර සිහි කරන්නේ ඒ පුවතයි. වඩු රාළගේ දියණිය දුන්‍යාගේ පරපුරේ ය.
“උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ”
ඕනෑම සභ්‍ය සමාජයක පියකුට තම දියණියන් පිළිබඳ ඇති විශාල ම බලාපොරොත්තු දෙක කැයි හැඟේ. ඉන් සමාජයට හොඳින් විදහා දැක්වෙන්න නම් දියණියන් ලොකු මහත් කර හොඳින් අධ්‍යාපනය ලබාදීම, රැකියාව ගේ දොර වැඩ ආදිය යි. අනෙක් සැඟවුණ බලාපොරොත්තුව නම් නම්බුකාර ලෙස චාරිත්‍රානුකූලව පොරුව මත හිඳුවා ඇය යුග දිවියට එලඹීමයි. දියණිවරුන්ගේ හැදියාව පිළිබඳ සීමා වැට කඩුලු දැමෙන්නේ මේ බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමට ය.
දිනෙක පිවිතුරු චරිතවත් ශීලාචාර දියණිය පෝරුව මත හිඳ බුලත් හුරුලු දී පියාට වැඳ කුලගෙට වදින අයුරු විඳීමට මේ වඩු කාර්මික මහතා ද බලා සිටියා විය හැකි ය. එහෙත් දියණිය ඊට ඉක්මන් වූවා වැඩි ය. ඈ යන්න ගියේ නොකියා ම ය. පියාට ඒ බව හඟවන පෙර නිමිති තිබෙන්නට ඇත. රෝසමල් යහන් පිළිබඳ ඈ මැවූ සිහින පියාට සන්නිවේදනය කිරීමට මව සිටියේ නැත. මාල ගිරවුන්ගේ ගීතය දියණියට මිස පියාට ඇසුණේ නැත.
“මාල බැඳන් සුදු යකඩෙන්
රෝසමල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ
සිංදු කිව් වෙලේ”
වඩු මඩුව ඉදිරියෙන් ගිය පාපැදි මෝටර් බයිසිකල් පිළිබඳ වඩු රාළට ඒ තරම් නිනව්වක් නැත. ඒ වායේ නළා හඬ සංඥා කළේ කාටදැයි එදා තේරුණේ නැත. සුදු යකඩ මාල මුදු පැලඳි ඉලන්දාරින්ට වඩු මඩුව ඉදිරියේ පාර තහනම් නැත. දියණියට මිදුල ද තහනම් නැත. වඩු රාළට වඩු මඩුවේ ඕනතරම් වැඩ ඇත. දියණියට මාල වළලු තනා දිය යුතුය. සුදු යකඩෙන් නොව රත්තරනින් ය. එහෙත් ඊට පෙර දියණිය සුදු යකඩ මාලයකට පෙම් බැන්දා ය.
“හීනෙනුත් හිතුනෙ නෑ මට
මොකද කාරණේ
පාර මතක නම් තාමත්
ගේ ළඟයි දුවේ”
රත්තරං දුවේ රනින් සැරසිය යුතු උඹේ කරට සුදු යකඩ මාලා ගැළපෙන්නේ නැහැ. කවුරු එක්ක ගියත්, කොහේ හිටියත් වරෙන්, ඇවිත් යන්න නෙමෙයි නවතින්නම, මේ තාත්තා උඹට ඈත නෑ. වඩු මඩුවේ කොට බිත්තියක් මත වාඩි වී වඩු රාළ විවිධ දිශාවන්ට දිවෙන අතුරු මාර්ග බහුල පාර දෙස ඔහේ බලා සිටින අයුරු තවත් දිනෙක රත්නශ්‍රී ට දැකගන්නට ලැබුණි.

සුභාවිත ගීතය ක්ෂණික නැහැ
සුභාවිත ගීතය ක්ෂණික නැහැ...෴
ගීතය ජනපි‍්‍රය කලාවක් ලෙස වර්ධනය වීමේදී කවියට අතීතයේ තිබූ තැන ගීතයට හිමි වී ඇත්දැයි වර්තමානයේ බොහෝ දෙනා තර්ක කරති. නමුත් මගේ අදහස නම් සෑම කවියක් ම ගීතයක් නොවේ. නමුත් කිසියම් සංගීත රචකයකුට හැකියාව ලැබෙනවා කාව්‍යමය රචනාවක් ගීතයක් බවට පරිවර්තනය කිරීමට. ඒ සංගීතඥයා විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මතයි කවියක් ගීතයක් වන්නේ.
නමුත් සාහිත්‍ය රසය අතින් පද රචකයෙක් රචනා කරන සෑම කවියක්ම ගීතයක් වන්නේ නැහැ. එහෙත් අපේ ගීතාවලියේ ඉතිහාසය දෙස බලන විට ගීත බවට පත්වූ ගීත යැයි පිළිගන්නා ලද කාව්‍යමය රචනාවන් ඕනෑ තරම් තිබෙනවා. දැන් මෑත ඉතිහාසයේ උදාහරණයක් කියනවා නම් සුනිල් එදිරිසිංහ ගායනා කරන මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා කියන සිපිරිමාලේ කවි ආශ්‍රයෙන් වූ ගීතය. එය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නම් කර තිබෙන්නේ ම සිපිරිමාලේ කවි කියායි.
කවි වුවත් එය ගීතයක් බවට පරිවර්තනය වන අවස්ථා තිබෙනවා. දැන් අපි කියනවා අපේ දේශීය ජන සංගීතය පැත්ත ගත්විට ජන ගී කියා. නමුත් අපි ජන ගී කියා සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනුයේ ජන කවියමයි. කවිය සහ සාහිත්‍ය යනු එක ම මාධ්‍යයකි. එය ගීතයක් බවට පත් වන්නේ ඒ සාහිත්‍යමය රචනාවට ගීතමය නැතිනම් සංගීතමය අර්ථකථනය ලැබූ විට ය.
ඊට අමතර ව සංගීත සංයෝජනය සහ ස්වර රටා යනාදිය එනම් වාද්‍ය වෘන්දයකින් ඊට ආනුෂංගික ව ඉදිරිපත් කරන අන්තර් සංගීත ඛණ්ඩ නිසා ගීතය නැමැති පැත්තට කවිය නැඹුරු කර ගැනීමේ හැකියාව ලැබෙයි. නමුත් සෑම කවියක් ම ගීතයක් වන්නේ නැහැ. නමුත් අපේ ගීතාවලියේ මේ දෙයාකාරයම දකින්නට ලැබෙයි.
කවි රචනා හැටියට බිහිවූ ගීත මුලින් කියූ ඊට ආනුෂංගික ව භාවිතා කළ හැකි සංගීත රචනය, වෘන්ද වාද්‍ය රචනය, ගායනය වැනි කරුණු නිසා කවි ගීත බවට පත්වූ අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් ගීතය කියන කලා මාධ්‍යය ඉතාම අර්ථ සම්පන්න වන්නේ එහි කාව්‍යෝක්තිය සහ සාහිත්‍යමය ගුණය ආරක්ෂා වුවහොත් පමණයි.
එහිදි විවිධ පද රචකයන් කාව්‍යමය යෙදුම්, උපමා, රූපක අනුප්‍රාස විටෙක එළිසමය ඇතිව සහ නැතිව විවිධාකාරයෙන් භාෂාවේ යම් යම් නියමයන් සහ යම් යම් ව්‍යාකරණ භාවිතා කරනවා. එමෙන්ම අපේ බහුතර ගීත රචකයන් ඕනෑ තරම් උදාහරණ දැක්විය හැකියි ජනශ්‍රැතිවලින් ජන කාව්‍යවලින් ඒ අයගේ පද රචනා පෝෂණය කර ගත්.
අපි ගීතය සහ කවිය වෙන් කර ගැනීමේදී යම් නිර්ණායකයක සිට කටයුතු කළ යුතුය. එනම් රැපියල් තෙන්නකෝන් එහෙම නැතිනම් මීමන ප්‍රේමතිලක, චන්ද්‍රරත්න මානවසිංහ වගේ කවින් අපට සිටියා.
මෑත කාලයේත් පද රචකයන් විදියට රටේ ජනපි‍්‍රය වෙන්නේ සාහිත්‍යකරුවන්. කාව්‍ය රචකයන්. පසුව තමයි ඔවුන් ගීතය කියන මාධ්‍යයට ප්‍රවිෂ්ට වුණේ. මෙය වෙන්කොට ගත් විට ගීතය අද වෙන විට කවියට වඩා මිනිසුන් අතරට ගිහින් තිබෙනවා. කවියට වඩා ඉදිරි ගමනක් ගීතයේ තිබෙනවා. ඒ නිසා අද කවිය මිනිසුන්ගේ අවධානයෙන් ඉවත් ව තිබෙනවා. ඊට හේතුව වෙන්නේ සංගීතය නැමැති මහා සාගරයේ ගීතය කුඩා අංශුවක් වීමයි.
නමුත් සංගීතය නම් වූ විෂයේ ජනපි‍්‍රයම ශාඛාව ගීතයයි. ඒ හේතුව නිසා කවිය අබිබවා ගීතය ගමන් කොට තිබෙනවා. නමුත් මිනිස්සු ශ්‍රවණය කරන ගීත යැයි කියා ගන්නා යම් යම් නිර්මාණයන්හි කවිය අන්තර්ගත ව තිබේ. නමුත් ගීත යැයි හඳුනා ගන්නා නිර්මාණයන්හි කවි තිබේ.
අපි ගීත හැටියට කවි ශ්‍රවණය කරනවා. නමුත් ඉදිරිපත් කරන ක්‍රමවේදය, ගායන වේදය මත, ගීතයක් වූ විට කවිය නැමැති දෙයින් බාහිර ව අප එය ගීතයක් ලෙස රස විඳීමට පුරුදු ව තිබෙනවා.
එමෙන්ම අපේ ගීත සාහිත්‍ය පෝෂණය වීමට පල්ලියේ ගීතිකා සහ බෞද්ධ පිරිත් ස්වර උපකාරී වී තිබෙනවා. සුනිල් ශාන්තයන්ගේ ගීතාවලිය දෙස බලන විට පැහැදිලි ව ම අපට දකින්නට ලැබෙනවා බටහිර බෙන්ගාල රබින්ද්‍ර සංගීතයේ යම් යම් ලක්ෂණ. තවත් විටෙක දකින්නට ලැබෙනවා කතෝලික පල්ලිවල ගායනා කරනු ලබන ගීතිකාවල ස්වරූපය. තවත් අවස්ථාවක භාරතීය රාගධාරී සංගීත ලක්ෂණ අපට දැක ගන්නට ලැබෙනවා.
”නැළවී සැනසෙන්කෝ මගේ සුදු ඕළු මලේ” මේ ගීතය අසන ශ්‍රාවකයාගේ මනස ගමන් කරන්නේ පල්ලිය වෙතට ය. නමුත් එය වඩාත් බර සිංහලටය. ඊට හේතුව එතුමා හෙළ හවුලේ සිටි කෙනෙක් වීමයි. ඒ නිසා තමයි එතුමා පද රචනය කරන්නේ “නැළැවී සැනැසෙන්කෝ” ලෙස. එනම් ඊට හෙළ හවුලේ අනන්‍යතාව ලැබී තිබේ.
එබැවින් එහි ඉතා ගැඹුරු සෞම්‍ය දේශීය බවක් අපට ලැබෙනවා. අපේ බවක් හැඟෙනවා.
මෑත කාලයේ උදාහරණයක් ලෙසින් අපේ බෞද්ධ සාහිත්‍ය මඟින් පෝෂණය වූ ගීතයක් ලෙස පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත “බුදු බණ ඇසුවා නිරන්තරේ” ඒ ගීතයේ පිරිතේ නාද මාලාව ඇසෙනවා. ඒ වගේම භාරතීය සංගීතයේ භෛරවි කියන රාගය දෙසටත් යනවා. සංගීතය හරිම ගැඹුරුයි. අපට පැත්කනින් පිරිත ඇසෙනවා. නාද මාලාව ගීතයේ දෙවන තෙවන කොටසින් ඇසෙන විට නාද මාලාව වර්ධනය වෙලා භෛරවී කියන රාග පැත්තට යන ලක්ෂණ තිබෙනවා.
ඊළඟට චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ ‘වැලිතල අතරේ’ ගීතය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරනවා. ‘මහබෝ වන්නම’ ගීතය බලන්න. එහි රිද්මය තුළ අපට ඇසෙනවා දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන පෙරහැර. ඒ දළදා පෙරහැරේ රිද්ම රටාව පණ්ඩිත් අමරදේවයන් සංගීත රචනයෙන් ඉදිරිපත් කරනවා.
හැබැයි දැන් බලන්න මෙවැනි පද රචනාවක් දෙස ‘ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්. මතකයි මට ඔබ දුන්නා කොට්ටෙට උරයක්” ඒ පද රචනාවේ කිසිදු සාහිත්‍ය අගයක් හෝ කවීත්වයක් නැහැ. නමුත් සුනිල් ආරියරත්න, ගීතනාත් කුඩලිගම වැනි විද්වතුන්ගේ ගීත රචනා මොන තරම් සුන්දර ද? ඒ නිසා මා දකින හැටියට අපි කවියන් ලෙස සැලකූ උදවිය ගීත රචනාවන්ට යොමු වුණේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් හම්බ කිරීමේ අරමුණින් නොවෙයි. ඔවුන් කවියට වඩා ගීතය රස විඳින රසිකත්වය දෙස බලා ගී රචනාවන්ට යොමු වූ බව මගේ අදහසයි.
සුනිල් ආර්. ගමගේ, ගීතනාත් කුඩලිගම, සුනිල් සරත් පෙරේරා, බණ්ඩාර ඇහැලියගොඩ, රත්න ශ්රී විජේසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ගීත රචකයෝ අපේ රටේ සිටිනවා. මේ අය කවියෙන් ඈත්වූ බවට මතයක් සමාජයේ තිබෙනවා. නමුත් එය මා විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ කවීත්වය තමයි අප ගීත තුළින් දැක්කේ.
ගීත යැයි සිතා ගනිමින් යම් යම් තරුණ පිරිස් විසින් වෙළෙඳපළට නිකුත් කරනු ලබන නිෂ්පාදන නිර්මාණ නෙවෙයි. ඒ නිෂ්පාදනයන්හි තමයි ක්ෂණික රස වින්දනය තිබෙන්නේ.
නමුත් කිසියම් ගැඹුරක්, පදනමක් දර්ශනයක් සහිත ව පද රචකයෙක් සංගීතඥයෙක් ගායකයෙක් එක් ව කරන නිර්මාණ ක්ෂණික වන්නේ නැහැ. එවැනි ගීත රසිකයාගේ හද පත්ලේ නිධන් වෙනවා. නමුත් වර්තමානයේ බාල බොළඳ නිෂ්පාදන විද්‍යුත් මාධ්‍ය යැයි කියාගන්නා සමහර ආයතන විසින් සමාජයට පීඩාකාරී ලෙස ලබා දෙනවා. සමාජයට බලෙන් ශ්‍රවණය කරවනවා. ඒ නිසා සුභාවිත ගීත රසිකයාගේ විඥානය අද කුමන්ත්‍රණකාරී ලෙස නැති කර දමා තිබෙනවා. එය සත්‍ය ලෙසම සමාජ විද්‍යාත්මක කාරණයක්. මේ තත්ත්වය නිසා තමයි අද බොහෝ දෙනා ගීතය ක්ෂණික මාධ්‍යයක් කියා හඳුන්වා දෙන්නේ.
දේශීය ගීතය කියන්නේ අප මේ භූමියේ අත්විඳින රිද්මයයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් පවා කියා තිබුණේ ගීතය ඉපදිය යුත්තේ මහ පොළොවේ රිද්මයෙන් කියා ය. එය මා ද අනුමත කරනවා.
-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෝලිත භානු දිසානායක-

වැලිතල අතරේ හෙමිහිට බසිනා
මහ මෙව්නා උයනේ... නටයි කොළ වන්නම ලෙස මහබෝ...෴
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා
හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
පාවෙනා
සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා...
සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා
___________________________
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
කවිය හා ගීතය අතර වෙනස ගැන කෙනෙකු විමසන සෑම අවස්ථාවකදීම මානවසිංහයෝ මගේ සිහියට එති. සාර්ථක ගීතයක් තුළ සාර්ථක කවියක් පැවතිය හැකි ය. එහෙත් සෑම කවියක් ම ගීතයක් බවට පත්කළ නොහැකි ය.
මහගමසේකරයන්ගේ බොහෝ කවි පසුකාලීන ව ගීත බවට පත්විය. එහෙත් සිරි ගුනසිංහයන්ගේ එකද කවියක් හෝ ගීතයක් බවට පත්වූ අවස්ථාවක් මට සිහිපත් නොවේ. සේකරයන්ට කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය මැනවින් පිහිටා තිබු අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ද කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය මනාව ප්‍රදර්ශනය කළා වූ සාහිත්‍යධරයෙකි.
(ගුරු ගෙදර යන අතරමග, හෙවත් අකුරට යනවයි කියලා නැමැති නිර්මාණය, මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙකු වට කරලා, (ඇත් ගාලේ දරු පෙම) ආදි නිර්මාණ මේ සඳහා කදිම නිදර්ශන වන අතර “මහ බෝ වන්නම” නැමැති නිර්මාණය ද ඒ අතරට එක්කළ හැකිය.
“මහ බෝ වන්නම” ට වස්තු විෂය වන්නේ ගලායන නේරංජනාවේ මැරෙන ඉපදෙන රළ දෙස බලමින් හිමාල කඳුවැටියේ සෙවණැන්ලේ මඳ පවනේ ලා දලු සලන ශ්‍රී මහා බෝධියයි. එහෙත් මේ නිර්මාණයේ විශේෂත්වය නිර්මාණකරුවා බෝධිය පසුබිම් කරගත් පමණින් භක්ති ගීයක් නිර්මාණය කර නොතිබීමයි. “මහ බෝ වන්නම” වූ කලී ස්වභාවධර්මයේ චමත්කාරයට ආගමික ගුණ සුවඳ තැවරූ රසිකයා තුළ නිරාමිස වින්දනයක් ජනිත කරවන්නා වූ නිර්මාණයකි.
“වැලිතල අතරේ - හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස - වැඩ සිට බුදු වුණ දා
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා
රමණීය චිත්ත රූපයක් හා ඖචිත්‍යයෙන් යුතු විරිතක් මානවසිංහයෝ මෙහිදී භාවිත කරති. සුදු වැලිතලා සිපගෙන හෙමින් හෙමින් නේරංජනා නදිය ගලා බසිද්දී ගයා ශිර්ෂයේ බෝධි වෘක්ෂයකට පිට දී සමාධි සුවයෙන් වැඩ වසනු බුද්ධත්වය ලැබු ශ්‍රමණ භගවත් ගෞතමයන්ගේ රූපකාය, රසික මනසේ සිතුවම් වෙයි.
මුළු රචනය පුරාම ‘බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.
පරිසරය සමඟ කෙරෙන ගනුදෙනු තුළ ද මේ ප්‍රතිභාව සුවිශේෂ වූවකි. එතුමන් “රන්මුතු දූව“ චිත්‍රපටයට ලියු ගී පද මාලා මේ සඳහා නිදර්ශනයෝ වෙති.
“ගලන ගඟකි ජීවිතේ
දයා ලු ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපලු නටයි ගං තෙරේ”
(නන්දා මාලනී - නාරද දිසාසේකර)
ඒ අයුරින් ම ශි‍්‍ර මහා බෝධිය අවට පරිසරයේ චමත්කාරය රචකයා තම කවි ඇසට ගොදුරු කර ගනී. හිමාලයේ සිසිල, හා නලමුදු සුවඳ, ඉන්ද්‍රිය ගෝචර ලෙස චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය සමග සම්මිශ්‍රණය කරගැනීමට මානවසිංහයෝ සමත් වෙති.
මහා මරු කතරක් මැද සිට වුවද මේ වාග් මාලාව ශ්‍රවණය කරන කල්හි සීතල පවන් රොදක් සිරුර සිපගන්නා සුළු අර්ථ හා ශබ්ද මාධුර්යයක් තම පද මාලාවට රචකයා එක් කර ගනී.
“හිම කඳුවැටියේ - සීතල හෙවණේ
චන්දන තුරු පීරා - හැපී එන
මල් මුවරද රසිනේ
සමඟ මුසු - කෝමල මද පවනේ
ගැටීලා - පාවෙනා
සුභාවිත සිංහල ගීතයට අප්‍රමාණ මෙහෙවරක් කළ මානවසිංහයන් භාෂාව පරිහරණය කරන ආකාරය ගවේෂණය කළ යුත්තකි. “ගලන ගඟකි ජීවිතේ” “පාරමිතා බල පූජිත පූජිත” “පිපී පිපී රේණු නටන” “ආදරියේ රුචිරාණනියේ” වැනි නිර්මාණයන්හි භාෂා භාවිතය විමසා බැලීමෙන් මේ තත්ත්වය අවබෝධ කරගත හැකි ය.
“සත්සර නගලා
ටික ටික සෙල වී
සිරිමා බෝ හිමිගේ - මනෝහර
පලුපත් අතු රිකිලී - නටා ගිය
තාලෙහි රස දැනුනා - සරාගී ජීවනා
මහ බෝ වන්නම භක්ති ගීයක් ලෙස ලේබල් ගැසිය නොහැකි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් ජනිත කිරීම ඒකායන අරමුණ ලෙසින් පෙනී නොයන බැවිනි. රචකයා අවසානයේ පාඨකයා රැගෙන යන්නේ අනුරපුරයේ ජයසිරි මා බෝධිය වෙතටයි. සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමඟ සපැමිණි ජයසිරිමා බෝ අංකුරය මේ ධරණී තලයේ රෝපණය වූ දා පටන් එදා නේරංජනා නදී තීරයේ කොළ සැලු ලතාවට ම ලා දලු බෝ පත් සලන අයුරු දැක විඳ ගත හැකි බව රචකයා සිහිපත් කරයි.

දන මන පිනවා රඟ දක්වාලා
අදින්න පුබ්බක නිවන් දකිත්වා...෴
දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ
යසකිත් රාවේ තුඩ තුඩ විසිරී
සාද තෙපුල් මැද රජ මැති ඇසුරේ
මල් දම් පලදා
සේසත් නංවා
සත් රුවනින් පුද්දේ
සාගිනි දියකර නීරස බොජුනේ
වැරැහැලි දවටා වැහැරුන සිරසේ
තෙමහල් පායේ
බිහි දොර අයිනේ
මට්ටකුණ්ඩලී බලා සීටී
දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ
____________________________
ගී තනු - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය සහ ගායනය - ගුණදාස කපුගේ
බොහෝ දාන මාන සිදු කෙරෙන්නේ සුප්‍රකට පූජනීය ස්ථානවලය. ගමේ පන්සලට දනක් නොදෙන දානපතියෝ දළදා මාළිගයට, ජයශි‍්‍රමා බෝධි හාමුදුරුවන්ට, රුවන්වැලි සෑ රඳුන්ට රන් රුවන් දන් දී දාන පාරමිතා පුරති. රුවන්වැලි සෑ රඳුන් සෙවණේ වත් පිළිවෙත් පුරන පල්ලේගම හේමරතන අපේ ලොකු හාමුදුරුවෝ මේ දානපතියන් දෙස වරෙක උපේක්ෂාවෙනුත් වරෙක කරුණා සහගත විරෝධයකිනුත් බැලුම් හෙළති.
දිනක් ජයශ්‍රීමා බෝ රජ සෙවණේ හා රුවන්වැලි සෑ රජ අභිමුවේ සුප්‍රසිද්ධ පිංකම් මාලාවක් පැවැත්විණි.. මුළු අනුරාධපුර පින් බිමම කඩිසර ය. දහවලේ පැවැත්වෙන පින්කමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. බොදු ධජ පතාක බැලූ බැලූ අත ලෙළදේ. ඒ අතර එක්තරා ව්‍යාපාරයක වෙළෙඳ ප්‍රවර්ධන දැන්වීම් පුවරු රුවන්වැලි සෑ රදුන්ගේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා මාර්ගයේ ලෙළදෙමින් පවතී. ලොකු හාමුදුරුවන්ගේ දැනුම් දීමකට අනුව එම ව්‍යාපාරයේ කළමනාකරුවකු හෝ පින්කමේ සංවිධායක මහතකු යැයි සිතිය හැකි සුදුවතින් සැරසී සිටි මහතකු හේමරතන හිමියන් අසළට පැමිණ සිටී. හේමරතන ලොකු හාමුදුරුවෝ සුදු වතක් හැඳ සිටි ඒ මහතාට “මේක පූජනීය ස්ථානයක්. ව්‍යාපාර කරන තැනක් නෙවෙයි. වහාම අර දැන්වීම් පුවරු ගලවල දාන්න ඕනැ. මේ දැන්ම. නැත්නම් මමයි ගලවන්නේ.” වචන සැර වැඩි ය. එහෙත් චේතනාවට පෙරටුව ඇත්තේ ද්වේශය නොව මෛත්‍රීය ය. ව්‍යාපාර සමඟ පින්කම් කළ හැකි ය. එහෙත් පින්කම් අස්සේ ව්‍යාපාර බැරිය. එය අරමුණුවලට පටහැනි ය. මේ සිදුවීම දැක්ක මට උන්වහන්සේම ලියු ගීතයක් ඒ මොහොතේ සිහි විය.
“දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ...
අදින්නපුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ...”
ඉහත සිදුවීම සිදුවූයේ දෙදහස් නවය වසරේදී ය. ගීතය ලියැවෙන්නේ එක්දහස් නවසිය අසූ හය වසරේ පමණ ය. ඒ දිනවලත් මෙවැනි අරමුණුවලට පටහැනි ලෙස දන් දුන්නෝ සිටියහ. නිරන්තරයෙන් හරසුන් ලෙස දානමාන පවත්වා, ඒ දෙස බලා සිටින්නන් තාවකාලිකව පිනවන දන් දෙන්නෝ රුවන්වැලි සෑය අබියස ද අඩු නැත. ඔවුහු විශාල ලෙස මුදල් වියදම් කරති. කාලය වැය කරති. මහන්සි වෙති. දන් දෙති. අත් නොහරිති. යටි පරමාර්ථ ඉටුකර ගනිති.
තව තවත් සසරට ලොබ කරති. බාහිරට ඒ කිසිවක් නොපෙන්නති. බලා සිටින්නෝ සාධුකාර දී පින් රැස්කර ගනිති. පිටත වෙස්සන්තර ය. ඇතුළත අදින්නපුබ්බක ය. බෞද්ධ සාහිත්‍යයේ කවදාවත් එක් නොවන අන්ත දෙකකි. වෙස්සන්තර රජ දරුවන් පවා දන් දුන්නේය. අදින්නපුබ්බකයෝ දරුවාගේ ලෙඩ -ට පවා බෙහෙත් නොකිරීමට තරම් මසුරු වූහ. සුප්‍රසිද්ධ පින්බිම්වලින් බෝසත්දම් පුරන අදින්නපුබ්බකලා ඕනතරම් හමුවේ. ඔවුන් දන් පින් කර හිස් අතින් ගෙදර යන්නේ බලා සිටින්නන් පිනවීමට කළ ටීටර් නාඩගමක් රඟ දැක්වූ සේ ය.
“කාලා රසමුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සැදුනුත් මනරම්
ලාලා අබරණ රිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරු කෝලම්”
(ලෝවැඩ සඟරාව)
හේමරතන අපේ හාමුදුරුවන්ට මේ වැනි බහුරු කෝළම් බලා සිට ඇතිවී ඇත. ඒ දිනවල උන්වහන්සේ අනුරධපුර මහා විහාර පිරිවෙනෙහි ඉගැන්වීම් කරති. ගැමි සුවඳ වහනය වන පරිසරයක ගැමි සුවඳ වහනය වන සද්ධර්ම රත්නාවලිය ඉගැන්වීම කොයිතරම් සොඳුරු ද? ඉගෙන ගන්නා කාලයේ පටන් උගන්වන කාලයේත් සද්ධර්ම රත්නාවලිය කියැවීම පල්ලේගම හේමරතන හිමියන්ගේ පරිකල්පනය අවදි කරන්නකි. මට්ටකුණ්ඩලී කතාව කියවාගෙන යන උන්වහන්සේට මේ සමාජයේ මට්ටකුණ්ඩලීලාත් උන් මඟ හැර දන් දෙන වෙස්සන්තරලාත් මැවි මැවී පෙනෙන්නට විය. විරෝධය දැක්විය යුතු තැන විරෝධය පෑ යුතු ය. ඒ ලිප්ටන් වටරවුමේ බෝඩ් කෑලි එල්ලාගෙන නොවේ ය. උන් වහන්සේ සුපුරුදු අවිය අතට ගත්තේ ය. මුවහත් තෙලිතුඩ පිටුවක් මත සටන නොව සටහන ඇරැඹීය. අවියෙන් කවිය බිහි විය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳ වැඩක් නැත.
“යසකිත් රාවේ තුඩ තුඩ විසිරි
සාදු තෙපුල් මැද රජ මැති ඇසුරේ”
කපුගේ ශූරීහු ගයති. මට ජසයාගේ කවිය සිහි විය.
“ගම්වල තැන තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට රෙදි අසුරා ගන්නේ”
ගී නාද මාලාවේ ස්වර පරාසයේ වෙනසක් ඇතත් රිද්ම ලක්ෂණ අතින් හා සමස්තයක් ලෙසින් ගී තනුව මීට සමාන බවක් ඇතැයිදෝ හැඟේ. ජසයා සෝදන්නේ අනුන්ගේ රෙදිය. ඔහු වේදිකාවේ රඟ දක්වන්නේ ද එය ම ය. එහෙත් අදින්නපුබ්බක රඟ දක්වන්නේ වෙස්සන්තර චරිතයයි. ඒ වෙනෙකක් සඳහා නොව
“මල්දම් පලදා සේසත් නංවා
සත්රුවණින් පුද දේ”
මල්තලා පැලඳ පළස මැදින් ආරක්ෂකයන් ද සමඟින් විසිතුරු විදුලි බුබුළු හා ධජ පතාක මැද මගුල් සක් බෙර නාද මැද මහා දානපතියා පැමිණ ආදායම් බද්දෙන් මිදීමට ඉදිකළ මහා තොරන් රාජයා විවෘත කළේය. අසළ බලවතුන් ය. රාත්‍රියේ ඔවුන්ට මධුපානෝත්සවය ය. තන්හා රතී රඟා එහි නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරනු ඇත. අම්බපාලි, සිරිමා ආදීන් ද පැමිණෙනු ඇත. පිනවන ලද බලවතුන් ඇසුර වාසිදායක ය. ඊළඟ කොන්ත්‍රාත්තුව ද මේ දානපතියාට ය. මේ සියල්ල තොරණ පිටුපස ය. සැදැහැතියෝ සාධුකාර දෙති. දානය කදිම ආයෝජනයක් වී ඇත.
“සාගිනි දියකර නීරස බොජුනේ
වැරහැලි දවටා වැහැරුණු සිරුරේ
තෙමහල් පායේ බිහිදොර අයිනේ
මට්ටකුණ්ඩලී බලා හිඳී”
අදින්නපුබ්බකගේ පුතු මට්ටකුණ්ඩලී ය. රන්කරුවකු ලවා මටසිලිටි කුණ්ඩලාභරණයක් සාදා ගැනීමට ලෝභ වූ අදින්නපුබ්බක සිය දරුවාට තමා විසින් ම තලන ලද රන් කැබැල්ලක් කුණ්ඩලාභරණය ලෙස සාදා දෙසවන සැරසී ය. එතැන් සිට දරුවා මට්ටකුණ්ඩලීය. රිසි ලෙස කුසට අහරක් නැත. ලෙඩකට බෙහෙත් නැත. අදින්නපුබ්බකගේ ධනය දිනෙන් දින වැඩි විය. දරුවා මරණාසන්නය. මළ පුතු දැකීමට එන්නෝ ධනය දකීවි ය යන බියෙන් අදින්නපුබ්බක දරුවාව පිළ මත තනි කරයි. අපේ හාමුදුරුවෝ මේ සිදුවීම යාවත්කාලීන කරති.
අදින්නපුබ්බක දනමන පිනවා වෙස්සන්තර චරිතය රඟ දක්වන විට තුන්මහල් ප්‍රාසාදයේ බහිද්වාරය අයිනේ කාටත් නොපෙනී මට්ටකුණ්ඩලී මේ බෝසත් චරිතය රඟ දක්වන පියා දෙස බලා සිටී. දානය ලක්ෂ්‍යගත වී ඇත්තේ එය ලැබිය යුත්තාට නොවේ ය. ලැබිය යුත්තාට දන් දීමෙන් දානපතියාගේ යසකිත් වැඩෙන්නේ නැත. ඒ වෙත මාධ්‍යයේ කැමරා යොමුවන්නේ ද නැත. ආදායම් බද්දෙන් ද නිදහසක් නැත. මට්ටකුණ්ඩලීලා බලා සිටින වීදියේ දානපතියෝ උජාරුවෙන් බෝධියට රන් වැට වැඩම කරවති. පිළිමයට රන් ආලේප කරති. කුසගින්නේ හඬන දරුවන්ගේ අම්මලා සාධුකාර දී සහන ප්‍රාර්ථනා කරති. ගීතය ලියැවී රජරට සේවයේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් අතට හේමරතන හිමියෝ ලබා දෙති. ගුණදාස කපුගේ නම් අසහාය ගායකයා සිය මාවතේ ගීතය කැසට්පටයට සූදානම් කළ එක් ගීතයක් ඉවත්කර මේ ගීතය ගායනා කරන්නේය. ඒ කැපකිරීම් මඟින් කළ සමාජගත කිරීමම මහඟු පිනක් යැයි සිතේ.
අදින්නපුබ්බකලාට ද වෙස්සන්තරලා විය හැකිය. බුදු දහම එය පැහැදිලිව සපථ කරයි. අංගුලිමාල රහත් වන්නේය. දෙව්දතුන්ට පවා පසේබුදු විය හැකිලු. පරමාර්ථයන්ට අනුගතව දන් පින් කරන්නෝ දිනෙක නිවන් දකිති. වෙස්සන්තර චරිතය රඟ දක්වා බෝසත් දම් පුරන අදින්නපුබ්බකලා ද මතු දිනෙක නිවන් දකිත්වා!

අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා
උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ
මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි
දිගන්තයේ ජය ධජ නැගු හෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි
මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි
_______________________
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී තනු - ප්‍රේමසිරි කේමදාස
ගී හඬ - විශාරද නන්දා මාලනී
අපට පුංචි කාලෙ තිබුණ එක ම ජනමාධ්‍යය රේඩියෝ එක විතරයි. අපේ ගෙදර කලින් ම නැඟිටින්නේ අපේ තාත්තා. තාත්තා අපට ඇහැරවන්න හැමදාම උදේ රේඩියෝව සද්දෙට දානවා. අම්ම නැගිටලා තේ එකක් හදනකන් කම්මැලිකමට ගුලිවෙලා මං රේඩියෝව අහනවා. මගෙ කම්මැලිකම නැති කරල ඇඳෙන් නැගිට්ටවන සින්දුවක් ගැන තමයි අද මේ ලියන්නෙ. මේ ගීතයට ඇත්තට ම මං ණය ගැතියි.
“අද පමණක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව
දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා
මේ පදමාලාව නන්දා මාලනිය ලයාන්විතව ගායනා කරන කොට මට රට ගැන, භාෂාව ගැන, ආගම ගැන පුදුම ආදරයක් ඇතිවෙනවා. මං ඉස්කෝලෙ යන්නෙ මේ ආදරේ පපුවෙ පුරවාගෙන. ජීවිතේ ගොඩක් තැන්වලදී මගේ තීරණ වෙනස් කරන්න ඒ හැඟීම බලපෑවා.
අද කාලෙ නම් ගුවන් විදුලි යන්ත්‍රයක් ළඟ උදෑසනින් වාඩි උණොත් කී දෙනකුට ඒ වගේ හැඟීම් ඇතිවෙනවා ද කියල සැකයි. (මෑත කාලෙ දි නම් ගුවන් විදුලි නාළිකා කීපයක් වැරදි නිවැරදි කරගෙන තියෙනවා) ඔන්න නිවේදකයෙක් නිවේදිකාවක් ඇවිල්ල ‘හායි ගුඩ් මෝනිං ගම්මුද fun එකක් කියලා කිචි බිචි ගාන්න පටන් ගන්නවා. දෙන්නා කියවන ඒවට හිනායන්නැති නිසා හිනාවක් රෙකෝඩ් කරල දානවා. මට ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සිහිවෙනවා. ඔවුන් ඉන්නව නම් පපුව පැලිලා මැරෙයි දුක හිතිලම.
මේ බොයිලර් නිවේදක නිවේදිකාවො පාවිච්චි කරන වචන දිහා බැලුව ම අපෙත් පපුව පැලෙනවා. ඒ තරමට ම දෙස බස රැස සුරැකෙනවා. කරුණාරත්න අබේසේකරලා වගේ ගීත රචකයො ළඟ දණ නමන්න හිතෙන්නෙ ඔන්න ඕවා ඇහෙනකොට. මක්කොරන්නද? එතුමන්ලා දිවංගත වෙලා නොවැ.
ප්‍රේමකීර්තිලා, ධර්මසිරි ගමගේලා, ඩෝල්ටන් ලත් ළඟ පාත නෑ නොවැ. සුනිල් ආරියරත්න මහත්තයලා අජන්තා රණසිංහ මහත්තයලා හොඳට ලියපු අය. ඒ අයටත් විවේකයක් එපායැ. නිලාර් ලා බුද්ධදාස ලා, බණ්ඩාර ඇහැලියගොඩ, රවි සිරිවර්ධනලා අතිනුත් හොඳ නිර්මාණ බිහිවෙනව.
කරුණාරත්න අබේසේකරයන් එක පෑන් පාරෙන් අප ව අවදි කරනවා. ක්‍රිකට් මැච් එකක් වෙලාවට ජාතික කොඩිය අලවා නොගන්නෙ ලිංගේන්ද්‍රියෙ විතරයි මගෙ සිතේ.
ඒ තරම් ම දේශාභිමානෙ. ඒත් වැඩක් කරන කොට, වැඩේ බාගෙට කරල කොමිස් පාරක් පගාවක් ගහල සාක්කුව පුරවා ගන්නවා. එතකොට දේශප්‍රේමෙ ඉවරයි. කරුණාරත්න අබේසේකරයන් මේ අඬගසන්නෙ එවැනි දේශප්‍රේමෙකට නෙමෙයි.
උදාසීන ජාතිය නිදි
කිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම්
නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින්
හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු
අපි ඉතිහාසේ
මේ ගීතය ඇතුළෙ බොදු හැඟීමක් එක්ක දේශාභිමාන මිශ්‍රවෙලා තිබුණට කිසිම ජාතියකුට ආගමකට නිග්‍රහයක් සිද්ධ වෙලා නෑ.
“මුනි සිරිපා පියුම් පිපුණ
මේ මහ දෙරණයි
දිගන්තයේ ජය ධජ නැ¼ගු
හෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන්
මුළු ලොව සුවඳයි
මෙම නිදහන් දිවි හිමියෙන්
අපහට උරුමයි
ශ්‍රී ලාංකීය සරල ගීතය තුළ වෙනස්කම් ඇතිවිය යුතු සැබෑ වකවානුව මෙය යැයි සිතේ. සින්දු ඇහුවේ ඉස්සරයි. දැන් සින්දු බලන යුගයයි. සින්දුවල විෂුවල් තරම් ‘ගොන් පාට්’ දේශපාලන ලෝකයේ වත් නොමැත. රස වින්දනයේ ලිබරල් අයිතිය වෙනුවෙන් කටපියා ගෙන සිටින්නට වී ඇත. කට ඇරියත් වැඩක් නැත. එහෙත් අඳුරට ශාප කරනු වෙනුවට එක් පහනක් හෝ දැල්විය යුතු ය.
තම තමන්ගේ පටි තද කරනවාට වඩා ජාතික වගකීමක් අප ඉදිරියේ පවතී. නැතිනම් අනාගතයේ බිහිවන සැබෑ රසිකයන් අපට ශාප කරනු ඇත. අද ගායක ගායිකාවන්ට ද විවිධ මානසික රෝග පවතී. එකකුට එකෙක් රුපියලකින් වත් බාල්දු වීමට අකමැති ය. සංදර්ශනයකට කැඳවා ගැනීමට ලක්ෂයකින් අඩු බැරි ය. අහවල් කෙනා මෙච්චරක් ගන්නවා නම් ඇයි මට විතරක් යනු ඔවුන්ගේ තර්කයයි. තව ටික කලකින් ගෘහස්ත වේදිකා හෝදා පාළු වනු ඇත. එසේ නැතිනම් සැබෑ රසිකයන් ශාලාවලින් පිටත සිටියදී දෙදාහේ තුන් දාහේ ප්‍රවේශපත් රැගෙන මුදලාලිලා පමණක් සංදර්ශන නරඹනු ඇත. මේ සියල්ල වළ කපා දෙන්නේ සුභාවිත ගීතයේ අනාගතයටයි. තමන්ගේ අභිමානයත් රැකෙන මධ්‍ය ලක්ෂයකට පැමිණෙන්නට ලාංකීය රසිකයෝ ඔබ සැමට අත දිගු කරති. ඒ අත සපා කෑමට පෙර දෙවරක් සිතන ලෙස, ගීත රචකයන් ගෙන් ද, සංගීතඥයන්ගෙන් ද ගායක ගායිකාවන් ගෙන් ද මම ඉල්ලා සිටිමි. මක් නිසාද?
“අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා.”

මේ අනන්ත රාත්‍රියේ
මේ අනන්ත රාත්‍රියේ...෴
මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
_______________________
පද හා තනු: තනුජ සංජය හේරත්
හඬ: දමිත් අසංක
හුඟ දෙනෙක් ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්‌ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්‌ද එය හරිම අමාරුයි තේරුම් ගන්න.
මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
රාත්‍රිය අනන්තයි හඳ පෙනෙන්නටත් නැහැ හැංගිලා ඇය කොහේ ඇත්ද ඒ බව දන්නේ තාරුකා විතරයි. මේ රාත්‍රියේ ඈ කොහේ නිදනවාද
අතිශය දුක්‌බර වෙන්වීමක් පෙරදී කීවාක් මෙන් මේ අසම්මත ආදරයක්.
අපි මේ සිංදුව ලියූ තරුණයාට කතා කළා. ඔහු තනුජ සංජය ඔහු විවාහයට සූදානම් වෙනවා. තව දවස් තුනකින් සංජය විවාහ වෙනවා.
සිංදුව නම් මගේ අත්දැකීමක් නොවේ. ඔය සිංදුව ලියද්දි මම අපොස උසස් පෙළ විභාගයට ඉගෙන ගන්නවා. 2002 දී විතර මගේ මිතුරෙකුගේ අත්දැකීමක්. කාලයක් එකට සිටි දෙදෙනෙක් පාසල් කාලයෙදිත් මේ අය පෙම්වතුන්. ඒත් ඒ දෙන්නාටම වෙන්වෙන්න සිද්ධ වුණා. දැන් මේ දෙන්නාම අයිති වෙනත් දෙදෙනකුට. එහෙම දැන දැනත් කිට්‌ටු වෙන්න තමයි හිතෙන්නේ.
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ
මේ පෙම්වතාත් පෙම්වතියත් සුසුම් හෙළනවා. ඒ වේදනාබර සුසුමන් ඒවා අන්ධකාරයේ ගිලිලා නොපෙනී යනවා. ඔහුගේ දෙනෙත් යුග කඳුළින් බොඳවෙලා. දැන් ඉතින් මා තනිවේවි. ඔහුට දුකක් ඇතිවෙනවා.
මේ පෙම්වතුන් දෙදෙනාම අනුන්ගේ... එකතු වෙන්න බැහැ. ඔහුට නිතරම ඈ සිහිවෙනවා.
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
ඔහුගේ ජීවන ගමනේදී හරි මං කියාදුන්නේ ඇය. හරියට පාර කියන තාරකාවක් වගේ. ඒත්... ඒත් දැන් ඇය නැහැ. ඒ තාරකාව සැඟවිලා ගිහින් ජීවිතේම අන්ධකාරය වෙළාගෙන..
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලැබුවා. දැන් විශ්වවිද්‍යාල ජීවිතේට ආයුබෝවන් කියලා
රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. දමිත් අසංකට මම තවත් ගීත කීපයක්‌ම ලියුවා. මේ අනන්ත රාත්‍රියේ ගීතයට තනුව සහ සංගීතය නිර්මාණය කළේත් මම. තනුජ තවත් විස්‌තර අපට කීවා. ඒ විවාහ උත්සවයේ වැඩවලට එහාට මෙහාට දුවන ගමන්...
අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ
ආදරවන්තියේ... ඔයා මට අයිති නැහැ. හරියට අඹරේ පායන සඳ වගේ... හඳ අයිති අහසට ඒත් ඒ හඳ මට එළිය දෙනවා. ඔයාත් ඒ වගේ... මට අයිති නැති ඔයා සඳක් නොවී මට එළිය දුන්නා ඒත්... දැන් ඒ හඳ නැහැ. මගේ ජිවිතේ අන්ධකාරයි.
දමිත් අසංක මේ ගීයෙන් රසික රසිකාවියන් බොහෝ දෙනෙකු අතරට ගියා. පදමාලාවෙන් දෙන අර්ථය වියෝව වඩාත් දැනෙන තනුව දමිත්ගේ දුක්‌බර හඬට වඩාත් හොඳින් ගැලපෙනවා.

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
"සැරයටියෙන් අපි යනෙන තුරා" ගීතයේ අත්දැකීම පොල් කඩන අන්ධ අයකුගේ කතාවයි....෴
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු

ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ
මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑ සැනසි
එපමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා
කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරෙන් නික්මෙන දා
සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
_____________________
ගී පද - සෝමපාල ලීලානන්ද
ගී තනු - සරත් දසනායක
ගී හඬ - විජය කුමාරතුංග/චන්ද්‍රලේඛා පෙරේරා
‘සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයේ අත්දැකීම පොල් කඩන අන්ධ අයකුගේ කතාවයි
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු
මේගීතය අහලා නැති රසිකයෙක් නැති තරම්. විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ ගීතයට මියුරු තනුවක් යොදා එය සංගීතවත් කළේ සරත් දසනායක. ඒත් ගීතය ලිව්වෙ කවුද? මේ ගීතය විතරක් නෙමෙයි ලංකාවේ ජනපි‍්‍රය ම ගීත රැසකම නිර්මාතෘවරයා ඔහු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
‘පාටපොදක් තිලක ලා’ (එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක), ‘නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ’ (මිල්ටන් මල්ලවආරච්චි), ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ (ලතා වල්පොල), ‘කැන්දන් යන්නම් මල්මල් මාලා දාලා’ (පි‍්‍රයා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද සහ පිරිස) වැනි ගීත පවා ලියු මේ රචකයා කවුද? ඔහු සෝමපාල ලීලානන්ද.
සෝමපාලට කලා ලෝකයේ තියෙන්නේ දිගු ඉතිහාසයක්. මුලින්ම ඔහු පුවත්පත් කලාවේදියෙක්. ‘දවස’ පුවත්පත් ආයතනයෙන් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ඇරඹු සෝමේ ‘ලස්සන’ යන නමින් එවක පළවූ පුවත්පතේ උප කතුවරයකු ලෙස සේවය කළා.
ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ‘සංගීත මංජරිය’ට සම්බන්ධවීම සෝමපාලගේ කලා ජීවිතයේ වැදගත් අවස්ථාවක්.
“ඒ කාලේ වික්ටර් රත්නායක, සරත් දසනායක ‘සංගීත මංජරියේ’ හිටියා. වික්ටර්, කේමදාස මාස්ටර් යටතේ වයලින් වාදනය කළා. සරත් වාදනය කළේ සිතාරය.” සෝමපාල අතීත අත්දැකීම් මතකයට නඟනවා.
සරත් දසනායක ‘සංගීත මංජරි’යෙන් සමු ගත් දවස සෝමේට හොඳහැටි මතකයි.
“කේමදාස මාස්ටර් දසේට ලියුමක් ලියලා තිබුණා. ඒකේ තිබුණේ වචන දෙකයි. ඒ ‘වහාම පිටවෙන්න’ යන්නයි. දසේ සිතාරයත් අරන් පාරට බැස්සා. ඒක තමයි ඔහුගේ ගමනක ආරම්භය. මමත් එදාම දසේ එක්ක ‘සංගීත මංජරි’ යෙන් එළියට බැස්සා.”
පේ‍්‍රමසිරි කේමදාස සරත් දසනායකට එහෙම ලියුමක් ලිව්වේ ඇයි?
“ඒකට හේතුව මට අදටත් හිතාගන්න බැහැ. මං දන්න තරමින් දෙන්නා අතර අහිතක් තිබුණේ නැහැ. එක්කෝ මොකක් හරි කේළමක් වෙන්න ඇති.”
සරත් දසනායකගේ ප්‍රධානම සංගීත භාණ්ඩය සිතාරය. සෝමපාල කියන විදියට සිතාර් වාදකයෙක් විදියට දසේ රවි ශන්කර්ටත් වඩා දක්ෂය.
දෙන්නගේ සිතාර් වාදන දෙකක් එකට තියලා අහන්න කවුද දක්ෂ කියලා. ඇත්තටම රවි ශන්කර්ට මම දෙන්නෙ දෙවැනි තැන.”
සෝමපාල ලියපු මුල්ම ගීතය රසිකයන්ට අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගීතය පටිගත වුණත් එය චිත්‍රපටයට ඇතුළත්ව තිබුණේ නැහැ. චිත්‍රපටයත් එසේ මෙසේ එකක් නෙමෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ඒ ‘අක්කර පහ’.
“ඒ දවස්වල තිස්ස අබේසේකරයි මමයි ‘සංඛ’ කියන වෙළෙඳ දැන්වීම් ආයතනයේ එකට වැඩ කළා. තිස්ස ‘අක්කර පහ’ චිත්‍රපටයේ තිරනාටක රචකයා. තිස්ස තමයි මට ආරාධනා කළේ මේ චිත්‍රපටයට සින්දුවක් ලියන්න කියලා. ඒ අනුව මා ලියූ ගීතය ආචාර්ය අමරදේවයන් ගායනා කළා.
ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි ඒ ගීතය චිත්‍රපටයේ තිබුණේ නැහැ. මං දන්නේ නැහැ මේ කතාවේ ඇත්ත නැත්ත. ‘අක්කර පහ’ නවකතාව ලියූ මඩවල එස්. රත්නායක මේ චිත්‍රපටයට සින්දුවක් දානවට කැමැති වෙලා නැතිලු. ඒකයි සින්දුව ඉවත් කිරීමට හේතුව.”
සෝමපාලට ගීත ලිවීමේ හැකියාවක් ඇතිවුණේ කොහොමද? ඔහුට තිබුණු සෞන්දර්යාත්මක පසුබිම මොකක්ද?
“පාසලේ අපි සාහිත්‍ය ඉගෙන ගත්තා. අපේ ගුරුවරුන් අපිට බොහෝම රසවත්ව ඒවා ඉගැන්නුවා. මා කුඩා කාලයේ පාණදුරේ අරියධම්ම හාමුදුරුවෝ රාජගිරියේ තපෝවනයේ හිටියේ. එතකොට උන්වහන්සේ සාමණේර භික්ෂුවක්.
උන්වහන්සේ තමයි දවසක් මට කිව්වේ උදේට පිනි වැටෙන ශබ්දය අහන්න, මල් පිපෙන ශබ්දය අහන්න පුරුදු වෙන්න කියලා. මම අදටත් උදේට නැගිට්ටම ඒ සද්දේ අහගෙන ඉන්නවා. කලාව පටන්ගත්තේ එතැනින්.”
සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමපාලටය. ඒ ‘විශ්මය’ චිත්‍රපටයෙනි. නාමාවලියේ නම සඳහන් නොවුවද එම චිත්‍රපටයේ තිරනාටකය සෝමෙගේය. ඔහු මේ චිත්‍රපටයට ගීතයක් ද ලීවේය. ගායනා කළේ ආචාර්ය අමරදේවයන්ය.
“විශ්මය චිත්‍රපටයේ මුල් නම ‘සහනය’. ප්‍රධාන චරිතය රඟපෑවේ මිල්ටන් ජයවර්ධන. ඒත් පස්සේ ඔහු වෙනුවට විජය කුමාරතුංග යොදාගත්තා. මිල්ටන් මට ‘අක්කර පහ’ චිත්‍රපටයේදි මුණගැහිලා තිබුණා. ඒ දැනහැඳුනුම්කමින් තමයි මම ඔහු මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ.”
‘විශ්මය’ චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද විණි. සරත් දසනායක හා සෝමපාල ඉන්පසු එක්වූ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය ඊට පෙර ප්‍රදර්ශනයට ආවේය.
ඇත්තටම සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වුණේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙනි. ඊට ගීත ලිව්වේ කරුණාරත්න අබේසේකර හා සෝමපාල ලීලානන්දය.
“කරු අයියා ලිව්වෙ ‘අමර පෙම් ලතාවේ’ සින්දුව. ඉතිරි සින්දු ටික මම ලිව්වා. ඒ ‘දෑසේ මාගේ සැතපෙනා’, ‘වාසනාව දොර ඇරලා බලනවා’, ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ’.
සදහටම ඔබ මගේ නිෂ්පාදනය කළ සේන සමරසිංහ මුලින් කැමැති වුණේ නැහැ එවකට ආධුනිකයකු වුණු සරත් දසනායකට මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාර දෙන්න.
ඔහු යෝජනා කළේ එවක ජනපි‍්‍රයම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා වුණු පී.එල්.ඒ. සෝමපාල ගේ නම. ඒ වෙනකොට දසේ හොඳ වෙලාවට ජෝතිපාල වෙනුවෙන් වෙළෙඳ තැටියට සින්දු හතරක් කරලා තිබුණා. ඒවා ‘ශන්’ කියන පුද්ගලයාගේ නමිනුයි තිබුණේ.
ඒ සින්දු තමයි ‘නීල දෑස පුරා’, ‘ටජ්මහලක් තනවන්න බෑ මට’, ‘දිය පොදක් වෙමින්’, ‘පහන් ටැඹ යට’ යන සින්දු. අපි ඒ සින්දු ටික සේනට අහන්න සැලැස්සුවා. ඔහු ඒ සින්දු ටිකට කොයිතරම් කැමැති වුණාද කිව්වොත් ඔහු ඒ මොහොතෙම එකඟවුණා දසේට සංගීත අධ්‍යක්ෂණය භාර දෙන්න.
ඉන්පසු සේන සමරසිංහ, සරත් දසනායක, සෝමපාල ලීලානන්ද ත්‍රිමූර්තියෙන් චිත්‍රපට ගණනාවක් තැනිණි. ‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘ඈතින් ඈතට’ වැනි චිත්‍රපට ඊට උදාහරණය.
‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ සියලු ගීත රචනා සෝමේගේය. ‘පාට පොඳක් තිලක ලා’, ‘මල් වයසේ මධු සිහිනේ’, ‘හද විමන් දොරින්’, ‘ලස්සන ලෝකෙක ඉපදිලා’ එම ගීතය. මේ චිත්‍රපටයේ කතාව, දෙබස් හා තිරනාටකය ද සෝමේ ගේ වීම විශේෂත්වයකි.
“යෞවන උයනේ පියුම් තටාකේ” (නිල්ල සොයා) ‘බඹරා වගේ ඇත තවම විසේ’ (චණ්ඩි පුතා) ‘කඳුළැලි නෑනේ අප රැහේ’ (මිහිදුම් සිහින) ‘නෙළූ මලෙකිය’ (අහිංසා) සරත් දසනායක සෝමපාල ලීලානන්ද නිර්මාණාත්මක එකතු වෙන් බිහිවූ තවත් මධුරතර ගී කීපයකි.
සරත් දසනායකගේ සංගීතයෙන් පරිබාහිරව සෝමේ ලියූ ගීතයක් අතිශය ජනප්‍රිය විය.
ඒ ‘රජ දරුවෝ’ චිත්‍රපටයට ලියූ ග්‍රේෂන් ආනන්ද ගයන ‘බිළිඳුගේ දරුවනේ මගේ’ ගීතයයි. ඊට තනු යොදා සංගීතවත් කළේ සෝමපාල රත්නායකයි. සෝමපාල එක් ගීතයක් හැර අන් සියලු ගී ලීවේ පූර්ව නිර්මිත තනුවලට වීම සුවිශේෂත්වයකි.
අපි සාමාන්‍යයෙන් තනුව හදලා ඒකට බොරු වචන ටිකක් දානවා. ඊට පස්සේ තමයි සින්දුව ලියන්නේ. උදාහරණයක් විදියට ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ ගීතයට සරත් දසනායක මේ විදියේ බොරු වචන ටිකක් දැම්මා. ‘බන්දනි පුංචි පැලේ නාන වෙලාවේ - සබන් ගානවා ඇඟෙන් සුවඳ හමනවා.’
ඉතිං ඊට පස්සෙ ඇත්ත වචන දානවා.”
සෝමේ පූර්ව නිර්මිත තනුවකට නො ලියූ එකම ගීතය ‘සැරයටියෙන් අපි යනෙන තුරායි.’
“මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ.
“සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයට පාදක වන්නේ සැබෑ අත්දැකීමක්ද?
මීට අවුරුදු 11 කට පෙර අප සෝමේ ගෙන් ඒ ගැන ඇසූ විට ඔහු දුන්නේ තනි කෙටි උත්තරයක්.
“ඔව්. ඒක එහෙම තමයි”
එහෙත් මෙවර ඒ සැබෑ අත්දැකීම හෙළිදරව් කර ගැනීමට අපට හැකි වුණා. “මම මීට කලින් මේ අත්දැකීම කාටවත් කියලා නැහැ.
අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ.
කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ.
සින්දුවේ එක තැනක තියෙනවා.
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමු සසරින් නික්මෙනදා
“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා
සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.

සුළඟේ පාවී ඈ වෙත යාවී
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්...෴
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
පාසලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
ගී පොතේ හි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලු බැලුම් පි‍්‍රයේ
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
_________________________
ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය – මිල්ටන් මල්ලවආරච්චි
පාසල් සමය තරම් රමණීය මතකයන් ඉතිරිකරන අවදියක් කෙනෙකුගේ ජීවිත කාලය තුළ තවත් ඇතැයි මම නොසිතමි. බොළඳ ළමා වියෙන් පිටමන්, වී භද්‍ර යෞවනය කරා ඕනෑ ම කෙනෙකු පා තබන්නේ මේ පාසල් සමය තුළයි. ඒ නිසාම ඒ සුන්දර වසත් සමය සුමිහිරි මෙන්ම අමිහිරි මතකයන් දායාද කරයි. ශෝකයත් සාහිත්‍යයේ දී රසයක් බැවින් අමිහිරි, මතකයන් වුව ද අවසානයේ ඉතිරි කරන්නේ මිහිරියාවකි.
මගේ ජීවිතය ගතහොත් මගේ පාසල පිරිමි විද්‍යාලයක් වූ නිසා මිශ්‍ර පාසලක දී ලබන අත්දැකීම් මගෙන් ගිලිහිණි. ඒ පිළිබඳ ව අද මා තුළ ඇත්තේ බලවත් ශෝකයකි. විශේෂයෙන් ම කරුණාසේන ජයලත් ගේ “ගොලු හදවත” වැනි නවකතාවක් කියවන විට ඒ ශෝකය තව තවත් වැඩි වන්නේ සොඳුරු යුවතියන් සමඟ පාසල් විය ගෙවීමේ ඉඩහසර පිරිමි විද්‍යාලයක අකුරු කළ මට අහිමි වී ගිය බැවිනි.
එහෙත් ඒ අඩුව අප සපුරා ගත්තේ පෞද්ගලික පන්තිවලට සහභාගි වන අවස්ථාවන්හිදී ය. අගනුවර සතිඅන්ත භෞතික විද්‍යා පන්තියක ශිල්ප කරමින් සිටින මට අගනුවර බාලිකා විදුහලක සිසුවියක් ඒ පන්තියේදි ඇස ගැටිණ. ඈ වාඩිවී සිටියේ මා සිටි පේළියට නුදුරිනි. පාඩමට වඩා මගේ ඇස යොමු වී තිබුණේ ඈ වෙත ය. ගුරුවරයා උගන්වමින් සිටියේ “තාපය” නැමැති පාඩමයි. පාඩමේ මෙලෝ දෙයක් නොතේරුණු මම වරින් වර ඇය දෙස බලන්නට වීමි. මා වරින් වර හොරෙන් බලනු දුටු ඇය කීපවරක් මා දෙස රවා බැලුවා ය.
ඇය ඉතා අහංකාර බව මම ළඟ ම සිටි මිතුරාට කීවෙමි. මා පාඩමට අවධානය නොදක්වන බව දුටු ගුරුතුමා මා ඇඳ සිටි කමිසයේ පාට නම් කොට මට නැගිටින්නට අණ කළේ ය. මම වෙව්ලමින් නැගී සිටියෙමි. මා ගැන කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ගුරුතුමා වහා ම පන්තියෙන් පිටවන ලෙසට අණ කළේ ය. මිතුරන්ගේ සිනා හඬ මැද මා පන්තියෙන් පිටවෙද්දී පෙර මා සඳහන් කළ යුවතියද ඇගේ මිතුරියන් සමඟ මට සිනාසෙනු දුටුවෙමි. අමිහිරි අත්දැකීමක් වුවද එය මිහිරි මතකයක් සේ අද මා ළඟ පවතී. ඒ පාසල් සමයේ සුන්දරත්වය මිස වෙන කුමක් ද?
”සුළඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්....”
මේ ගීතය ද මගේ සවන් වැකුණේ මා පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ ය. මෙහි රචකයා හෝ සංගීතඥයා පිළිබඳ ව මම එකල දැන නොසිටියෙමි. එහෙත් මිල්ටන් මේ ගීය ගායනා කරනු ඇසූ හැම වාරයක ම ඈත ලෝකයකින් ගලා එන පාළු ශෝකී හැඟීමක් එදා මෙන් අදත් මාගේ සිත වෙළා ගනියි.
මා දන්නා පරිදි මේ ගීතය වූ කලී තනුවකට සැපයූ පද මාලාවකි. තනුව නිර්මාණය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ය. ගී පද කරුණාරත්න අබේසේකරයන් ගෙනි. තනුව කෙතරම් මිහිරි ද යත් කරු අයියාට ද බාධාවලින් තොරව වචන ගලා එන්නට ඇත. තනුවකට වචන සැපයූ බවක් නොතේරෙන තරමට අව්‍යාජ පද මාලාවක් මේ ගීතය තුළ අන්තර්ගත ය.
මෙහි කථකයා පාසල් සමය පසු කළා වූ යෞවනයෙකි. පාසල් සමයේ ලියලා දළුලා වැඩුණු ප්‍රේමය කාලයාගේ ඇවෑමෙන් බොඳ වී මැකී ගොසිනි. භද්‍ර යෞවනයේ ඉඳි වූ සිහින විමාන බිඳ වැටී ගොසිනි. අනාගතය පිළිබඳ අහස උසට ගොඩගැසුණු ප්‍රාර්ථනා සුළඟේ පාවී ඇය සමීපයට සුසුමක් ලෙසින් පාවෙයි. ඒ මතකයන් ආවර්ජනය කරමින් මිහිරක් විඳිනු විනා වෙනත් යමක් ඔහු ළඟ ඉතිරි වී නොමැත.
"පාසලේ දි මා දිහා නෙත් කොනින් බලා
ඔබ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ”
රසිකයා ගේ මතකය තම පාසල් සමය වෙත ගෙනයාමට මේ කුඩා වචන මාලාව මහා පරිමාණයෙන් දායක වෙයි. තමාගේ නෙතට පි‍්‍රය දසුන් කෙරෙහි ඇස ඇදී යාමත් ඇසට ඇස ගැටෙන මොහොතක දෑස්වලින් කතා කිරීමත් භද්‍ර යෞවනයට නුහුරු නොවේ. මේ යෞවනයා ද එවැනි සොඳුරු අතීතයකට හිමිකම් කියන්නෙකි. එහෙත් දෑස්වලින් කතා කරමින් රහසින් කී ප්‍රේමයේ පණිවිඩය සැබෑවක් වී නොමැත. පාසල් වියේ බැඳීම් බොහෝ විට නිමා වන්නේ මෙබඳු ඉරණමකිනි. එක්තරා ශෝකයක් මෙන්ම ශෝකය තුළින් හටගන්නා මිහිරියාවක් ද ඒ තුළ ඉතිරි වී තිබේ.
පාසල් සමය නිමා වන්නේ කුරුලු කූඩු ඉහිරුණාක් මෙන් එකිනෙකා දස අතට විසුරුවා දමමිනි. කොටසක් සරසවියට ඇතුළු වෙති, තවත් පිරිසක් විවිධ පාඨමාලා සඳහා විසිරේ. රැකියා සොයාගෙන ඇතැම්හු වෙන්වෙති.
ඇතැම්හු නිවෙස්හි හුදෙකලා වෙති. පාසල නිමාවීමත් සමඟ අලුත් ලෝකයක් විවෘත වන බැවින් අතීත සබඳතා ක්‍රමානුකූල ව ගිලිහී යයි. බහුතරයක් දෙනා මුහුණ දෙනු ලබනුයේ මේ ඛේද වාචකයටයි. ප්‍රේමයේ දිග් විජය ලබන්නේ කීපදෙනකු පමණි. බහුතරයකට අතීතය අනුස්මරණීය කඳුළක් බවට පත්වෙයි.
"ගී පොතේ හි මා ලියූ ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් පි‍්‍රයේ"
ඔහු ගේ ගී පොතේ ඔහු ලියූ ශෝක ගීතයේ උල්පත වී ඇත්තේ එදා ඇය ඔහු දෙස හෙළූ ආලවන්ත බැල්ම බව මේ යෞවනයා පවසයි.
ගායකයා, සංගීතඥයා සහ රචකයා ඒකාත්මීය වූ ප්‍රබල අවස්ථාවක් ලෙසින් මේ නිර්මාණය පෙන්වා දිය හැකි යි. කරුණාරත්න අබේසේකරයන් මේ ගීතය රචනා කරන්නේ තම මැදි වයසේදීය. එහෙත් ඔහු ඉතා අව්‍යාජ ව තම පාසල් සමය පද මාලාව තුළ ස්පර්ශ කර එය පොදු බවට පත්කර තිබේ.
ක්ලැරන්ස් විජේවර්ධනයන් මට තාමත් වටහා ගත නොහැකි සංගීතඥයෙකි. ඔහුගේ ඇතැම් සරල ගීත, ගිටාර රිද්මය ඔස්සේ ගොඩනැඟෙන ඒකාකාරී තනුවලට සීමා වෙයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී රසිකයාගේ ඇට මිඳුළු සිසාරා ඔහුගේ සංගීත නිර්මාණයෝ ගමන් කරති.
මීට වසර තිහකට පෙර මම චිත්‍රපටක් නරඹමින් සිටියෙමි. ඒ එච්.ඩී. ප්‍රේමරත්නයන් ගේ “සිකුරුලියා” චිත්‍රපටයයි. මෙහි එක්තරා අනුවේදනීය අවස්ථාවක ගැයුණු පසුබිම් ගීයක් මට මේ මොහොතේ සිහිවෙයි.
”කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරු ලියා....”
මේ තනුව ඒ චිත්‍රපටය සමඟ කෙතරම් බද්ධ වී ද යත්, මම ශාලාවේ සිට කඳුළු සැලුවෙමි. මෙහි සංගීතය ක්ලැරන්ස්ගේ බව එකල මම දැන නොසිටියෙමි. එසේ ම “අපේක්‍ෂා” වැනි චිත්‍රපටවල “සඳතනිවෙලා” “සොඳුරු ලොවට මල් වැහැලා” වැනි අමරණීය තනු ක්ලැරන්ස් අතින් නිර්මාණය විය.
මිල්ටන් මල්ලවආරච්චි යනු ගායනය උපතින් ම ගෙන ආ පුණ්‍යවන්තයෙකි. ඔහු ගයන පී‍්‍රතිමත් ගීයක වුවද ශෝකයක් රැඳී පැවතීම ඔහුගේ හඬෙහි විශේෂත්වයයි. මේ සියල්ල එකට එක්වූ කළ රසභාව පිරි ගීයක් බිහිවීම අරුමයක් නොවේ. ඈත් ඉඳහිට මේ ගීතය ගුවන් විදුලි යන්ත්‍රයකින් හෝ, කොහේ හෝ තැටියකින් මට ඇසෙයි. මගේ සිත එක්වර ම පාසල් සමයවෙත ඇදීයයි. පන්ති කාමරයක ලියලා වැඩෙන සුන්දර ප්‍රේමයක් මා මනසේ මැවෙයි. ඉඳහිට ඔවුහු දෑස්වලින් කතා කරති. එහෙත් කලකට පසු ඔවුහු නාඳුනන උන් සේ ඉවත බලා ගෙන ගමන් කරති. මම ද එදා භෞතික විද්‍යා පන්තියේ මගේ ඇස ගැටුණු යුවතිය සිහිවෙයි. ඈ දැන් කොහි ඇති ද?

ඔබ ගියාම දුක මට දී
දුක තුළද ඔබම දකිමී...
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටඡ් මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී....
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්‌සියෙන් මියෑදී
ලොව සැනෙන් අඳුරෙ ගිලුනී
තරු උමතු දුකින් දැවුනී....
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළ ද ඔබම දකිමී....
______________________
පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී
ආදරයෙන් එක් වූ හදවත් දෙකක් බිඳී විසිරී සුණු විසුණු වී ගියොත්.... ඒ විරහව තරම් වේදනාවක් තවත් ඇද්ද....? ආදරයේ මිහිරත්, විරහවේ වේදනාවත් හරියට මහ සාගරය වගේ... ආදරය විරහවකට හැරුනොත්.... කෙළවර වෛරය වෙන්නත් පුළුවන්. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සම කළ හැකි බව අපේ කව්, ගීතවල සඳහන් වන්නේ ඒ නිසායි.
විරහවේ ප්‍රතිඵලය වෛරය නොවන අවස්‌ථා බොහෝමයි.
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී....
ඇත්තටම කොහොමද මේ දුක දරාගන්නේ. පෙම්වතා හැර ගියාම... ප්‍රේමය බොඳවී අවසන උරුම වන්නේ දුකම පමණි.... ප්‍රේමවන්තයන්ගේ සදාතන සිහිනය ටඡ්මහල්... ආදරයේ සංකේතය.... ඒත්.... ඔබ මා හැරදා ගිය පසු ඒ උත්තරීතර සිහිනයට කුමක්‌ද සිද්ධවන්නේ... එය විසිරී යනවා.... අනාතව සැරිසරන මගේ සිත ඉකිබිඳිනවා....
වියෝ වේදනාව ..... තදින්ම හදවතට වදින ගීයක්.... මේ හැඟුම්බර පදවැල් එක හුයකට ඇමිනුවේ නිලාර්.... නිලාර් එන් කාසිම්...
"මේක අපේ ක්‍ෂේත්‍රයටම සම්බන්ධ මගේ ජනප්‍රිය යාළුවෙකුගේ අත්දැකීමක්.... පෙම් සබඳතාව පළුදු වූ අවස්‌ථාවක මේ යහළුවාගේ පෙම්වතිය ඔහුට හසුන්පතක් එවනවා... දැඩි මිත්‍රත්වය නිසාම ඔහු මට මේ හසුන පෙන්වූවා.... ඒ තුළ තිබූ දේ මේ ගීය ලියන්න මට නිමිත්තක් වුණා... නිලාර් ගීයේ ආරම්භය ගැන කළේ එවන් සඳහනක්....
ගීතය වෙත ඔබේ අවධානය යොමුකරන්න... හොඳින් රස විඳින්න.... දැනෙන්නේ නැද්දරෑ මේක තාවකාලික දුරස්‌වීමක් කියාත් හිතෙනවා.
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්‌සියෙන් මියෑදී
ලොව සැනෙන් අඳුරෙ ගිලුනි....
තරු උමතු දුකින් දැවුනී....
මේ පෙම්වතියගේ සෑම සබඳතාවක්‌ම රඳාපවතින්නේ ඔහු මතයි... ඒක සියුම් හුයක් වගේ... ඒ හුය කැඩුණොත් ඇගේ ජීවිතයම අනාථ වෙනවා. ලෝකයේ පැවැත්ම තියෙන්නේ හිරුගේ ආලෝකය නිසා... ඔහු ඇය අතැර ගියා... හිරුත් ඒ දුකට මිය ගිහිං.... ලෝකය අඳුරු වුණා... තරු පවා උමතුව දුක්‌වුණා...
බලන්න විරහව කොතරම් ප්‍රබලද කියා..... වියෝ වේදනාවට මේ මුළු ලෝකයම දවා අළු කරන්නත් පුළුවන්.
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළ ද ඔබම දකිමි....
බොහෝ පෙම්වතුන්ට විරහවත් සමඟ උපදින්නේ වෛරය... ඒත් මේ පෙම්වතිය වෙනස්... ඔබ මට දුකදී ඈත් වුණා... ඒත් මට හිතෙන්නේ ඔබ මා ළඟම ඉන්නා බවයි... මම වෙන කිසිවකු ගැන හිතන්නේ නෑ... මා සිහින පුරන්නේ ඔබ ගැනමයි.... ඒ නිසා... ඔබදුන් දුක තුළ මා දකින්නේත් ඔබම පමණයි....
නිලාර් කියන ආකාරයට මේ පෙම්වතිය තම හැඟීම්වලින්, කඳුළු තුළින් විතරක් නොවේ හෙළන සුසුම් වළින් ද දකින්නේ හැරදා ගිය පෙම්වතාවමයි.
මේ ගීතය ඇසූ බොහෝ කාන්තාවන් මට කතා කළා... වරෙක කටුනායක වැඩ කරන යුවතියක් දුරකථනයෙන් පැයක් විතර හැඬුවා. ඔයා ලියා තියෙන්නේ මා ගැනමයි කියා ඈ ඉකිබින්දා... ඒ නිලාර් මේ ගීය නිසා ලද ප්‍රතිචාරයක්.
සත්‍යයකි. විරහව විඳින ඕනෑම කාන්තාවකට මේ ගීය පොදුය. මේ එවන් යුවතියන්ගේ හෘද සාක්‍ෂිය කියෑවීමකි.
රෝහණ වීරසිංහගේ සංගීතය විරහ දුක වඩාත් දනවන්නක්. ගීතය ආභාෂයට ගෙන ඇති රාගය විරහා ලාපයකට උචිත බව වරෙක විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන තමන්ට කී බව ද නිලාර් සිහිපත් කළා.
මේ ගීයෙ පද පෙළින් පෙළට නිමා කර තිබෙන ආකාරය බලන්න.... එහි ඇත්තේ එකම රිද්මයක්. මේ රිද්මය ගීතයට පමණක් නොව ගායනයට ද අපූර්ව අලංකාරයක් ලබාදී තිබෙනවා.... ගීයෙ හඬ පිළිබඳ අමුතු සඳහනක් අනවශ්‍යයි. ඇය නිරෝෂා විරාජිනී... ගීය ගයද්දී සැබෑවටම මෙය ඈ ලද අත්දැකීමක්‌දෝයි සිතෙන වාරද අනන්තයි. ඒ තරමට ඇගේ හඬ හැඟුම්බරයි....

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකි...෴
රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමාරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද
වැඩ පළේ වහළ උඩ අඬන කොවුලනී
මොකද මේ තොපට නැතිවාද බඩගිනී
නම කියා විහිළු කළ කුරුලු දරුවනී
පර වුණා ම එරබදු මලෙත් නෑ පැණී
එනතුරා පැලට අවුරුද්ද දුක නැතී
මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී
_____________________
පද රචනය - රත්න ශ්රී විජේසිංහ
සංගීතය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගායනය - සුනිල් එදිරිසිංහ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නළාව පිඹපන් කොහෝ කොහෝ...
ඈත ගුවන් විදුලි යන්ත්‍රයකින් ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගී පද වැලක් මට ඇසෙයි. එය මට අවුරුදු එන බව යළි යළිත් මතක් කරදෙයි. මම ඒ ගුවන් විදුලි යන්ත්‍රය තිබෙන දිශාවට තව තවත් ළං වෙමි.
“කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ
කෝකිල කූජනය නැඟෙයි
ලිය ගොමු අතරේ මධුර වසන්තේ
ඒ සෝමතිලක ජයමහ ගේ හඬයි. අවුරුද්ද ළඟ ළඟ ම එයි. මම මගේ පසුම්බියට අත යවමි. එහි මා ඉපයූ ධනය ස්වල්පයක් තැන්පත් ව ඇත. දැන් ඉතින් නොමසුරු ව වියදම් කළ යුතු ය. මම මොටෝරිය පදවාගෙන නගරයට යමි. නගරය කඩි ගුලක් ඇවිස්සුණා සේ ය.
“පාර දෙපැත්තේ
සොඳුරු සල්පිල්වල දෙවි ලොව නැති
සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන්
තඹයට දෙන්නේ
නිබඳ සිත ළතවෙන්නේ
ශෝභාව දේ...
තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ ලූෂන් බුලත්සිංහලයන් මැවූ සිංගප්පූරුව මට සිහිවෙයි. මොටෝ රියේ ලාච්චුවෙන් කැසට් පටයක් රැගෙන මම මගේ කැසට් යන්ත්‍රයට ඇතුළු කළෙමි. ලෝකය මොහොතක් නතර වූවා සේ ය. ඒ ඇසුණු ගීයෙන් මම ගල් ගැසුණෙමි.
“රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමාරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද
ඒ සුනිල් එදිරිසිංහයන්ගේ හඬ ය. සල්පිල් අතර එහා මෙහා දුවන සෙනඟ අතරේ දෙනෙත් රඳවාගෙන සිටි මට මේ වසන්ත සමයේ හඬා වැටෙන ආත්මයක දෝංකාරය ඇසෙන්නට විය. නගරයේ ශ්‍රමය කැප කරන්නෝ අවුරුදු සමයේ ගම් රටවල් බලා ඇදෙති. ඔවුහු රණවරා මල් මනසින් දකිති. සරා සඳ ගමේ කඳු මුදුනට උදාවන ආකාරය සිහිපත් කරති.
ඔවුහු තම ගම් රටවල් වලට ගොස් ඒ සිහිනය දින කීපයක් හෝ සැබැවින් දැක ගනිති. දැනටමත් සඳ සරා කුමාරිය කඳු මුදුනට වී ඔවුනට අත වනන්නී ය. මේ සියල්ල දකිමින් ගමට යන්නට නොහැකි ව ළතවෙන මිනිසුන් නොසිටී ද? ඔවුන්ට විවිධ රැකියා තුළ මේ වසන්ත සමයේ සිරගත වන්නට සිදුවී තිබේ. ඔවුන්ගේ හාම්පුතුන් ඔවුන්ට ගමට යන්නට ඉඩ දෙන්නේ නැත. ඉඩ දුන්න ද ඔවුන් අත ඉතිරි වී ඇත්තේ සොච්චම් වැටුපකි. එවන් ශ්‍රමිකයකු ගේ ආත්මීය අඳෙීනාව වෙත ගීත රචකයා මනා ව ප්‍රවේශ වී තිබේ. මනා ව සංවේදී වී තිබේ.
අනේක විධ මිනිසුන් අවුරුදු සිරිය භුක්ති විඳිද්දී තමන් වැනි මිනිසුන් මුහුණ දෙන ඉරණම පිළිබඳ ඔහුට ඇතිවන්නේ වේදනාවකි. වැඩපළේ වහළ උඩටත් කොවුලෝ පැමිණ සිටිති. බඩගිනි නොදැනෙන්නාක් මෙන්, ඔවුහු නොකඩවා ගායනා කරති. මේ කොවුල් හඩ ඉදිරියේ තමා මැලවී ගිය එරබඳු මලක් හා සමාන බව ඔහු සිහිපත් කරයි. තම දුක අසන කුරුල්ලන්නට ඔහු මේ ඛේදනීය යථාර්ථය විවරණය කරයි.
“වැඩ පළේ වහළ උඩ අඬන කොවුලනී
මොකද මේ තොපට නැතිවා ද බඩගිනී
නම කියා විහිළු කළ කුරුලු දරුවනී
පරවුණා ම එරබදු මලෙත් නෑ පැණී
රචකයාගේ කවිත්වය මෙහි අවසාන වැකියෙන් මනාව තහවුරු වෙයි. ආර්ථික දරිද්‍රතාව මිනිසකුගේ ආත්මය බිඳ දමන ආකාරය සිංහල අවුරුද්ද හා බැඳුණු පාරිසරික සාධක යොදා ගනිමින් රචකයා ඉදිරිපත් කරන්නේ රසික හදවත් ප්‍රකම්පනය කරමිනි. රත්න ශ්‍රී ගේ කවිත්වය අරක්ගෙන ඇති වාග් ප්‍රයෝග බොහොමයක් මේ තුළ අන්තර්ගත ව පවතී.
ධනවාදී සමාජයක දයාව කරුණාව නොමැත. ශ්‍රමිකයාගේ හැඟීම් එහිදී තක්සේරුවකට භාජනය නොවේ. තම රැකියාව රැක ගැනීමට නම් ඔහු නිෂ්පාදකයා වෙනුවෙන් දිවා රාත්‍රී ශ්‍රමය කැප කළ යුතු ය. එහිදී නිෂ්පාදකයට ඔහු පෙනෙන්නේ තවත් හිත් පිත් නැති යන්ත්‍රයක් ලෙස පමණි. මට එක් වර ම සිහිවන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ යුගාන්තය නවකතාවේ මුණ ගැසෙන සයිමන් කබලාන නම් වූ ව්‍යාපාරිකයාගේ සිතුවිල්ලකි.
“මිනිසුන් නොතළා උන්ගේ ශ්‍රමය මුදලට හැරවිය නොහැකි ය. ශ්‍රම ශක්තිය රන් ආකරයක් සේ සලකන ශූරයා පස්ගල් තළා පෙළා මීරන් ගොඩ දමන්නාක් මෙන් ශ්‍රම ශක්තිය මිරිකාගෙන එයින් ධනවත් වෙයි. එය ලජ්ජාවෙන් නොව ගර්වයෙන් සැලකිය යුතු කාරියකි.”
(යුගාන්තය - මාර්ටින් වික්‍රමසිංහ)
මේ ගීතයෙහි මුණ ගැසෙන ශ්‍රමිකයා මේ චින්තනයේ ගොදුරක් බවට පත් වූවකි. ඔහුට දැන් ගැලවීමක් නොමැත. තම නිදහස වළලාගෙන ඔහු උක්දණ්ඩක් මෙන් මිරිකෙමින් අනිකකු වෙනුවෙන් ශ්‍රමය කැප කරයි. එහෙත් ඔහුට ඔහුගේ මූලික අවශ්‍යතා හෝ ඉටුකර ගත නොහැකි ය. රත්න ශ්‍රී ඔහුගේ දුක්බර ආත්මයට තව තවත් සමීප වෙයි. බිරිය දරුවන් දැක ගැනීමට ඇති ආශාව, ඔවුන් සමඟ මොහොතක් හෝ සතුටින් සිටීමේ ආශාව ඔහු මනසේ ද හට ගනී.
“එනතුරා තුළට අවුරුද්ද දුක නැතී
මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී
මේ ගී පද රචනා වේ ප්‍රබලතම කාව්‍යෝක්තිය මෙයයි. මේ ශ්‍රමිකයා කිසිවකුට ශාප නොකරයි. තමා එනතුරු බිරිය මග බලා සිටින පුංචි දුව සිහිවී නෙතට නැඟෙන කඳුළ ඔහු ම පිසදා ගනියි. පඩි රැගෙන ගමට යන්නට වරප්‍රසාද ලැබූවන් කෙරෙහි ඔහු වෛර නොකරයි. ඔවුන් අතේ තමන් ගේ කඳුළු ගමට යවන්නට හැකි බව සිතා ඔහු සියලු දුඞඛ දෝමනස්සයන් උපේක්ෂාවෙන් විඳගනියි. එහෙත් ඒ උපේක්ෂාව ඉදිරියේ රසිකයා කම්පනය වෙයි. සංයමශීලී ව විරෝධාකල්ප ගොඩනැඟූ ජනකවි සාහිත්‍යයෙන් රත්න ශ්‍රී නොමඳ ව ආභාසය ලබා තිබේ.
“ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ
යන්නේ කවදා ද මවුපියො දකින්නට”
මේ ජන ගී රිද්මය පාදක කරගෙන තම සංගීත ආකෘතිය ගොඩනැඟීමට පණ්ඩිත් අමරදේවයෝ සමත් වෙති. එය සුනිල් එදිරිසිංහයෝ සුගායනය කරති.
රසකැවිලි තෑගි බෝග තුරුලු කරගෙන මේ වනවිටත් ශ්‍රමිකයෝ ගමට ඇදෙති. සාක්කුව හිස් වුව ද මුහුණේ සිනා උතුරයි. ඒ නිදහසවත් නොලබන මිනිස්සු රටක් කිරි උතුරන දවසේ කම්හල් තුළ දහඩිය වගුරවති. ඔවුන්ගේ සුසුම් වැදී එරබදු මල් පරවී බිම වැටෙයි.

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට...෴
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු...
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී
_________________________
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී තනු - සරත් දසනායක
ගී හඬ - එච්.ආර්. ජෝතිපාල
එච්. ආර්. ජෝතිපාල සමඟ වචනයක් කතා කිරීමේ අවස්ථාවක් මට ලැබී නැත. ඔහු ගී ගයන වේදිකාවල වේදිකාවේ අසලින් ම සිට ඔහු ගී ගයන අයුරු මම බලාසිට ඇත්තෙමි. මා කුඩා අවදියේ මට ඔහු වීරයෙකි.
එහෙත් මා උසස් පෙළ හදාරද්දී මා ඔහු කෙරෙහි දැක්වූ ආකර්ෂණය මඳක් අඩුවිය. මා සරසවි සිසුවකු ව සිටින අවදියේ මම ඔහු ප්‍රතික්‍ෂේප කළෙමි. ඔහුගේ අවමඟුල් උත්සවයට ලක්‍ෂගණන් පොරකමින් සහභාගි වෙද්දී මම බොරැල්ල කනත්තට නොගියෙමි.
එහෙත් මා වයසින් මුහුකුරා යනවිට මම නැවතත් ඔහුට ආදරය කරන්නටත් ගෞරව කරන්නටත් පටන් ගතිමි. එය එසේ වූයේ මිය ගිය ජෝතිපාලයන් ව පමණටත් වඩා ජනමාධ්‍ය විසින් පුම්බනු ලබන නිසා නොවේ. වර්තමානයේ බොහෝ ගායක ගායිකාවන්ගේ රසිකයන් නොදකින කුහකකම් (ඔවුන් ඇසුරු කරද්දී) මට දැනෙන විට ජෝතිපාලයන් ගේ අගය වැඩියෙන් දැනෙන්නට පටන්ගත් බැවිනි.
ජෝතිපාල ගායන ලෝකයේ වීරයෙක් (පොරක්) බවට පත්වන්නේ ගැඹුරු හඬක් සහ ශ්‍රැතියට ගායනා කළ නිසාම නොවේ. ඔහු ජනපි‍්‍රයත්වයට පත්වන ප්‍රථම සාධකය බවට පත්වන්නේ සිංහල සිනමාවයි. ඉඳහිට නගරයට එන ගැමි තරුණයින් පවා චිත්‍රපටි හෙවත් බයස්කෝප් බැලීමට ඇබ්බැහි වන්නට පටන් ගන්නේ හැත්තෑව දශකය ආරම්භයේ පටන් ය. ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග රිදී තිරයේ වීරයන් විය.
මේ වීරයන් ගේ ජවනිකා වෙනුවෙන් පසුබිම් ගීත ගායනා කළේ එච්.ආර්. ජෝතිපාලයන් ය. ඒ වීරයන්ගේ වීරත්වය නැවත නැවතත් තලුමරමින් සිනමා ශාලාවෙන් පිටවෙන ප්‍රේක්‍ෂකයන්, මුමුණමින් ගියේ ජෝතිපාල ගැයූ ගීතයන් ය. ඒ සමඟ ම මේ පොදු ජන රසිකයන්ගේ හදවත්වල කොනක ජෝතිපාල තැන්පත් විය.
මීළඟ සාධකය වන්නේ ජනතාවට හුරු පුරුදු හින්දුස්ථාන් මිහිරි තනු නිර්මාණ වඩා හොඳින් අනුකරණය කිරීමට ජෝතිපාලට තිබූ හැකියාවත් ඒ තනුවල රසය නොනැසෙන ලෙස ගී පද රචනා කළ හැකි රචකයන් එකල සිනමාව පසුපස සිටීමත් ය.
එසේම සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාස වැන්නන් ගේ ස්වාධීන තනු නිර්මාණයන්ගෙන් ද සමන්විත සිනමා ගීත ජෝතිපාලයන්ගේ මධුර හඬට නොමඳ සහායක් ලබාදීමත් ය. සිනමා ශාලාව දෙදරා යන ආකාරයේ පිරිමි හඬක් ජෝතිපාලයන් සතුවූ අතර එය නළුවන්ගේ පෞරුෂයට ද ආභරණයක් විය.
ජෝතිගේ ජනපි‍්‍රයත්වයට තුඩු දුන් අනෙක් සාධකය වන්නේ ඔහු හිත හොඳ මිනිසකු වීමයි. වර්තමානයේ බොහෝ ගායකයින්ට නැති නිහතමානී බවක් හා මනුස්සකමක් ඔහු සතු වූ බවට සාක්‍ෂි ඔහු වටා සිටියෝ මට වඩා දනිති. ඔහු ගැයූ සමහර ගීතවල පදමාලා නීරස වුවද මිහිරි තනු හා ගායන පෞරුෂය ඉදිරියේ එම නීරස පදමාලාද රසවත් විය. තත්සර ඇසුර සඳහා තෝරාගෙන ඇති මේ ගීය ජෝතිගේ බොහෝ ගීවලට වඩා සෑම අංශයෙන් ම වෙනස් වූවකි.
මෙහිදී අපට මුණගැසෙන්නේ තරුණියකගේ අතගන්නට බලාපොරොත්තුවෙන් සිටින්නාවූ තරුණයෙකි. ඔහු ජීවිතයේ මෙතෙක් අත්විඳිනු ලැබ ඇත්තේ දුක්බර අත්දැකීම් ය. ඔහුගේ පෙම්වතිය ජීවිතය සැපවත් කරනු ඇති බව ඔහුගේ විශ්වාසයයි. ඒ නිසා තොල් වියළුණ පිපාසයට ඇය දිය පොදකි. උතුරා යන විඩාවට නුගරුකකි.
පැතුම් සුන් ජීවිතය මල් නොපිපුණු තඩාගයකට සමකරන රචකයා ඇය තඩාගයේ මලක් බව පවසයි. ඒ නිසා ඇගේ අගය අදට වඩා හොඳින් දැනෙන්නේ අනාගතයේ දී ය. රචකයා ගේ ගැමි වහර ජෝතිගේ ගායන පෞරුෂය සමඟ මෙහිදී මනාව සංයෝජනය වෙයි.
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...
මේ තරුණයාගේ හා තරුණියගේ ප්‍රේමයට බාධකයන් ද පවතී. ඇතැම්හු තැනින් තැන ඇනුම් පද පවසති. ඒ පිළිබඳ ව පෙම්වතා තුළ ඇත්තේ උපේක්‍ෂා සහගත හැඟීමකි. ඔවුන් ගැන ඕපාදූප කියන අවට සමාජය ඔහුට පෙනේනේ අරුත් සුන් වදන් පවසන ගිරාපෝතකයන් ලෙසිනි.

එහෙත් සමාජයෙන් දොස් ඇසීමට තරුණිය තුළ ඇත්තේ බියකි. තම ප්‍රේමය දිග්විජය කිරීමට යාමේදී අවට ලෝකය බාධා කරාවිද යන බියෙන් ඈ තිගැස්සෙයි. එහෙත් ජීවිතය ජයගැනීම පිළිබඳ ධනාත්මක ආකල්පයක් හා ආත්ම විශ්වාසයක් මේ යෞවනයා තුළ පවතී. තම ආත්ම විශ්වාසය ප්‍රදර්ශනය කරන තරුණයා ඇය ව සනසනු ලබයි.
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
මේ ගැමි තරුණයා ධනේශ්වර සමාජයේ ඇතැම් තරුණයන් මෙන් රොමැන්ටික් සිහිනයක සැතපෙන්නෙක් නොවේ. ජීවිතය දුෂ්කර බව ඔහු දනී ඔහු ධනේශ්වර සමාජයේ කුහක ආකල්ප ඉදිරියේ නොසැලී ජීවිතයේ අරුණලු දැකීමට ප්‍රාර්ථනා කරයි. ජීවිතයේ දුෂ්කරත්වය වටහාගත් ඔහුට ඒ දුෂ්කර බව ජය ගැනීමේ වෙර වීරිය ලැබෙන්නේ තම පි‍්‍රයාවියගේ මුදු මොළොක් වදන් හේතුවෙනි. දුක් කරදර අතරින් සැනසුම පෙරා දීමට ඒ සෙනෙහස සමත් ය.
ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...
ඔහුගේ පෙම්වතිය ද සුරංගනා ලොවක ජීවත් වන්නියක නොවේ. ඔහුගේ දිවිමඟ ඈ නිසා සුවඳවත් වෙයි. ඇය ද භෞතික සැප සම්පත් හඹා නොයන්නියකි. සිව්සැට අබරණින් කසී සළු වලින් ගාන්ධාර විලවුන් වලින් නොසැරසුණ ද ඈ රූමතියකි. වැඩවසම් සමාජයක අල්පේච්ඡ ජීවිතයක් ජය ගැනීමට අවශ්‍ය සියලු ම පසු බිම ඈ තුළ පවතී.
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී
ජෝතිපාලයන්ගේ හඬ පෞරුෂය නම්‍යශීලී වූවකි. බටහිර සංගීතයට ද හින්දුස්ථාන් සංගීතයට ද ගැමි සංගීතයට එය නම්‍යශීලී වෙයි. ඔහුගේ හඬ දාර්ශනික හඬක් නොවේ. ඒ නිසා එය වඩාත් බද්ධ වන්නේ පාණ්ඩිත්‍යයෙන් නොපිරි සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කරනු පිණිසයි.
අමරදේවයන් ගේ, වික්ටර් රත්නායකයන්ගේ වැනි බුද්ධිය හා සාමය එක්තැන් කරන හඬක් ඔහුට නොමැත. එහෙත් හොඳ පපුවක් ඇති නාගරිකයකු මෙන්ම එඩිතර ගැමියකු ඔහු ගේ හඬ තුªළින් ඉස්මතු වෙයි. එම නිසා ම ඔහුගේ හඬ නිර්ලෝභී ව මෙන් ම නිර්ව්‍යාජ ව ඒක රාශී වූයේ එබඳු රසික පිරිසකි.
සිංහල සිනමාවේ වාසනාවට ජෝති උපන්නාක් මෙන් ම ජෝතිගේ වාසනාවට හින්දි තනුවලට සැබෑ ජීවයක් දිය හැකි ගීත රචකයන් මෙන්ම ප්‍රතිභාපූර්ණ සංගීතඥයන් ද එකල හිඟ නොවිණි. ඔවුන්ගේ පිහිට ජෝතිට ලැබුණු අතර ජෝති ගේ පිහිට ඔවුන්ට ලැබිණි.
මා මෙහිදී ජෝති ගැන වැඩි වැඩියෙන් සඳහන් කළේ, ඔහු අධ්‍යයනය කළ යුතු සමාජ විද්‍යාත්මක චරිතයක් බැවිනි. ඔහු තමාට ආදරය නොකොට අනුන්ට ආදරය කළ මිනිසෙකි. සාමාන්‍ය මිනිසකු සේ ජනතාව අතර සැරි සැරූ චරිතයකි. ඔහුව අනුකරණය කිරීම කිසිවකුට කළ නොහැකි ය. ඔහු අනුහස් සහිත මිනිසෙකි. ඒ නිසා ම ගීතයට වඩා ඔහු ගැන සඳහන් කිරීම ගැන ඔබ මට සමාව දෙනු ඇතැයි මම සිතමි. ඔහු ගීතය නැමැති වියළුණු තඩාගයක මල් පුබුදවීය. ජෝතිපාල ගැයූ නිසා ම ජනපි‍්‍රය වූ ගීත ද විශාල ප්‍රමාණයක් පවතී.
"පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගය කරයි හෙට අදටත් වඩා රට”

Subscribe to:
Posts (Atom)